Hexa කියන්නෙ ජීවින් කොට්ඨාසයක්. එක් දවසක් වූ සිදුවීමක් නිසා මේ Hexa ලට ලොකු බලපෑමක් වෙනවා.. ඒ නිසා මෙ Hexa කියන ජීවීන් කොට්ඨාසයෙන් එක් Hexa කෙනෙක් සම්පූර්ණයෙන්ම වෙනස් වනවා. එතැනින් තමයි මේ සිනමා කතාව ආරම්භ වන්නෙ....
ධාරා.... (DHARA)
ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ නැවුම් වු සිනමා නිර්මාණයක් වන "ධාරා" සිනමා නිර්මාණය ගැන තමයි අද Art Street - කලා වීදිය තුලින් ඔබ වෙත ගෙන එන්නෙ..
ලාංකේය සජීවීකරණය සිනමා නිර්මාණ බිහි වීම එතරම් අඩු වුවත්, වර්තමානයේ දී, මෑතක පටන් එම අඩුව පුරවමින් ලංකා සිනමාවේ සජීවීකරණය සිනමා නිර්මාණ එනම්, Animation Movie / Animation Short Film බිහි වීමට පටන්ගෙන තිබෙනවා.
සිනමාවට එකතු වන්නට මුල පුරමින් වූ "ගජමෑන්" ඇනිමේශන් චිත්‍රපටයද ප්‍රමාද වන කාලයක, ඒ ගැනද මතක් කරමින් සහ "ගජමෑන්" අපහට ඉක්මනින් දකින්නට ලැබෙයි සිතමින් "ධාරා" ඇනිමේශන් චිත්‍රපටයේ තොරතුරු මදක් විමසා බලමු.
ඉතින් Hexa කියන්නෙ ජීවින් කොට්ඨාසයක් කියලා ලිපියෙ මුලින්ම කිව්වා මතක ඇති. මේ කතාව සිදුවන්නෙ වෙනම මානයක. දවසක් වන සිදුවීමක් නිසා මේ Hexa ලා ගෙන් කෙනෙක් වෙනස් වනවා.
අනෙක් Hexa ලාට නැති ශරීර ස්වරූපයක්, වගෙම යම් යම් විශේෂ හැකියාවන්ගෙන්ද එක්කෙනෙක් වෙනස්වනවා.. එයාගෙ නම Faze.
Faze ගෙ මේ වෙනසට හේතුව කුමක්ද ? කවුද ඔහුට මේ දේ සිදු කලෙ.? ඒ ඇයි...? සහ Faze ට වගේම අනිත් Hexa ලට ත් වෙනස් වන්න පුලුවන් ද??... කියන මෙම කුතුහලය මෙ කතාවෙ ඉන්න Faze ට දැනෙන්න පටන් ගන්නවා. මේ ප්‍රශ්න වලට උත්තර සොයමින් යන ගමනක් සහ ඒ අතර සිදුවන සිදුවීම එක්ක නිර්මාණය වන ලාංකීය ඇනිමේශන් සිනමාපටයකි "ධාරා" .
විද්‍යා ප්‍රබන්ධ (Sci-fi) ගණයට අයත් වන මෙම සිනමාපටය රුමේෂ් තරංග හෙට්ටිආරච්චි යන ලාංකීය තරුණ නිර්මාණකරුවාගේ සිතැගි නිර්මාණයකි.
රුමේෂ් තරංගහට සිනමාකරණයට පිවිසෙන්නට ආසාව, කැමැත්ත ඇතිවන්නෙ, ලෝකප්‍රකට Discovery Channel එකෙන් දැකපු Mega Movie Magic කියන වැඩසටහන නැරඹීම තුලින් කියලා ඔහු සමග Art Street අපි කල කතාබහේදි ඔහු අපට කියා සිටියා. තවද, ධාරා ඇනිමේශන් නිර්මාණයට කලින් live action film එකක් කරන්නට වැඩකටයුතු සූදානම් කරත් පසුගිය කොරොනා වසංගතය හමුවේ එය තරමක් ප්‍රමාද කරන්න වූ බවත් අපට දැනගන්නට ලැබුනා.
ඉන් පසුව ආරම්භ කල "ධාරා" ඇනිමේශන් කතාව දැනට අවුරුදු එකහාමාරක කාලයක සිට එහි නිර්මාණ කටයුතු සිදු කරමින් පවති.
Faze ගේ මේ කතාව කොහොමද කියලා බලන්න ධාරා Animated Movie එකේ Title Announcement Trailer එකක් පසුගිය දිනකදි නිකුත් කෙරුණා.
Rumesh Tharanga තරුණ සිනමාකරුවාගෙ මෙම නිර්මාණය නරඹන්නට අනාගතයේ ආසාවෙන් බලා සිටින බවද මතක් කරමින් සහ Art Street - කලා වීදියේ අපි ඔහුට සුභ පතමින් ඔබ සැමට ආරාධනා කරනවා "ධාරා" ඇනිමේශන් චිත්‍රපටයේ Trailer එක නරඹන්නට.
මෙතැනින් නරඹන්න
Watch Trailer
0 Comments