හිරවෙලා, අකමැත්තෙන් ජීවත් වෙන්න කවුද කැමති Chicken run මතකය



මතකයන් නම් මහ ගොඩයි, කාලය ආපස්සට යවන්න පුලුවන් නම් අපි ආයිත් යයි පුංචි කාලෙටම. උදෙන්ම නැගිටල, ටීවි එක දාගෙන, චුට්ටක් බැනුම් අහගෙන, චිත්‍රපටි බලපු ඒ අතීතයට නැවත පණ දෙන්නයි මේ ලිපි මාලාව ලියවෙන්නේම. ඉතින් තවත් අපූරු මතකයක් ගැනයි අද ලියවෙන්නේත්, සිරස ළමා චිත්‍රපටි පෙළහරින් අපි බලපු, කුකුල් සීන් එක

හිරවෙලා, අකමැත්තෙන් ජීවත් වෙන්න කවුද කැමති, මිනිස්සු උනත් සතුන් උනත් නිදහසේ හුස්මක් ගන්න පුලුවන්, තම තමන්ට ගැලපෙන ජීවන රටාවකට හැඩගැසෙන්න පුලුවන් පරිසරයක් තමයි බලාපොරොත්තුව වෙන්නේම. #ජින්ජර් ගෙ සිහිනයත් ඒකමයි. කොළ පාට තණකොළ පිරුනු, මිටියාවතක් ගැන ඇය කියවන්නේම අනිත් අයවත් ඇගේ සිහිනයට ඈදාගන්නමයි.

කුකුල් ෆාම් එකක් කියනවට වඩා හරි කිකිළි ෆාම් එකක් කිව්වොතින්, බිත්තර දාන කිකිළි රංචුවක්, හැමදාම බිත්තර දාන්නම ඕනය කියන නීතියක්, බැරිවෙලාවත් දිගටම බිත්තර දමන්න බැරිවුනොත්, වෙන්නේම ගෙවන්න ජීවිතයෙන් වන්දියක්

chicken run


පැනලා යන්නට දානා ට්‍රයි එකක්, එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මුලු සෙට් එකක්, බෙල්ලෙන්ම ජින්ජර් ව අල්ලාගැනීමක්, මිස්ටර් ට්වීඩි තමයි ඇහැගහගෙන ඉන්නේ කිකිළි රංචුවටත්. මුලු පාලනයම කරන්නේ, මිසිස් ට්වීඩි නම් කාන්තාවක්, බෙල්ල දිග, හීන්දෑරි නපුරු කෙනෙක්. ප්‍රොෆිට් එක බැහැලා ෆාම් එකේ බිංදුවටත්, අලුත් අදහසක් ක්‍රියාත්මක කරන්නට තීරණයක්.

chicken run


ජින්ජර් දකිනවා කුකුළෙක් පියාඹනා, කුකුළා ඇවිත් වැටෙනවා ඇගේ පාමුලටා, බේරීමට අයිඩියා එකක් මොළේ වැඩකරනා, පියාඹලා දිවි බේරන් පැනලා යන්නට අත්තටුවක් කැඩී ඇති නිසා, කුකුළ් නාම්බා එතනම සැගවෙනවා, රොකී ලෙසින් තමන්ව හදුන්වාගන්නවා, පියාඹන ට්‍රික්ස් උගන්වන්නට පොරොන්දු වෙනවා.

හරි වෙහෙසකර, නැවීම්, කරකැවීම්, දමලා ගැසිලී එක්කයි පුහුණුව පටන්ගන්නෙ, කිකිළියො ටිකට අඳුරු කාලයක් ලබන්නටයි යන්නේ. අලුත් මැෂිමක් ෆාම් එකට ගෙනඑන්නේ, මිසිස් ට්වීඩි කන්නට කෑම මහ ගොඩාරියක් කිකිළියන්ට දාන්නේ

chicken run

ජින්ජර් ඇත්තම කියන නිසා අනතුරක් ලග එන බව කියනව, කිකිළියන් ටිකට ජීවිතේ එපාවෙනවා, මූඩ් ෆික්ස් කරන්න රොකී වෙහෙසෙනවා, මීයන් දෙදෙනෙක් ගෙ උදව්ව ලබාගන්නවා
පුංචි පාටියක් ලැහැස්ති වෙනව, නටා ගයා සැමදෙනා විනෝද වෙනව, ලයිට් ටික ඩිම් වෙමින් භයංකර ශබ්දයක් ඇසෙනව, අලුත් මැෂිම පණ ගසමින් වැඩකරනවා

ජින්ජර් ව බලයෙන් මැෂිමට සවිකරනව, රොකී ඇවිත් ඇය බේරාගන්න උත්සාහ කරනව. දෙදෙනා ගැලවෙන්නේ මැෂිම තාවකාලිකව අක්‍රිය කරලා, මැෂිමෙන් කෙරෙන්නේ කුකුල් පායී හැදීමක්, මේ පාර හැමෝවම එහා ලෝකයට යැවීමක්, රොකී ගෙ අත්තටුව සුවවීමක්, හෙට තමයි දවස රොකී ඇත්තටම පියාඹනවා දැකීමත් හරි සතුටින් හැමෝම, රොකී ගිහින් නොදන්වාම, ඇත්ත එළියට ඒම, ඔහුට පියාඹන්න හැකියාවක් තිබී නැති බව පෙනීම කට්ටියම එකා පිට එකා නැගගෙන රණ්ඩු වීම, ෆවුලර් වයසක කුකුළාගේ බැජ් එක ජින්ජර් දැකීම, පියාඹනා අහස්‍ යාත්‍රාවක් හදන්න පටන්ගැනීම
මිස්ටර් ට්වීඩ් ‍යන්තරේ වැඩ, කිකිළි සෙට් එක පියාඹන යන්තරේ වැඩ, මැෂිම වැඩකරනෝ, මිස්ටර් ට්වීඩ් එනෝ, කිකිළියන්ගෙ රහස දකිනෝ, ඔහුව අල්ලා ගැටගසනෝ දැන්ම පැනයා යුතුයි, කාලය සීමිතයි, සැවොම කාර්‍යබහුලයි, මිසිස් ට්වීඩි ෆාම් එකට එයි කොහෙන්දෝ සිටන් රෝකියා එයි, ජින්ජර් ව ඇදන් ප්ලේන් එකට නගියි. මිසිස් ට්වීඩි ඔවුන්ව ලුහුබදියි, ගුවන්‍ යානාව අහසට එසවෙයි
ජින්ජර් මිසිස් ට්වීඩි සමග මුහුණට මුහුණ, කොයි කෙනා ජීවිතයෙන් වන්දි ගෙවාවිද, මොළේ තමයි ජින්ජර් ගේ, අන්තිමට දිනුවේ, මිසිස් ට්වීඩි බිමටම ඔහ් නැහැ නැහැ, මැෂිම උඩටම වැටුනේ, ඇයගෙ උඩට ෆාම් එකේ කොටසකුත් කඩන් වැටුනේ දැන් එයාලා නිදහස්, පුංචි කුකුල් පැටව් එක්කත්, ලස්සන වටාපිටාවක්, ජින්ජර් රොකී දැන් කපල් එකක්.

ආ මීයෝ දෙන්නා කතාබහක්, ඉස්සෙල්ලා ආවේ කිකිළිද බිත්තරය දැයි උභතෝකෝටික ප්‍රශ්නයක්

chicken run Viduni Hettiarachchi
chicken run







Post a Comment

0 Comments