Roland Emmerich යනු ලොව සිටින වැඩිම අදායම් ලාබී සිනමාපට අධ්‍යක්ෂණය කරන සිනමාපට අධ්‍යක්ෂකවරුන් 15 දෙනාගෙන් කෙනෙකි. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද බොහෝ සිනමාපට ප්‍රේක්ෂකයන් වැළඳ ගත අතර ඔහුගේ බොහෝ සිනමාපට වල අපට දක්නට ලැබුනේ ලොවට සිදුවන වියවසන එහෙමත් නැතිනම් ඩිසාස්ටර් වර්ගයේ සිනමාපටයි. Independence Day (1996), Godzilla (1998), The Day After Tomorrow (2004), 2012 (2009), Independence Day: Resurgence (2016) වැනි සිනමාපට ඒවාට කදිම නිදසුන් වෙයි. එයින් ඔබ්බට ඔහු විසින් නිර්මාණය කරන ලද Midway, White House Down, 10,000 BC, Stargate, Universal Soldier, The Patriot වැනි සිනමා නිර්මාණද ප්‍රේක්ෂකයන් ගේ අවධානය යොමු වූ සිනමාපට වෙයි. 2022 වසරේ දී ඔහු නැවත ප්‍රේක්ෂකයන් වෙතට පැමිණෙන්නේ තවත් ලොවට සිදුවිය හැකි යයි හානියක් ගැන පරිකල්පණය කරමින් නිර්මාණය වූ Moonfall සිනමාපටය සමඟයි.
Moonfall සිනමාපටය 2022 වසරේ පෙබරවාරි 04 වන දින සිට ලොවපුරා ප්‍රදර්ශනය ඇරඹි අතර පසුගිය දිනෙක එයට සමගාමිව ලාංකේය සිනමා ශාලා වලදීද ප්‍රදර්ශනය ආරම්භ විය. මේ වන විට සිනමාපටය ඇමරිකානු ඩොලර් මිලියන 31ක් උපයාගැනීමට සමත්ව ඇති අතර සිනමාපටය සඳහා යොදා ඇති පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 140 කි. මෙම සිනමාපටයේ රංගනයෙන් the Conjuring සිනමාපට මාලාවේ Ed Warren ලෙසින් අපට බොහොම සමීප වූ Patrick Wilson ප්‍රධාන චරිතය හා එක්ව තිබෙයි. එමෙන්ම අනෙකුත් චරිත සඳහා Halle Berry, John Bradley, Michael Peña, Charlie Plummer, Kelly Yu, සමඟ Donald Sutherland එක්ව ඇත.
බ්‍රයන් යනු ගගනගාමියෙකි. 2011 වසරේ දී බ්‍රයන් සහ පිරිස චන්ද්‍රයාට ආසන්නයේ පිහිටි චන්ද්‍රිකාවක් අලුත්වැඩියා කිරීමට අභ්‍යවකාශ ෂටලයක සිටියදී ඔවුන්ට අත්භූත කළු පැහැති රංචුවක් (Black swarm) විසින් ප්‍රහාර එල්ල කරන අතර එයින් ඔහු සමඟ ගිය අයෙක් හට මරණයට ද මුහුණ පෑමට සිදුවන්නේ නොසිතු අයුරෙනි. මේ සිදුවීම ඇසින් දුටු එකම කෙනා බ්‍රයන් පමණකි. ඔවුන් ගමන් ගත් යානයටද හානී වූ අතර බ්‍රයන් විසින් නැවත යානය තුළට ගොඩ වැදී යානයේ පාලනය තමා සතු කරගැනීමට හැකියාව ලබා ගනී. නමුත් මාස දහ අටකට ආසන්නව පැවති දීර්ඝ විමර්ශනයෙන් අනතුරුව බ්‍රයන් රැකියාවෙන් නෙරපා දමනු ලබයි.
මෙම සිදුවීම අතරතුරේදී කේ. සී . හවුස්මන් නම් තැනැත්තා විසින් චන්ද්‍රයා යනු කෘතීම වියුහයකින් යුත්තක් බව නිර්ණය කරමින් සිටි අයෙකි. ඔහු විසින් අධ්‍යනය කරමින් සිටියදී චන්ද්‍රයාගේ කක්ෂය පෘතුවියට ආසන්නයට පැමිණෙන බව දැනගන්නට ලැබීමෙන් කලබලයට පත්වෙයි. බ්‍රයන් ගේ රැකියාවේ සිදුවූ ප්‍රශ්නය සිදුවී වසර 10ක් ගත ව ඇති අතර හවුස්මන් විසින් බ්‍රයන් හට තමා සොයාගත් දේ පිළිබඳව දැනුම් දෙනු ලබයි. ඒ අතරම හවුස්මන් විසින් තමා සොයා ගත් ඇති භයානක සිදුවීම ගැන මාධ්‍යට හෙළි කිරීමත් සමඟම NASA ආයතනය විසින් මෙය සොයා බැලීමට ගගනගාමීන් කණ්ඩායමක් චන්ද්‍රයා වෙතට යවනු ලබයි. නමුත් පෙර පරිදිම ඔවුන්ටද අත් විඳීමට සිදුවන්නේ අත්භූත කළු රංචුවේ ප්‍රහාරයකටයි. එයින් පසුව බ්‍රයන් විසින් ඔහුගේ සිදුවීම සම්බන්ධව පළ කළාවූ විස්තර සියල්ලම සැබෑවක් බවට ආයතනය පිළිගනී .
ඉන් අනතුරුව චන්ද්‍රයාගේ කක්ෂය දිගින් දිගටම වෙනස්වන සුළු සහ එයින් පෘතුවියට සිදුවීමට යන බලපෑම වැඩි විය හැකි බව සොයා ගන්නා NASA ආයතනය සුනාමි තත්වයන් හෝ ගුරුත්වාකර්ෂණ අසාමාන්‍යතා සහ වායුගෝලීය විසුරුවා හැරීම සිදුවීමට තරම් මෙය ප්‍රභල එකක් බැව් සනාථ කරගනු ලබයි.
දැන් මේ වියවසනයෙන් පෘතුවිය බේරා ගැනීම ඔවුන්ගේ එකම පරමාර්ථයි. ඒ වෙනුවෙන් ඔවුන් මෙහෙයුමක් දියත් කරන්නට සැරසෙයි. එය සුළුපටු මෙහෙයුමක් හෝ වික්‍රමයක් නොවෙයි. ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ අති බිහිසුණු අත්දැකීම් සමුදායකටයි. ඒ බිහිසුණු අත්දැකීම විඳින්න වගේම මොහොතකට හෝ ගගන ගාමියෙක් වී සඳ මතට යන්න ඔබටත් දැන් හැකියාව ලැබී තිබෙනවා. Moonfall සිනමාපටය මේ වන විට ලංකේය සිනමා ශාලා කිහිපයකම ප්‍රදර්ශනය ආරම්භ කර තිබෙනවා. ඉතින් Art Street කලා විදියේ අපි ඔයාලාටත් මේ සිනමාපටයත් නරඹා වෙනස්ම වූ සිනමාත්මක වින්දනයක් ලබා ගැනීමට ආරාධනා කරනවා. සිනමාපටය නරඹා අපේ Face Book සමුහයටත් ඔබ විඳි සිනමාත්මක අත්දැකීම ගැන වචනයක් හරි එකතු කරන්න අමතක කරන්න එපා.
0 Comments