වසර පන්දහසකට එහා ගියා වූ පෞඩ ඉතිහාසයක් සහිත නිජබිමක් ලෙස ශ්‍රී ලංකාව පෙන්වා දිය හැකිය.ශ්‍රී ලංකේය ඉතිහාසය කලා, වාණිජ, ආර්ථික, සමාජීය වශයෙන් මෙන්ම තවත් බොහෝ කරුණු කාරණාවලින් පෙන්වා දීම් කල හැකිය.
අපේ ලෞතුරා බුදු රජාණන් වහන්සේ ජීවමාන සමයට පෙර සිටම අපටම අනන්‍යවු, සංස්කෘතියක්, කලාවක් අපට තිබුණු බව කීමට අප මැලිකමක් දක්වයි හෝ නොදන්නා සේ සිටිම වර්තමාන ශ්‍රී ලාංකේය හුදි ජනයාගේ නිර්හීන ගති ලක්ශණයක් ලෙස පෙන්වා දිය හැකිය. එම කරුන පසක් කිරීමට ඕනෑතරම් සාක්ෂි ඇති තරම් ලංකාව තුල තිබුනද අපගේ ලාංකේය ජනයා සිනමාවද, කලාවද, සංගීතයද, වෙනකුත් අංගනද ගැන කථා කරන විට ඉන්දියාවෙන් තොරව කථා කල නොහැකි තරම් ඔහුන් ලාංකේය සංස්කෘතිකත්වය අත් හරිමින් සහ අත්හැර ඇත. නමුත් ඉන්දියාවත් අනෙකුත් රටවල් සිතන්නටත් පෙර අපගේ මුතුන් මිත්තන් වසර දහස් ගණනකට පෙර සිටම මෙම අංගයන් ඔවුන්ට අබිනය වන පරිදි ගෙන ඒමද මහත් වූ විස්මය දනවන කාරණාවක් වී ඇත. වසර පන්දහසකට පෙර හෙළ තම්බපණ්ණිය නොහොත් වර්තමාන ශ්‍රී ලංකාව පාලනය කල මහා යුග පුරුශයකු ලෙස කෞරාණ මණ්ඪක දශරත පුත් රාවණ රජතුමා පෙන්වා දිය හැකි. ඔහු මුලුමහත් ලෝකයම කතා බස් කරන මහා යුග පාලකයෙක් මෙන්ම අතිශය කලා රසකාමිත්වයක් සහා රංගන ප්‍රහසනයකින් යුක්ත වූ පාලකයෙකි. ලෝක ඉතිහාසයට ඉතාමත් ඉපැරැණි පත පොත සහා බොහෝ ශාස්ත්‍ර වල මූලාරම්භයන් සිදු කර ඇත්තේද මෙතුමන්ය. රාවණා රජු සංගීතයට, නර්ථනයට, ගායනයට, රංගනයට මෙන්ම විශිෂ්ට ලේඛකයෙකි.එතුමා විසින් ය, උඩ්ඩිශ තන්ත්‍රය, ක්‍රියෝඩිශය, නාඩි තන්ත්‍රය, කුමාර තන්ත්‍රය, වැනි පතපොතද, ශිව තාණ්ඩවය සහ නර්ථනයද, රාවණා තාණ්ඩවය සහා රාවණ නර්තනයද, රාවණානුගහ මූර්ති කලාවද, රාවණ රජ නිර්මාණය කරන ලද රාවණ හත්ත නැමති සංගීත භාණ්ඩය ද ඊට උදාහරන සපයයි.

රාවණා හත්ත වාද්‍ය භාණ්ඩය
අර්ක ප්‍රකාශයේ දැනට ඇති පිටපතක්
ලාංකීයන් මිත්‍යාදෘශ්ටික කල්පහීන රජෙක් ලෙස රාවණා පෙන්වුවද රාවණා පිලිබද නාට්‍ය, නාටක, සිනමාපට, කෙටි සිනමා, ගීත, ස්ලෝක, පතපොත අදටත් අතිශය ප්‍රසිද්ධ වීම පුදුම සහගත කරුණක් ලෙස පෙන්වා දිය හැක.ඉන්දියාව, කාම්බෝජය, තායිලන්තය, චීනය, ජපානය, බුරුමය, වැනි රටවල අදටත් රාම රාවණා කතා පුවත, රාම රාවණා යුද්ධය, රාවණ මන්දෝදරී ආදර වෘතාන්තයන් පිලිබද අතීතයේ සිට වර්තමානය දක්වාම විවිධ වූ කලාංග නිර්මාණය වුවද රාවණා ඉපදුන ලංකාව තුල එවන් කලා අංග අතීතයේ තිබුනද වර්තමානයේ ඒවා වැනසී යාම පිලිබද වගකීම සමස්ත ලාංකිකයන් විසින්ම බාරගත යුතුය. ඉන්දියාව සහ වෙනත් රාජ්‍යන් පවා අදටත් අපගේ කලා අංගයන් පිළිබඳව උදම් අනන්නේ ඉමහත් ආඩම්බරයෙන් වුවද අප සිදුකරන්නේ තියෙන කලා අංගත් ගොන්කමින් අනාගැනිමය.මෑත කාලීනව ලාංකේය රුපවාහිනි මාධ්‍යය හරහා විකාශය වූ රාවණා සිංහල ටෙලි නිර්මාණය ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගත්තද එය කොතරම් දුරට සාර්ථකද සහ රාවණා රජු වෙනුවෙන් සාධාරණයක් ඉටු කළා වූ නිර්මාණයක් ද යන්න තව දුරටත් ලාංකයින් ලෙසින් සිතිය යුතු කරුණකි. මේ අයුරෙන් හෝ ඔවුන් ගත් උත්සාහය අප අගය කල යුතු වෙමු. එමෙන්ම ලාංකේය වේදිකා නාට්‍ය හරහාද ගීත සහ ප්‍රබන්ද හරහාද විටෙන් විට නැවත රාවණා රජු ගැන අපට අසන්නට දකින්නට ලැබීය.




රාවණා ඉතිහාසය ඇරුණ කල ලංකාවේ බිහිවූ කලා කෘති අනන්ත අප්‍රමාණය උදාහරණයක් ලෙස ගත් කල අනුරාධපුර යුගයේ පලවෙනි සේන රාජේන්ද්‍රයන් විසින් ලියන ලද ලංකාවේ ඇති ඉපැරැණිම කාව්‍ය කලා ගන්ත්‍රය ලෙස "සියබස්ලකර"පුස්කොල පොත පෙන්වා දිය හැකිය. එයට අමතරව ලාංකේය සංස්කෘතික මහා කාව්‍ය ලෙස මහා කවි කාලිදාස රජු විසින් ලියන ලද "ජානකීහරණය" පෙන්වා දිය හැකිය. එහි අන්තර්ගතය ලෙස ඇත්තේ රාවණා කතා පුවතය. පිටරැටියන් රාවණායන් දුෂ්ට පාලකයකු ලෙස පෙන්වා දීමට උත්සාහ කලද රාවණා ශ්‍රේෂ්ඪ පාලකයකු මෙන්ම ශ්‍රේෂ්ඪ ලාංකිකයෙකු බව පෙන්වීමටම මෙම කලා කෘතිය නිර්මාණය කිරිමද අප ලැබු මහත් භාග්‍යකී. එයට අමතරව සිංහල ඉතිහාසයේ විශිෂ්ට කාව්‍ය කලා කෘතිය ලෙස පෙන්වා දිය හැක්කේ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත මහා පරාක්‍රමබාහු රජු විසින් ලියන ලද "කවි සිළුමිණ" පුස්කොලපොතය. එහි අඩංගු වන්නේ කුස ජාතකයයි. මෙම කලා කෘතිය "අනංගයා අරක්ගත් දේවලය" ලෙසද හදුන්වයි. මන්ද මෙම කලාකෘතිය පුරාම ඇත්තේ අතිශය ශෘංගාරාත්මක රසයයි. මෙවන් කලා කෘතියක් පෙන්වුම් කරන්නේ අතීත ලාංකික ජනයා කෙතරම් නිදහසකින් යුතුව තම කලා කාමීත්වය භාවිතා කර ඇත්ද යන්නයි. වර්තමාන නූගත් ලාංකිකයන්ට නම් මෙම කලා කෘතිය අතිශය වැඩිහිටියන්ට පමණක් භාවිතා කල හැකි එකක් ලෙස පෙන්වා දීමට හැකිය. මන්ද අතීත ලාංකිකයන් ලෙස වර්තමාන ලාංකිකයන් හට කිසිදු කලා රසකාමිත්වයක්,වින්දනයක්,හැගීමක් හෝ දැනීමක්වත් නැති ව්ම ජාතියට සිදු වූ ප්‍රභල හානියක් ලෙස පෙන්වා දිය හැක. නමුත් මෙම කලා වෘතාන්තය දෙස මද්‍යස්තව බලා වර්තමාන රිදි තිරයට ගැලපෙන පරිදි සුනිල් ආරියරත්නයන් විසින් නිර්මාණය කරන ලද කුසපබා කතා පුවතටද මූලික අඩිතාලම පාදක වී ඇත්තේද "කවි සිළුමිණ" පුස්කොලපොතහි සදහන් කුස පබාවති කතා පුවතයි. මෙයට අමතරව සංදේශ කාව්‍ය,නාට්‍යාංග,නාටක(වෙස්සන්තරනාටකය, කුසනාටකය, නලපාන නාටකය, සේරිවාණිජ නාටකය), නර්තනාංග, වන්නම්, අනන්ත අප්‍රමාණ ලංකාව තුල බිහි වී ඇත. ලංකාව තුල රජකෙනෙකු විසින් ලියන ලද අවසාන කෘතියද කලා කෘතියකී. එය මහනුවර පාලකයකු වූ රාජාධිරාජසිංහ රජු විසින් ලියන ලද "අසදිසි දා කවයි" . මෙහි විශේෂත්වය රාජාධිරාජසිංහ රජ නානායක්කාර වංශික වඩිග දෙමළ රජකෙනෙක් වුවද භික්ෂූන් වහන්සේලාගෙන් සිංහල භාශාව පිලිබද මනා අවබෝධයක් ලබා ගෙන ඔහුගේ කලා හැගීම සිංහලෙන් රචනාකොට ශ්‍රී ලාංකිකයන්ට දායාද කිරීමය.
මෙලෙස අතීතයේ සිට ලියවූ බොහෝ කලාංග හේතුවෙන් ලාංකේය කලාව සහා සිනමාව දේශිය මෙන්ම විදේශිය රන් හා රිදි සිනමාවන් තුල බැබිලීමටද හේතු සාධක වී ඇත. වර්තමානයේ වන විට අතීතයේ සිට පැවත ආ මෙම අභිචාර කලාංග කෝලම්, සොකරි, රූකඩ, වන්නම්, බලිබිලි යාග, ශාන්තිකර්ම, කංකාරි, දෙවොල් මඩු, පහන් මඩු, යක් මඩු, සමයන්, යාදිනි, දහාටසන්නී, හරඹ, සරඹ, දොඹින, උඩරට, පහතරට, සබරගමු ලෙස විවිධාකාරයෙන් විකාශන වී ඇත. වර්තමාන සිනමාවේ ශීඝ්‍රගාමී දියුණුවත් සමග සිනමාවේ පාදක මූලාරම්භ අතීතයටම වැලලෙමින් යන අතර මෙම අපගේ පෞඩ කලා ඉතිහාසය වැලලීමට නොදී නැවතත් ජන ගත කිරීමට Art street (කලා වීදියේ) අපි තීරණය කරෙමු. එම නිසාවෙන් වර්තමාන නව සිනමාව මෙන්ම ලාංකේය අතීත කලාංග පිලිබදවද හරබර ලිපි ඉදිරි කාල සීමා වලදි පල කරන අතර එය හුදෙක් දරුවන්ගේ මෙන්ම ප්‍රේක්ශක ජනතාවගේ ආකල්ප, දැනුම සහ බුද්ධි මට්ටම් වර්ධනය කොට නව කලා කෘති බිහිවීමට හේතු සාධක වේයයි අප සිතන්නෙමු.
ශාස්ත්‍ර විශාරද කේ. එම්. පසිඳු දේශාන්
0 Comments