Underpants Thief (ජංගි හොරා) හෙට දවසේ සමාජයේ කතා කරන මාතෘකාවක්.

 

ජංගි හොරා

18+ සංස්කෘතියෙන් සිරගත කරන සමාජයෙන් ගැරහුම් ලබන නීතියෙන් දඬුවම් විඳින මනුස්සකම ...

" මේ... මං තමුසෙගෙ අම්මත් නෙමෙයි.. 

නෝනත් නෙමෙයි..

සහෝදරිත් නෙමෙයි.. 

වැඩකාරිත් නෙමෙයි .." 

හය වන දිල්ලි ජාත්‍යන්තර සම්මාන උළෙලේ හොඳම සිනමාපටය ලෙසින් 2017 වසරේදී සම්මානයට පාත්‍ර වූ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ Underpants Thief (ජංගි හොරා) දෙසැම්බර් මස 23 වන දින සිට ලාංකේය සිනමාශාලා හී දී ප්‍රදර්ශනයට සැරසෙයි.

ළමා සහ මුළු පවුලටම එකට සිට නැරඹීමට සිනමාපට අධ්‍යක්ෂණය කළා වූ ආදායම් වාර්තා තැබූ අධ්‍යක්ෂකවරයෙක් වන සෝමරත්නයන් මෙවර වැඩිහිටියන්ට පමණක් සීමා කරමින්  Underpants Thief (ජංගි හොරා) මෙරට වැඩිහිටි සිනමා ප්‍රේක්ෂකයන් වෙතට ලබා දෙන්නේ ඔහුගේ සිනමා ගමනේ තවත් අභියෝගයක් සමඟයි.සරෝජා, පුංචි සුරංගනාවී, සමනළ තටු, සුරීය අරණ වැනි සිනමාපට හරහා ළමා මනස ස්පර්ශ කළ ඔහු මෙවර වැඩිහිටි මනස ස්පර්ශ කිරීමෙහිලා තෝරා ගෙන ඇත්තේ එක්තරා මානසික වියාධියකි.

කුඩා කල සිට අප විවිධ දේවල් එකතු කිරීමට කැමැත්තෙමු.. සමහරු මුද්දර එකතු කරද්දී සමහරු පැරණි කාසී එකතු කරනු ලබයි. ඒ වගේ බොහෝ දේවල් අපි විසින් ආසාවෙන් එකතු කරනු ලබන්නේ අපේ තෘප්තිය උදෙසායි. මේ දේවල් සාමාන්‍යයි. වැඩිවියට පත් වුවද ඒ පුරුදු අත් නොහරින පිරිස් වෙති. එහෙත් කවුරුන් හෝ පිරිමියෙක්  කාන්තා යට ඇඳුම් එකතු කරනවා නම්..?

එතන නම් ඇත්තේ අස්වාභාවික සහ අසාමාන්‍ය සිතුවිළි කොටසකි ...

මෙවැනි දෙයක් දැනගත් විට හෝ හසු වූ විට ඔහු සමාජය ඉදිරියේ හංවඩු ගසන්නේ අසහන කාරයෙක් ..පිස්සෙක්, ජංගි හොරෙක්  මෙන් එකී නොකී පරුෂ වචනයන් ගෙනි. එයින් නතර නොවී එවැනි අයෙකුට පහර එල්ලවීම, එසේත් නැතිනම් නීතිමය ක්‍රියාවලීන්ට පවා මුහුණ දීමට සිදුවෙන අතර තම පවුලට ද ඔහුට මුහුණ දීමට සිදුවෙන්නේ තමා සමාජයේ හංවඩු ගැසුණ වැරදි පුද්ගලයෙක් ලෙසිනුයි.


මෙවර ආචාර්ය සෝමරත්නයන් අපට "සෑම්" නම් තරුණයාව හඳුන්වා දෙන්නේ පෙර කී කාන්තා යට ඇඳුම් එකතු කරන අයෙකු ලෙසයි.  ඔහු කාන්තා යට ඇඳුම් සොරා ගැනීමේ අසහනයෙන් පෙළෙන අයෙකි. නමුත් ඔහු අසහනකරුවෙක් සේම කලා හදවතක් ඇති අයෙකි. ඔහුට අපුරුවට ගිටාරයෙන් සංගීතය වැයීමට  පුළුවන් කමක් තිබෙයි. සංගීතයට වගේම ඔහුගේ ලෝකයේ ප්‍රියතම දේ වුයේ කාන්තා යට ඇඳුම් පමණකි..මේ දේවල් මෙලෙස සිදුවෙද්දී තම වැඩිමල් සහෝදරයාගේ බිරිඳ වූ "නයනි" සෑම් ගේ මනස තේරුම් ගැනීමටත් ඔහුගේ මානසික ගැටලුවට විසඳුමක් සෙවීමට පියවර ගනු ලබන්නේ ඔය අතර තුරේදීය.

මෙවැනි කතා පුවතකින් සමන්විත වූ Underpants Thief (ජංගි හොරා) සිනමාපටය ප්‍රේක්ෂකයන් සහ සමාජය වෙත පණිවිඩයක් රැගෙන යනු ලබන්නේ අප අතරේ ද මෙවැනි වූ පුද්ගලයන් ජිවත් වන බවත් ඔවුන්ට අප විසින් කෙලෙස අපේ අවධානය ලබා දිය යුතුද පිළිසරණ විය යුතුද යන්නයි.


සිනමාපටයේ රංගනයෙන් "සෑම්" ලෙසින් පුබුදු චතුරංග එකතුවන අතර දිල්හානි අශෝකමාලා "නයනි" ලෙසින් විශිෂ්ඨ රංගනයක නියෙලෙනු ලබයි.එමෙන්ම චින්තක රන්දෙනිය , බුද්ධි රන්දෙණිය ඇතුළු තවත් රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් මේ සඳහා රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙයි.

Underpants Thief (ජංගි හොරා) සිනමාපටයේ කතාව සහ අධ්‍යක්ෂණය - ආචාර්ය සෝමරත්න දිසානායක 

නිෂ්පාදනය - රේණුකා බාලසූරිය 

කැමරාකරණය - විශ්ව බාලසූරිය 

සංස්කරණය - අජිත් රාමණායක 

සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ 

සිනමාපටය මේ වන විට Busan International Film Festival, Asian Film Festival, Osaka Asian Film Festival හි ප්‍රදර්ශනය වී ඇති අතර හය වන දිල්ලි ජාත්‍යන්තර සම්මාන උළෙලේ හොඳම සිනමාපටය ලෙසින් සම්මානයට පාත්‍ර වී තිබෙයි. මෙවැනි මානසික වියාධියෙන් පෙළෙන පිරිස් ගැන ලෝක සිනමාවේ සිනමාපට රාශියක් බිහි වී ඇති අතර Underpants Thief සිනමාපටයද ඒ ගොන්නට එකතු වන තවත් සුවිශේෂී සිනමාපටයක් වෙයි.

පසුගිය දිනෙක Underpants Thief  සිනමාපටයේ පුර්ව ප්‍රචාරක පටය සයිබර් අවකාශයට මුදාහරින ලද අතර ඒ හරහා සමාජ මාධ්‍යජලා තුල බොහෝ විට සිනමාපටයේ සිංහල අරුත ගැන විවිධ වූ කතා මතුවෙමින් තිබුණු අතර Art Street කලා විදියේ අපෙන් ඔබට අවසාන වශයෙන් කිව යුත්තේ මෙයයි.

පුර්වප්‍රචාරක පටයකින් සිනමාපටය ගැන අවතක්සේරුවක් නොකර සිනමාපටය නරඹාම සිතට අවංකවම සිනමාපටය ගැන කතා කරමු. එමෙන්ම සිනමාපටය මෙම මස 23 වන දින සිට ප්‍රදර්ශනය ඇරඹෙන අතර ලාංකේය සිනමාවට ආදරය කරන ඔබ සැමට සිනමාපටය නැරඹීමට අප ආරාධනා කර සිටින්නෙමු.

සිනමාපටයේ ජයාරූ අන්තර්ජාලයෙනි.



giza
















Post a Comment

0 Comments