වේදිකාව, ටෙලිනාට්‍ය සහ සිනමාව එක ලෙස ජයග්‍රහණය කරන ලද වෙනස්ම වූ රුචිකත්වයක් ප්‍රේක්ෂකයන් තුළ ඇති කරවන්නට මෙන්ම විවිධ වූ කතා බහන්ට තුඩු දීමට සමත්කම් පෑ තිර රචක සහ ප්‍රවීණ සම්මානනීය ලාංකේය අධ්‍යක්ෂකවරයෙකු වන අශෝක හඳගමයන් ගේ නවතම සිනමාපටය වන "ඇල්බොරොදා" පෙබරවාරී 14 වන දින සිට ලාංකේය ප්‍රේක්ෂක ආකර්ෂණය නොඅඩුව ලබමින් තිරගත වෙමින් තිබෙයි.
ඇල්බොරාදා චිත්‍රපටය පාදක වී ඇත්තේ 20 වන සියවසේ ජීවත් වූ පැබ්ලෝ නෙරූදා නම් ලෝක ප්‍රකට කවියාගේ ශ්‍රි ලංකාවෙහි ගත කළ කාලයේ සිදුවූ එක්තරා සිදුවීමක් පාදක කරගෙනය. මෙහි අඩංගු කතාංගය ප්‍රේමවෘතාන්තයක් ම නොව එකළ සමාජ සම්බන්ධතා තුළ ඇති වන ඛේදාන්තයක් සහ ස්ත්‍රීත්වය ගැන අධ්‍යක්ෂකවරයා ප්‍රේක්ෂකයන් ඉදිරියේ රූප පෙළින් දිග හරිනු ලබයි.
පසුව නෙරුදා සොයා පැමිණෙන්නේ ජොසී නම් මියන්මාර් කාන්තාවකි. පැට්සිට වඩා ඈ බොහෝ සෙයින් වෙනස් එකියකි. ජොසී විසින් නෙරුදා ට ආදරය කරනුයේ ඔහු තම ජීවිතයේ කොටසක්ම යයි සිතමිනුයි. විටෙක ඈ ආදරය හේතුවෙන්ම යක්ෂා වේෂ වෙයි. ඒ නෙරුදා තමාගේම පමණක්ම යයි සිතෙන හෙයිනි. නමුදු නෙරුදා සොයා ජොසී පැමිණීමේදී ඔහු තම නිවසේ දොර වසමින් තමන්ගේ හදවතේ ඇයට ඉඩක් නැති බව පෙන්වා දෙයි. නමුත් ආදරය තුළ ඈ කෙසේ හෝ නෙරුදා ලබා ගැනීමට සිතුවද ඈ සිටින මොහොතේදීම නිවසේ පිටුපස දොරින් පැට්සිව ගෙන්වා ගෙන කාමරයේ ආලිංගනයේ යෙදෙන්නේ ජොසී හඬමින් තම ආදරය වෙනුවෙන් වැළපෙද්දීය. ශාප කරද්දීය. ජොසී තම ආදරය වෙනුවෙන් මරා දැමීමට වුවද සුදානම් වූ ගැහැනියකි. දොර කඩාගෙන යක්ෂා වේශ වී පැමිණි ඈ නොදිතු ලෙසින් නෙරුදා හට සමුදෙමින් නැවත මියන්මාරය වෙතට යන්නේ ඔහුට තව කවියක් ලියන්නට සිතුවිල්ලක් ලබා දෙමිනුයි. නමුත් නෙරුදා තුළ ඇති සාහිසිකත්වයද තම ජීවිතය ආදරයම නොවන වග අධ්‍යක්ෂකවරයා මනාවට මුල සිටම පෙන්වා දෙයි.
නමුත් මේ සියල්ල මෙලෙස සිදු වද්දී අපට රතු සහ රන් පැහැ මිශ්‍ර ලාබ සාරියකින් සැරසුණු නීච කුළ දමිළ තරුණියක් කෙරේ නෙරුදා ගේ සිත නතර කරවන්නට සමත් වෙයි. ඈ “සක්කිලි කෙල්ල”කි. නිවසේ වැසිකිළි පවිත්‍ර කිරීම ඇගේ කටයුත්තයි. ඈ රුපයෙන් කළු වුවද ඇගේ පහත් රැකියාව කුමක් වුවද නෙරුදා ගේ සිතින් ඇයව පලවා හැරීමට නොහැකි වීය. නමුත් ඈ ඔහු කෙරේ බැල්මක් වත් හෙළුවේ නැති තරම්. දිනක් ඇය ගමන් ගන්නා පාරේ තෑග්ගක් තබනුයේ ඇයව අල්ලා ගනු සිතාය. නමුත් “සක්කිලි කෙල්ල” මේ කිසිවක් තැකීමක් කලේද නැත. තමා යටතේ වැඩ කරන ඈ තමාට අයිති බව නෙරුදා සිතුවාය. අනෙක් කාන්තාවන් ලෙසම ඇයද තමා ලඟට ලං කරගැනීමට නෙරුදා උත්සාහයක යෙදෙයි. නමුත් නෙරුදා හට එය කිරීමට හැකි වේද? නෙරුදා සහ නමක් නොමැති භාෂාව වත් නොදන්නා ඈ නෙරුදා ගේ ජීවිතයේ අමතක නොවන එහෙත් නොළියු කවියක් වන්නේ කෙසේද?
මේ සියල්ල රූපමය කාව්‍යක් ලෙසින් රිදී තිරයේදී ප්‍රේක්ෂකයන්ට සමීපවන්නේ "ඇල්බොරොදා" හරහාය. සිනමාපටයේ රංගනයෙන් දේශීය විදේශීය නළු නිළි කාලක් දායකත්වය ලබා දී තිබෙයි. ඒ සඳහා Luis J Romero, Anne Solene Hatte, රිතිකා කොඩිතුවක්කු, Malcolm Machado, Dominic Kellar, Nimaya Harris, තුසිත ලක්නාත්, කෞශල්‍යා මෙන්ඩිස්, සමන්ත බාලසුරිය, කසුන් පෙරේරා සමඟ කාන්චනා නන්දනී එකතු වී තිබෙයි.
සිනමාපටයේ කැමරාකරණය සඳහා චන්න දේශප්‍රිය එකතු වී ඇති අතර වර්ණ සුසංයෝජනය දිනිඳු ජාගොඩ විසිනි. ශබ්ධ පරිපාලනය අරුණ ප්‍රියන්ත කළුආරච්චිගෙන් වන අතර විශේෂ දෘශ්‍ය ප්‍රයෝග සඳහා ච්ත්‍ර වීරමන් සහ ඔහුගේ කණ්ඩායම එක්ව තිබෙයි.
සිනමාපටයේ ඇඳුම් සහ වේශ නිරුපණය ගැන කතා නොකරම බැරි එකකි. මෙහි ඇඳුම් නිර්මාණය පියතිස්ස අකුරන්බොඩ සහ වෙස් ගැන්වීම් සඳහා සමරසිරි කන්දනගේ එක්ව තිබෙයි. සිනමාපටයේ සංගීත මුසුව අජිත් කුමාරසිරි සමඟ නිමිණි පංචාල විසින් සිදුකර තිබෙයි.
රවින්ද්‍ර ගුරුගේ ගේ සංස්කරණය යටතේ මෙහි නිෂ්පාදනය H . D . ප්‍රේමසිරි විසිනි. එමෙන්ම සිනමාපටයේ කතාව සහ අධ්‍යක්ෂණය අශෝක හඳගමයන් විසින් සිදුකර ඇත. එමෙන්ම සහය අධ්‍යක්ෂණය වතිෂ් වරුණන් විසිනි. වෙනස්ම වූ රූ දසුම්න් පෙළක් සමඟ හඳගමයන්ගේ සිනමාවට ආදරය කරන්නාවූ ප්‍රේක්ෂක සියල්ලන්ටම Art Street - කලා විදියේ අපෙන් "ඇල්බොරොදා" සිනමාපටය නැරඹීමට ඇරයුම්.
Giza Bee
Gihan Thilarathne
0 Comments