දේශීය සිනමාව ආරම්භයේ සිටම එවක ලංකාවේ
ජීවත්ව ව්‍යාපාර කල ඉන්දීය ව්‍යාපාරිකයින් දේශීය සිනමාව ඇති කිරීමෙහිලා පුරෝගාමීන්
වූ බව පෙර ලිපි වල මා සඳහන් කලා ඔබට මතක ඇති.දේශීය සිනමාවේ වංශකතාව පටන් ගැන්ම
සමාරම්භ කිරීමට නිර්මාණය වූ
"රාජකීය වික්‍රමය" ගිණිබත් වී අහිමී වීමෙන් අනතුරුව ප්‍රථම කතානාද සිනමාපටය
නිර්මාණය කිරීමට වසර ගණන්නවක් ගත විය. නිහඬ සිනමාවෙන් මිදී කතානාද සිනමාව එවකට සිටි
ප්‍රේක්ශකයන් බොහෝ සේ ප්‍රිය කළහ.ඉංග්‍රීසී, හිංදී, ද්‍රවිඩ සිනමාපට කතානාද සිනමාපට ලෙසින්
ප්‍රදර්ශනය වෙද්දී දේශීය කතානාද සිනමාවේ පුරප්පාඩුව ලාංකික ප්‍රේක්ශකයන් ගේ හිත්
තුළ ජනිත වන්නට විය.එම වකවානූව තුළ සිනමාපට සේම වේදිකා නාට්‍යද එක සේ ජනප්‍රිය
යුගයක් විය.
1936 වසරේ නිර්මාණය වූ "පළිගැනීම"
දේශීය සිනමාවේ ප්‍රථම නිහඬ කෙටි සිනමාපටය ලෙසට පත් වීමෙන්
අනතුරුව 1940 දශකයේ අවසන් භාගයේ දී කතානාද සිනමාපටයක් නිෂ්පාදනය කිරීම සඳහා
එවකට ලංකාවේ සිටි ව්‍යාපාරිකයින් අතර තරඟයක් හට ගත්තේය. ඒ හේතුවෙන්ම කතානාද
සිනමාපටයක් නිර්මාණය කිරීමට ලංකාවෙන් ප්‍රථමව දකුණු ඉන්දියාවට "එන්.තුරෙයිසිංහම්" සහ "කොලින් විජේසූරීය" ප්‍රමුඛ කණ්ඩායමක් පිටව ගියේය. ඔවුන් විසින් පිහිටුවා ගත් "ෂන්මුග"
සමාගම යටතේ නිෂ්පාදනය කරමින් ආදරණීය කතා පුවතකින් සමන්විත වූ
"ලයිලා මජ්නූ" නම් තෙළිඟු සිනමාපටය ආශ්‍රයෙන් "දිව්‍ය ප්‍රේමය" නමින් සිනමාපටයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ පරමාර්ථය විය.ඔවුන්ගේ "දිව්‍ය ප්‍රේමය" ෂන්මුග චිත්‍රාගාරයෙත් පසුව මදුරාසියේ
නැප්චූන් චිත්‍රාගාරයේ දීත් නිෂ්පාදන කටයුතු සිදුවිය.
මේ කාලයේ දීම "චිත්‍රකලා මූවීටෝන්" සමාගම පිහිටවූ එවකට ලංකාවේ ව්‍යාපාර කල "එස්.එන්.නායගම්" එම සමාගමේ සිනමාපට අධ්‍යක්ෂක වූ "ශාන්තිකුමාර් සෙනෙවිරත්න" හා එකතුව "ශ්‍රී වික්‍රම රාජසිංහ" රජුගේ චරිතය ඇසුරෙන් සිනමාපටයක් නිර්මාණය කිරීමට සුදානම්
විය. නමුත් ඒ සඳහා යෙදිය යුතු වූ විශාලා ප්‍රාග්ධනය හේතුවෙන්ම ඒ සැලසුම ඔව්න්
අත්හැරියේය. පසුව
"අශෝක මාලා" කතා පුවත සිනමාවට නඟන්නට සැළසුම් කල අතරම "නායගම්"
ගේ අදහස වූයේ සිනමාපටයේ කතා පිටපත සඳහා තරඟයක් තබා හොඳම පිටපත
තෝරා එමඟින් සිනමාපටය නිර්මාණය කිරීමටයි. එවක පළවූ පුවත් පත හරහා තරඟය පැවැත් වූ
අතර ජයග්‍රහකයා සඳහා රු. 500ක් ලබා දෙන බවටද ප්‍රචාරය කරලීය.නමුත් තරඟය අවසානයේ හොඳම පිටපත
රචනා කර තිබුනේද
"ශාන්තිකුමාර් සෙනෙවිරත්න" විසින්මය.
"නායගම්" විසින් "ශාන්තිකුමාර්"ගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දෙන රු.500
යේ ත්‍යාග්‍ය ලබා දී එම කතා පිටපත ඔහු ලබා ගන්න ගියද "ශාන්තිකුමාර්" එයට අකමැත්තක් පළ කර ඇත. තවද ඔවුන් අතර
යම් ගැටලු මතුවීමත් සමඟම
"ශාන්තිකුමාර්" ඔහු ලියන ලද
"අශෝක මාලා" සිනමා පිටපතත් රැගෙන "චිත්‍රකලා මුවිටෝන්" සමාගමෙන් සමුගෙන සිලෝන් තියටර්ස් අධිපති වූ "චිත්තප්පලම් ඒ.ගාඩිනර්" හමුවිය. ඒ හමුවීමත් සමඟ "අශෝක මාලා"සිනමාපටය සිලෝන් තියටර්ස්" හරහා නිෂ්පාදනයටත් "ශාන්ත්කුමාර්" එම සිනමාපටයේ අධ්‍යක්ෂක වශයෙනුත් ගෙන
සිනමාපටයේ ඉදිරි කටයුතු ආරම්භ කරන ලදී.
"Broken Promise නොහොත් "කඩවුණු පොරොන්දුව" යන්න හලාවත
"මිනර්වා" කලා ආයතනය මඟින් 800
වාරයක් රඟ දැක්වූ ජනප්‍රිය වේදිකා නාට්‍යක් විය. මේ වේදිකා නාට්‍ය බැලීමෙන්
අනතුරුව "නායගම්"
ගේ හිතට අදහසක් ගෙනෙන්නේ "කඩවුණු පොරොන්දුව" නමින් එම කතාවම ගෙන සිනමාපටයක් නිර්මාණය කිරීමටයි. ඒ
බලාපොරොත්තුව සමඟ
"නායගම්" බී.ඒ.ඩබ්ලිව.ජයමාන්න
හා එක්ව "කඩවුණු පොරොන්දුව" සිනමාපටයකින් එළිදැක්වීමට සුදානම් විය. 1946 ජූනී මස 26 වන දින "කඩවුණු පොරොන්දුව" සිනමාපටයේ කණ්ඩායම ඉන්දියාවේ මදුරෙයි නගරයේ පිහිටි ජෙමිනි චිත්‍රාගාරයට ගොස් සිනමාපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරලීය.
1946 නොවැම්බර් මස දී "අශෝක මාලා"
සිනමාපටය
"ශාන්තිකුමාර්"ගේ අධ්‍යක්ශනයෙන් සහ "චිත්තප්පලම්" ගේ නිෂ්පාදනයෙන් මදුරාසියේ සෙන්ට්‍රල් චිත්‍රාගාරයේදී නිෂ්පාදන
කටයුතු ආරම්භ කිරීය.
"දිව්‍ය ප්‍රේමය" ,"කඩවුණු පොරොන්දුව" සහ "අශෝක මාලා"
සිනමාපට කණ්ඩායම් ත්‍රිත්වය අතරේ ඇති වූයේ තරඟයකි. කෙසේ හෝ
මෙයින් පළමුව පරාජයට පත් වූයේ
"දිව්‍ය ප්‍රේමය" සිනමාපටයයි. එයට ප්‍රධානම හේතුව "දිව්‍ය ප්‍රේමය" සිනමාපටයේ රූගත කිරීම් අතර තුරේ එහි ප්‍රධාන චරිතයට රංගනය
සැපයූ "ඊ.සී.බී.විජේසිංහ" (ප්‍රකට වේදීකා නළු) සිනමාපටයෙන් ඉවත්ව
යාමයී.
ඉන් අනතුරුව ප්‍රථම දේශීය කතානාද සිනමාපටය බවට පත් වීමට "කඩවුණු පොරොන්දුව" හා "අශෝක මාලා"සිනමාපට අතර ඇති වුයේ තවත් තියුණු තරඟයකි. කෙසේ හෝ මේ තරඟයෙන්
ජයග්‍රහණය ලැබුවේ
"බී.ඒ.ඩබ්ලිව්.ජයමාන්නගේ "කඩවුණු පොරොන්දුව" යි. එය 1947 ජනවාරී 21 දින දී 'කිංග්ස්ලී සිනමාශාලාවේ"දී දේශීය කතානාද සිනමා වංශයේ සමාරම්භක දිනය ලෙස සණිටුහන්
කරමින් එය තිරගත විය.
"කඩවුණු පොරොන්දුව" සිනමාපටය ඉමහත් ජනප්‍රියත්වයට සහ ජන ආකර්ශණයට ලක් වූ
සිනමාපටයකී. සිනමාපටය සඳහා දැරූ ප්‍රාග්ධනය රු.325,000 ක් වන අතර සිනමාපටය පෙන්වූ පළමු
දිනයේදීම පමණක් රුපියල් ලක්ෂ 22ක ආදයමක් ඉපයීමට හැකි විය.
පසු කාලීනව
"නායගම්" විසින් මෙරට ප්‍රථම සිනමා චිත්‍රාගාරය
වන "කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරය" 1951 වසරේ ජූනී 16
වන දින විවෘත කරන ලදී. එමෙන්ම 1954 වසරේ ආරම්භ කලා වූ "චලන චිත්‍ර"
සිනමා සඟරාවේ හිමිකරු වු යේද "නායගම්" ය.
පරාජයට පත් වූ "අශෝක මාලා" සිනමාපටය කතානාද සිනමාවේ දෙවනි සිනමාපටය ලෙසින් 1947
අප්‍රේල්
09 වන දින දී තිරගත විය. සිනමාපටය ඇතුළත්
වූ කතා පුවත නිසාම මේ සිනමාපටය ප්‍රේක්ශකයන් ගේ ප්‍රතිචාර වෙනස්ම එකක් විය. හුදෙක්
ප්‍රේක්ශකයන් කියා සිටියේ සිංහලයේ රජ කෙනෙක් වූ දුටුගැමුණු රජුට නිග්‍රහයක් මේ
තුළින් නැඟෙන බවයි.
සිනමාපට තරඟයෙන් මුළින්ම පරාජයට පත් වූ "දිව්‍ය ප්‍රේමය" කණ්ඩායමේ ඉරණම වෙනස් වූයේ එහි ප්‍රධාන
නළු චරිතය එයින් නික්ම යෑමයි. නමුත් එහි සිටි නළු නිළියන් යොදාගෙන 1946
වසරේ ප්‍රදර්ශනය වූ තෙළිඟු සිනමාපටයම් වන "ගෘහ ප්‍රවෙශම්" සිනමාපටය සිංහලයට "මන ප්‍රයත්නය" නමින් හඬ කවන ලදී. එය 1947 වසරේ මැයි මාසයේ දී තිරගත කරන ලදී. "මන ප්‍රයත්නය" විදේශීය සිනමාපටයක් සිංහල බසින් හඬ කවා ප්‍රදර්ශනය කල පළමු සිනමාපටය ලෙසට සිනමාවංශ
කතාවට එකතු වීම සිදුවිය.
දේශීය සිනමා වංශකතවේ ප්‍රථමව තිරගත වූ කතානාද සිනමාපටය ලෙසට "කඩවුණු පොරොන්දුව" මෙලෙස එකතු වන ලදී. ඒ අතරම තිරගත වූ අශෝක
මාලා සහ කපටි ආරක්ෂකයා එම වසරේ දීම තිරගත වූ දේශීය සිනමාපට වෙයි.
දේශීය සිනමාවේ සමාරම්භය සොයා ගිය ගමනේ තවත් එක් මංසන්ධියක්
මෙසේ රැගෙන ආවේ දේශීය සිනමාවට ආදරේ කරන සහ සිනමාව ඉගෙන ගන්නා දුවාදරුවන්
වෙනුවෙනුයි.ඒ නිසා වැදගත් දේ සැම විටම බෙදා ගන්න. shear කරලා අනිත් අයගේ බුද්ධියට යමක් එකතු
කරන්න උදව් වෙන්න.
තොරතුරු සිනමාව සම්බන්ධ පොත පතෙන් සහ අන්තර්ජාලයෙන් බව සළකන්න.
0 Comments