"සදිසිතරණය" ටෙලිනාට්‍ය හරහා අප හඳුනාගත් සම්මානනීය යොවුන් චිත‍්‍රපට අධ්‍යක්ෂ දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ චිත‍්‍රපට ද්ව්ත්වය වන ‘භවතරණ’ සහ ‘ගිරිවැසිපුර’ තිරගතවීමට නියමිත චිත‍්‍රපට දෙකකි. එයින් ‘භවතරණ’ සිනමාපටය දෙසැම්බර් මස 3 වනදා සිට ලාංකේය සිනමාශාලා හිදී ප්‍රදර්ශණය වීමට සැරසෙයි.
ලක්ෂ පන්සීය හැත්තෑවක පිරිවැයක් යොදා නිර්මාණය කරන ලද භවතරණ බොහෝ කාලයක් තිස්සේ ප්‍රදර්ශනය වෙනුවෙන් බලා සිටි සිනමාපට ගොන්නෙන් එකකි. මීට වසර එකොළහකට පමණ ඉහත දී අජිත් මෙන්ඩිස් නම් රචකයාගේ සිතේ උපන් සංකල්පයකට අනුව ලියැවුණු භවතරණ කතාව එයට වසර කීපයකට පසුව අහඹු ලෙස ප‍්‍රවීණ රංගන ශිල්පී ශි‍්‍රයන්ත මෙන්ඩිස් මහතා මාර්ගයෙන් දේවින්ද කෝන්ගහ අතට පත් වෙන්නේ ඔහුගේ සිහින සැබෑ කරමිනුයි. ඒ 2009 වසරේදීය. ඊට පසුව 2014දී ‘භවතරණ’ චිත‍්‍රපටයේ වැඩ සියල්ලම අවසන් කිරීම් සිදුකිරීමට අධ්‍යක්ෂකවරයා ඇතුළු කණ්ඩායම සමත්කම් කීය.මෙහි තිරරචනය සහ දෙබස් දේවින්ද විසින් සිදුකර තිබෙයි.මෙය ඔහුගේ කුළුඳුල් සිනමා සිත්තමයි.
2015 වසරේ දී ‘භවතරණ’ දිල්ලි අන්තර් ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමට ලද භාග්‍ය සිනමාපටය ලද සුවිශේෂී ජයග්‍රහණයකි . ඒ වසර පනස් තුනකට පසු ලාංකේය චිත‍්‍රපටයකට ලැබුණු අවස්ථාවක් විය.මෙම චිත‍්‍රපට උළෙලේදී ‘භවතරණ’ හොඳම සිනමාපටයට හිමි සම්මානය දිනා ගනු ලබන්නේ අනෙකුත් තරගකාරී සිනමාපට අභිබවා යමිනුයි. එතනින් නොනැවතී චීනයේ පැවති අන්තර් ජාතික සිනමා උළෙලයන් දෙකකදී ‘භවතරණ’ විශිෂ්ඨතම චිත‍්‍රපටය ලෙස සම්මානයන්ට පාත්‍ර වී තිබෙයි.
උඩරට රාජධානියේ සුප‍්‍රකට ඓතිහාසික චරිත වටා ඈඳුනු අප‍්‍රකට සංකීර්ණ සමාජ සංසිද්දී හා ඒ අනු සාරයෙන් ගොඩනැගුණු මතභේදාත්මක කරුණු සංවේදී ලෙස සියුම්ව ගෙනහැර දක්වමින් එම සංකීර්ණ ඉතිහාස කේන්‍ද්‍රය තුළ 1760 යුගයේ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුගේ පාලන තන්ත‍්‍රය තුළ දේශපාලන හා ආගමික මැදිහත් වීමෙන් සිදු වූ රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයත් ඊට සාපේක්‍ෂව එම යුගයට මෙපිටින් , වර්තමාන වාණිජ්‍යමය සමාජයේ , අරමුණු කරා දිවෙන වෙහෙසකර යාන්ති‍්‍රක මිනිසුන්ගේ ඛේදාන්ත ජීවිත සංවේදී ලෙස ‘භවතරණ’ තුළ වියමන් කර තිබෙනවා. එමෙන්ම පුනුරුප්පතියක් හරහා පෙර සහ අද සමාජය ගැන ආගමික දේශපාලනික වශයෙන් ප්‍රේක්ෂකයන්ට වෙනස්ම වූ පරිසරයක් සිනමාපටය හරහා නිර්මාණය වෙයි.
සිනමාපටයේ මාලිනී ෆොන්සේකා, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, චන්දික නානායක්කාර, රොෂාන් රවීන්ද්‍ර, රොෂාන් පිලපිටිය, උදයන්ති කුලතුංග, දර්ශන් ධර්මරාජ්, කංචන කොඩිතුවක්කු, සංකේත් වික්‍රමගේ, කුමුදු නිශාන්ත, බුද්ධික ලොකුකැටිය, ශ්‍රීමාල් වෙඩිසිංහ, තිදස් වික්‍රමසිංහ, ගනේන්ද්‍ර කෝන්ගහගේ සහ ජගත් වික්‍රමසිංහ ඇතුළු පිරිස රංගනයන් හා හා එක්ව තිබෙයි.එමෙන්ම සජීව් රාජපුත්‍ර සිනමාවට හඳුන්වා දෙන්නේද භවතරණ හරහායි.
සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂණය - නවරත්න ගමගේ සහ ජගත් වික්‍රමසිංහ.
සංස්කරණය - ප්‍රවීණ් ජයරත්න
ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය - නිශාන්ත ප්‍රදීප්
අංග රචනා - නාරද ධනංජි තොටගමුව
කලා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන සැලසුම්කරණය - මනෝජ් වික්‍රමසිංහ, සමන් ශ්‍රී නාරායන, චින්තක විජේරත්න සහ රොෂාන් වර්ණකුලසූරිය
සහාය අධ්‍යක්ෂණය - සමීර හසුන්, නාරද රත්නායක, ෂර්ලි සමරසිංහ, අසංක, අසංග සහ සම්පත්
නිෂ්පාදන කළමනාකරණය - ගුණතිලක රණවක, ශෂික අබේවික්‍රම, බුද්ධික ලොකුකැටිය සහ සුලෝචන අකලංක
නිශ්චල ඡායාරූප - ධම්මික පතිරත්න
තාක්ෂණික කටයුතු - රුවන් කරුණාරත්න, චමින්ද පතිරත්න සහ බුද්ධික සේරසිංහ
නිෂ්පාදන සම්බන්ධීකරණය - නයනි කෝන්ගහගේ
භවතරණ රාජපුත්‍ර වීරසිංහ සහ ශිරාණි කැප්පෙටිපොලගේ නිෂ්පාදනයකි
පෝස්ටර් නිර්මාණය - ප්‍රදීප් ප්‍රේමලාල්
බුදු දහමයි දේශපාලනයි අතර තියෙන්නෙ සමීප සම්බන්ධතාවයක් ..
බුදුන්ගෙ කාලෙත් එහෙමයි..අදත් එහෙමයි..
ඒත් දැන් ඒ ගනුදෙනුව වෙනස්...
බුදු දහමෙන් දේශපාලනය යැපුනට....
බුදු දහමට බෑ අතකොලුවක් වෙන්න..
බුදු දහමට දේශපාලනයක් නෑ.....
දෙසැම්බර් 3 වනදා සිට තිරගතවීම් ඇරඹෙන විශිෂ්ඨ සිනමාපටය නැරඹීමට ඔබ සැමට Art Street - කලා වීදියේ අපෙන් ඇරයුම්.
තොරතුරු සහ ජයා රූ අන්තර්ජාලයෙනි










0 Comments