නවෝදා කෞමදි සමඟ
Art Street - කලා වීදිය
අපි
Question
Jessy කියලා කිව්වොත් බොහො අය දන්නවා. ඉතින් Jessy ට පණ දුන් ඔබ කවුද කියලා අපේ ප්‍රේක්ෂකයන්ට දැන ගන්නට, ඔබ ගැන හැදින්වීමක් කලොත් ?
Answer
Jessy ට රංගනයෙන් පණ දුන්න මම නවෝදා කෞමදි සමරතුංග. මට අවු:25යි. මගේ පවුලේ පස් දෙනෙක් ඉන්නවා. තාත්ති, අම්මා, මම, නංගී, මල්ලී. මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් ඉන්නවා. විදෙස් ගත වෙන්නත් බලාපොරොත්තු ඇතිව. ඒ අතරතුර තමයි මේ වැඩකටයුතුත් වෙන්නේ.
Question
Jessy ගෙ චරිතයට එකතුවන්න ලැබුනෙ කොහොමද ? සහ Jessy කියන්නෙ මොනවගෙ චරිතයක්ද කියලා ටිකක් විස්තර කලොත්?
Answer
Jessy ගේ චරිතයට මාව තෝරගන්නේ ලක්ෂාන් පෙරේරා. එයාලා තව තව අය අතරින් තමයි මාව මේකට හොඳයි කියලා හිතලා ගන්නේ. Jessy ගැන කියනවා නම්, Jessy කියන්නේ අමුතුම චරිතයක් ඒ කියන්නේ Serial killer කෙනෙක්. එයාට හම්බෙන්නේ කවුද එයාට එයාව මරලා දාන්න හේතුවක් ඕනේ නෑ අමානුෂික විදියට මරනවා. Jessy බලපු අයට ඒක තේරෙන්න ඇති. ඒ වගේම jessy එකෙන් අමුතුම සතුටක් එයාගේ විදියට ලබනවා.
Question
Answer
මම මුලින්ම නිරූපණ ක්ෂේත්‍රයට තමයි පිවිසෙන්නෙ.. මම තවම නවක නිරූපණ ශිල්පිනියක්. 2018 දී මම මේක පටන් ගත්තේ.. ඒ වගේම මම Miss Sines international USA 2019 පැවත් වූ Pageant එකෙහී Best smile දෙවන ස්ථානයත්, Best Figure තුන් වන ස්ථානයත් දිනා ගන්නවා. ඒ අතරතුර තමයි මම ටොක්ක සිනමා පිරිස අඳුර ගන්නේ.
Question
Answer
Jessy shoot කරන්න යොදාගෙන තිබ්බේ බැද්දගාන wetland park එකට යන පාරේ. ඉතිං පාරේ shoot කරද්දී පොඩි ලැජ්ජාවකුත් ආවා. අනික Jessy කියන චරිතය අහිංසක චරිතයක් නෙවෙයි. නපුරු, කපටි, අමානුෂික විදියට හැඟිම් මුහුණින් ප්‍රකාශ වෙන්න ඕනේ. බලන කෙනාට Jessy කියන්නේ කවුද කියලා එතකොට තමයි තේරෙන්නේ.
Question
Answer
ලාංකීය සිනමාව කියන්නේ එතරම්ම ජාත්‍යන්තරයට නොගියත් කලාව රස විදිය හැකි අපුරු තැනක්. අපි තාමත් කැමති රංගන ශිල්පීන්/ශිල්පීනියන් තමයි මාලනි ෆොන්සේකා, විජය කුමාරතුංගයන් කියන්නේ. ලාංකීය සිනමාවට දැන් අලුත් මුණු එකතු වෙමින් සිටිනවා. ඒ වගේම විශිෂ්ඨ රංගන හැකියාවන් අපි දකිනවා. ඒ අතර මමත් දවසක හිදිවි කියලා බලාපොරොත්තු වෙනවා. ලක්ෂාන් පෙරේරා අයියගේ නිර්මාණයකින්ම එහෙම ඉදිරියට එන්න වඩාත් කැමැත්තෙන් ඉන්නවා.
Question
ඔබ රංගනයෙන් දායක වූ Jessy කෙටි චිත්‍රපටය සමාජ මාධ්‍ය තුල බොහො සේ කතා බහට ලක්වුනා. අපට ආරංචි වූවා එය ජාත්‍යන්තර වශයෙන් සිනමා තරග කිහිපයකටම තේරී පත් වූ බව, ඒ ගැන ටිකක් විස්තර කලොත් ?
Answer
ඔව්.. අපේ Tokka Cinema කට්ටිය Jessy කෙටි චිත්‍රපටය ජාත්‍යන්තරය තරඟ කිහිපයකට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතරින් අපි ඉන්දියාවේ පැවැත්වූ TRP Film Festival 2021 හි "Runner up Film - International" Award එක ලබාගෙන තියෙනවා.. සහ ලන්ඩනයේ කෙටි චිත්‍රපට තරගයක් වන "First-Time Filmmaker Online Sessions 2021" තරගාවලියේ Jessy Official selection වනවා. තවත් එහි ජයග්‍රහණය කිහිපයක් අපට ලැබෙන්නට නියමිතව තියෙනවා. ඒ ගැන ඉස්සරහට අහන්න ලැබෙයි. ඒ ගැන ගොඩක් සතුටින් කියන්න ඕනේ.
Question
Jessy ගෙන් පසු ඔබ රංගනයෙන් දායක වන්නට කැමති මොනවගෙ චරිතය නිරූපණයන් සදහාද? සහ ඔබ වඩාත් කැමති කුමන ආකාරයේ චරිතය නිරූපණයකට රංගනයෙන් දායක වීමට කියලාත් විස්තර කලොත් ?
Answer
හොඳ චරිතයක් ලැබෙනවාට වඩා මම කැමති කෙල්ලෙක් උනත් දාමරික චරිතයක් රඟපාන්න. ගහගෙන මරාගෙන ඉන්න චරිතයක් තමයි ගොඩක් කැමති හරියටම කිව්වොත් දුෂ්ට චරිතයක් වෙනවා නම් ආසයි. ආදරණීය චරිතයක් උනත් කැමැත්තෙන් කරනවා.
Question
කලා ක්ෂේත්‍රය තුල ඔබේ අනාගත බලාපොරොත්තු මොනවා ද?
Answer
Question
නවක රංගන ශිල්පීනියක් ලෙස මේ ක්ෂේත්‍රයට එන්න ඉන්න අයට ඔබේ අත්දැකීම් තුලින් යම් ආදර්ශයක් දුන්නොත්?
Answer
අපිට හැමදේම එක පාරට ලැබෙන්නේ නෑ. අනික තමන් තුළ ඕනේම විදියකින් රංගනය විතරක් නෙවෙයි විශිෂ්ඨ හැකියාවක් තියෙනවා කියලා දන්නවා නම් ඒ දේ මැණිකක් වගේ ඔප නංවලා ඉස්සරහට එන්න. ටිකක් මහන්සි උනොත් ඔයාට ටිකක් ලැබෙයි.. ගොඩක් මහන්සි උනොත් ඔයාට ගොඩක් ලැබෙයි. ලක්ෂාන් අයියා කියනවා වගේ අදත් ලස්සන දවසක් කියලා හැමදාම හිතන්න ඕනේ.
Question
Answer
මුලින්ම ඉන්නේ මගේ ආදරණීය අම්මා.. ඒ වගේම පවුලේ අය. මම මොනම දේකින් හරි ජයග්‍රහණයක් ලැබුනොත් එයා තමයි මුලින්ම සතුටු වෙන්නෙ ගොඩාක්. ඒ වගේම අමතක නොකර කියන්න ඕනේ ටොක්ක සිනමා පිරිස ලක්ෂාන්, ලුක්ෂාන්, අභි, මනු මේ අයගේ දක්ෂතාව මත තමා Jessy නිර්මාණය වෙන්නේ. ඒ වගේම මට සහය දුන්න සයුරි පිරීස් අක්කාව ආදරෙන් මතක් කරන්න ඕනේ. මේ අය නිසා තමා අද Jessy ජාත්‍යන්තරයට ගියේ.
Giza Bee
අද අපත් සමඟ සුහද කතා බහට එකතු වූ නවෝදා කෞමදි, ඔබට අපේ ස්තුතිය සහ ඔබේ සියලු ප්‍රාර්ථනා සිහින සියල්ලක්ම සැබෑ වේවා කියා Art Street - කලා වීදියේ අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
0 Comments