දෙසැම්බර් මස 22 වන දා සිට ලංකේය රිදී තිරයේ ප්‍රදර්ශනය සඳහා සැරසෙන බෙනට් රත්නායකයන්ගේ " කවුරුත් දන්නේ නෑ - NOBODY KNOWS " සිනමාපටය බොහෝ ලාංකීය ප්‍රේක්ෂකයන් කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි සිනමාපටයක් බව නොරහසකි. එමෙන්ම මෙම සිනමාපටය විදේශීයව ප්‍රදර්ශනය වූ අතර විදේශීයව සිටින ලාංකිකයින් බොහෝ දෙනාගේ ප්‍රශංසාවට සහ ආදරයට පාත්‍ර වුවකි.
බෙනට් රත්නායක යනු සම්මානනීය සහ ජනප්‍රිය සිනමාපට අධ්‍යක්ෂකවරයෙකි. අස්වැසුම සිනමාපටයෙන් සිනමා අධ්‍යක්ෂණයට පිවිසි එතුමා විශිෂ්ඨතම සිනමාපට අධ්‍යක්ෂණය වෙනුවෙන් සරසවි සම්මානයෙන් ද පිදුම් ලද අයෙකි. අස්වැසුම සිනමාපටය දේශීය සහ විදේශීය සම්මානයන්ට පාත්‍ර වූ එතුමාගේ විශිෂ්ඨ සිනමාපටයකි. තවද එතුමා විසින් සුළඟ, ඉර හඳ යට, නෙලා වැනි වෙනස්ම කතා තේමාවන් ගෙන් යුතුවූ සිනමා නිර්මාණ රැගෙන ආ අධ්‍යක්ෂකවරෙයෙකි. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම සිනමාපටය වන " කවුරුත් දන්නේ නෑ " සිනමාපටය මෙම මස 22වන දා සිට ප්‍රදර්ශනය ආරම්භ වන අතර මෙය ද එතුමාගේ අනෙකුත් සිනමාපට සේම වෙනස්ම කතා පුවතක් රැගත් සිනමාපටයකි.
" කවුරුත් දන්නේ නෑ " සිනමාපටය සමාජය තුළ අපට එදිනෙදා මුණ ගැසෙන චරිත කිහිපයක් හරහා කතාවක් ගොඩනඟනු ලබයි.සිනමාපටයේ කතාවට හානි නොවන අයුරෙන් ඒ චරිත අප මෙලෙස හඳුන්වා දෙන්නෙමු..
දුෂිත මන්ත්‍රීවරයෙක් වෙනුවෙන් ඔහුට අභියෝගයක් වූ කම්කරු කාන්තාවකි.
ඇගේ අභියෝගයන් හමුවේ පොල්ගෙඩි අටක් හොරකම් කරපු වරදින් දඬුවම් විඳින පාසල් දැරියකි.
මේ සියල්ලටම එහා තම උගත් දැනුම මුදලට විකුණන සමාජයක දෝලනය වන පුද්ගලයෙකු සමඟ මිතුරු වූ නීතිඥයෙකි.
තමාගේ සුඛවිවරණය වෙනුවෙන් තම රූප ශ්‍රියාව කාසි වලට විකුණන සුන්දර තරුණියකි.
මේ චරිත අතර යුක්තිය නිතිය සහ සාමය වෙනුවෙන් කැපවූ පොලිස් නිලධාරියෙකි.
මේ සියලු චරිත අතර හෙට දවසේ ජිවත් වන්නට සිහින දකින සිපිරි ගෙදර දඬුවම් ලැබූ දැරියගේ ඉරණම කුමක් වෙයිද?
සියළු චරිත එකිනෙකට බද්ධ කරමින් ගලාගෙන යන " කවුරුත් දන්නේ නෑ " සිනමාපටය හරහා සමාජීය වශයෙන් වැදගත් වූ කාරණාවක් ගැන කතා කරනු ලබයි. නීතිය ලොකු මිනිහාට ද පොඩි මිනිහාටද පොදු කරණක් වුවාට සල්ලි සහ බලය මත සියල්ල වෙනස් වන අයුරු අපුරුවට මේ අධ්‍යක්ෂකවරයා රැගෙන එයි.
එකම රටක්... එකම නීතියක්...
කාලෝචිත කතා අන්තර්ගතයකින් සමන්විත වූ මෙම සිනමාපටය අපට වසර කිහිපයකට පෙර කණට වැටුණු සත්‍ය සිදුවීමක් ද මතක් කර දෙන සුළුයි. නමුත් " කවුරුත් දන්නේ නෑ " සිනමාපටය ප්‍රදර්ශනය වන තුරු අපට නිගමනයකට එළඹීමට නොහැක.දෙසැම්බර් 22 වන දා ප්‍රදර්ශනය වන " කවුරුත් දන්නේ නෑ " කෙසේ නම් බෙනට් රත්නායකයන් විසින් රිදී තිරය මත අමුණා ඇතිද යන්න.
" කවුරුත් දන්නේ නෑ " සිනමාපටයේ ලාංකේය විශිෂ්ඨ, සම්මානනීය සහ දක්ෂ නළු නිළි රැසකගේ දායකත්වය ලැබූ සිනමාපටයකි. මෙහි රංගනයෙන් බිමල් ජයකොඩි, උදාරි වර්ණකුලසූරිය, සංගීතා වීරරත්න, ලකී ඩයස්, ගිහාන් ප්‍රනාන්දු, ජයනි සේනානයක, බුද්ධදාස විතානාරච්චි, දර්ශන් ධර්මරාජ්, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, උදාර රත්නායක, දුලීකා මාරපන, කුමාර තිරිමාදුර, ක්‍රිසල් ඉමේරා, ඇඩම් ආදිමලි, ටීනා ශනෙල්, එමාරා ප්‍රනාන්දු, ෂවන් ප්‍රනාන්දු, සත්‍යා රත්නායක සමඟ නිමේශා ඈන් එක්ව තිබෙයි.
" කවුරුත් දන්නේ නෑ " සිනමාපට නිෂ්පාදක කණ්ඩායම
කැමරා අධ්‍යක්ෂණය ධනුෂ්ක ගුණතිලකගෙ.
සංගීතය මිලින්ද තෙන්නකෝන්.
ගීත රචනා මහචාර්ය සුනිල් ආරියරත්න.
ගායනා ආචාර්ය නන්දා මාලිනී.
සංස්කරණය අජිත් රාමනායක.
සහාය අධ්‍යක්ෂණය ප්‍රසන්න ඉත්තෑපාන.
කලා අධ්‍යක්ෂණය සුජීව ගුණරත්න.
අංග රචනය ප්‍රියන්ත දිසානායක.
ශබ්ද පරිපාලනය අරුණ කළුආරච්චි.
වස්ත්‍රාභරණ කුමාර කරව්දෙණිය. වර්ණ සංයෝජනය දිනිදු ජාගොඩ.
විශේෂ දෘශ්‍ය ප්‍රයෝග චත්‍ර වීරමන්.
නිෂ්පාදනය සමන්මලී හේවාමාන්න
සිනමාපටයේ ජයාරූ අන්තර්ජාලයෙන් බව සළකන්න







0 Comments