සමාජය තුළ ප්‍රේමයෙහි විරහව සේම විවාහය තුළ ඇති අන්‍යෝන්‍ය නොගැළපීම් හමුවේ විවාහය දෙදරා යාම හේතුවෙන් පීඩා විඳින කාන්තා පිරිමි දෙපිරිසක්ම වෙති. ඒ තුළ ඔවුන්ට දාව උපන් නූපන් දරුවන් ද පීඩා විඳිති. තවත් පිරිසක් තම ආදරය හෝ විවාහය දෙදරා යාමෙන් සමාජය තුළ තමා පිළිබඳව සාවද්‍ය කතිකාවතක් ගොඩනැඟේවී යන මානසිකත්වය, බිය හේතුවෙන්ම සියල්ල විඳදරා ගනිමින් කෙසේ හෝ ජීවත් වීමට උත්සහ දරති. මේ සියල්ලම හමුවේ ජීවිත වලින් සමුගන්නා අය සේම තම ජීවිත කාලයම එකම කෙනෙක් එකම ආදරයක් වෙනුවෙන් පරිත්‍යාග කරන සහ අමරණීය ප්‍රේමයන් ස්පර්ෂ වූ මහ පොළොවක අප ජීවත්වන බව අමතක කල යුතු නොවෙමූ. ඉහත කී සියල්ල ගැන නැවත නැවතත් සිතන කළ "සදීශා" අපට හමුවන්නේ ප්‍රේමය සහ විවහය හමුවේ බැට කෑ යුවතියක් ලෙසිනි. තරුණ ඈ සුන්දරය. යෝජිත විවාහයක් හේතුවෙන් තමාට වඩා මුහුකුරා ගිය අයෙක් සමඟ විවහාපත් වනුයේ ඔහු සතු වත්කම් හේතුකොට ගෙනයි. නමුත් ඈ පැතූ සෙනෙහස, රැකවරණය ඔහුගෙන් නොලබද්දී ඇයට තම දුක සහ විවාහයේ විඩාව සංසිඳවා ගැනීමට ළංකර ගත හැකි වූයේ ඇගේ හිටපූ පෙම්වතා පමණී. නමුත් ඈ ඔහු ලඟ නොවීය. විදේශයක සිටි සදීශා දුරකථන ඇමතුමකින් හෝ සැනසුමක් ලද්දේ "අදීෂ" ගෙන් පමණී.
සිය සැමියා සමඟ එකම වහලක් යට ආරම්භ කළා වූ විවාහ ජීවිතයට සමු දෙමින් සදිෂා නැවතත් මෙරටට පැමිණෙන්නේ මහා බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙනයි. ඒ තම කලින් පෙම්වතා වූ අදීෂ සමඟ රිසි සේ සතුටෙන් ජීවත් වනු සිතාය. මෙරටට පැමිණ තම පෙම්වතාගේ නිවස බලා ඔහුව හමුවීමට යන ගමනේ දී ඇයට ගුවන්තොටුපොළ ඉදිරියේ හමුවන "නිලන්ත" කුළි රථ රියදුරෙකි. ජීවිතය ගොඩ ගැනීම උදෙසා රිය පදවන ඔහූ සුරතල් දියණියකගේ පියෙකි. සදිශා ගේ ආදරණීය හමුවීම උදෙසා ඇයව අදීෂගේ නිවසට රැගෙන යාමට නිලන්තට පැවරෙන කාර්යභාරයයි.
තම ආදරණීය පෙම්වතා වූ අදීෂ මුණගැසීමට සදිශා ගියද තමා බලාපොරොත්තු වූ ලෝකය ඇයට හිමි නැති බව පසක් වෙයි. තමාට ද නොකියා අදීෂ විවහපත් ව ඇති අතර මෙතුවක් කල් ඈ සමඟ ඇසුරක් ලබා ඇත්තේ පවතින ජීවිත අරගලය වෙනුවෙන් මුදල් ලබා ගැනීම නිසාවෙන් බව ඔහු පාපොච්චාරණය කරයි. එයට අදීෂගේ විවහපත් වූ කාන්තාවද රුකුලක් වී ඇති අතරම මේ හේතු කාරණා දැන ගන්නා සදිශා ගේ හීන ඔවුන්ගේ දෙපතුළ ලඟ සෝදා පාලූවී යන්නට විය. මෙවැනි සිදුවීම් ලංකාව සහ ආසියාතික රට වල බොහෝ විට සිදුවන්නකී. ප්‍රේමය කෙසේ වේවා සයිබර් අවකාෂය තුළ හමුවන යම් යම් ප්‍රේමයන් තුළ මෙවැනි රැවටීම් බහුලව දැකිය හැකි අතර එය ගැහැණිය පිරිමියාව රවටා මුදල් දෑ ලබා ගැනීමත් පිරිමියා ගැහැණිය රවටා මුදල් ලබා ගැනීමත් සිදුවන සෙල්ලමක් වී ඇත. සදිශා හටද අද අදීෂ කර ඇත්තේ ද එවැන්නකී.
තම ජීවිතය ගැන කප්පරක් බලාපොරොත්තු තබා සිටි සදිශා අදිෂගේ නිවහනින් සමුගෙන නැවත නිලන්තගේ කුළි රියට ඇතුල් වන්නේ තමා හට පියාඹන්න ලැබුනු තටු නැවත වරක් හකුළුවා ගනිමිනුයි. මේ සිදුවීම් සියල්ලම නිලන්ත බලා සිටියා විනා සදිශා හට පිහිටක් වීමට ඔහුට හැකියාවක් නැත. කඳුලූ ගොන්නක් දෑස් තුලින් ගලා ගෙන එද්දී සදිශා ඉකිගසමින් තම දුක තනිවම විඳ දරාගන්න උත්සහයක යෙදෙයි. ඒත් නිලන්තට ඇය දෙස බලා සිටිනු විනා කළ හැක්කක් නොවීය.
"මිස් .. දැන් කොහෙටද යන්නේ "
නිලන්තට අසන්නට තිබුනු එකම පැනය එයයි. නමුත් ඔහු කිසි විටෙක නොසිතූ දෙයක් මෙන් නිලන්ත සිතූ දේ සදිශා නිලන්තගෙන් අසයි.
" කොහෙද නිලන්ත යන්නේ දැන් "
" මිස් කියන්න. ඕන තැනකට යං " ඒ නිලන්තගේ පිළිතුර වෙයි.
තම ජීවිතයෙ සිටි තැනින් තවත් පහළට ඇද වැටුනු සදිශාගේ එකම පැතුම අවසන් වරට හෝ තමා කැමති ඉසව් බලා යාමයි . තම සිත තුළ වූ දුක ඒ හරහා හෝ මදකට පහව යාවී යන්න ඈ සිතූ දෙයකි.
" මට ආසයි එහා කෙළවර දකින්න "
සදිශා ගේ සිතට පැමිණි අදහස නිලන්ත වෙතට ගෙන ආවාය. නමුත් තම දියණිය දැක බලා ගැනිමටත් ඇයට ලංව සිටීමට වගකීම් සහිත පියෙක් ලෙස නිලන්තට උවමනා වූ අතර සදිශා ගේ ඉල්ලීම එක වරක ඔහුට ප්‍රතික්ෂේප කරන්නට සිදු වුවත් නැවත වරක් සදිශා සමඟ ගමනට එකතු වන්නට ඔහුට අවස්ථාවක් උදා වෙයි.
නිලන්ත බොහොම සීරුවට වචන හසුරුවන සහ ඔහු කියන දේවල් මතු පිට්න් සරළ ලෙස හැඟුනද ඒ තුළ ගැබ් වූ අරුත් සැම විටම ගැඹුරට සිතන්නට සිතෙයි. අදිශා ඔහුගේ කතා බහට සැබවින්ම ප්‍රිය කලාය. තම ජීවිතය ගැන සදීශා නිලන්ත සමඟ බෙදා ගත්දී නිලන්තගේ මුවින් පිට වූ අපූරූ වචන පෙළක් වෙයි.
" හිනාවෙලා ඉන්නවා කියන්නේ මිස්..
ආදරණීය මිනියක් වළලපූ පොළවක් උඩ..
ලස්සන පොකුණක් හදලා..
ඒකේ ලස්සනට නෙළුම් මල් වවලා තියනවා වගේ වැඩකට."
මේ කතාවේ ද ඇති අරුත නිලන්තගේ ජීවිත අවබෝධය සහ තමා දුක යටපත් කරගෙන සිනා වී සිටිමින් තමා දෙස බලන අයට තමාගේ පිටින් පෙනෙන දේ පමණක් සිතීමට ඉඩක් සලසන බව කියා පායී. නමුත් මේ කතාවේ අරුත සදීශාට තේරුම් යන්නේ දවස් කිහිපයකින් අනතුරුවයි.
කෙළවරකින් ආරම්භ කල යුතු වූ සදිශා ගේ ඉල්ලීම දෙවුන්දර සිට පේදුරුතුඩුව දක්වාම ගමන් කරයි. යන අතර තුර ලංකාවේ ඇසට හසු නොවන චමත්කාරයේ සොඳුරූ ඉසව් හරහා සදිශාට නිලන්තගේ වචන හරහා ජීවිතය සහ අදරය ගැන නැවත සිතන්නට ඉඩ හසරක් ලැබෙයි. ජීවිතය යන්න සරල රේඛීයව ගමන් නොකරන බවත් සැමවිටම ගලා බසින ගඟක් මෙන් හැල හැප්පීම් වලට ලක් ව ඒ අත්දැකීම් හරහා අවසානය දක්වාම ගලා යා යුතු බවත් නිලන්තගේ හැඟීම් පිරුණූ වචන වල ගැබ්වී තිබෙයි. අහම්බෙන් හමුවනු නිලන්ත වැනි චරිත ජීවිත වෙනස් කරන ජීවිතයට නිවැරදී පාර පෙන්වන දෙවියන් විසින් නිර්මණය කරන ලද මනුෂ්ශත්වය පිරුණු හදවත් ඇත්තෝ ලොව තවම වෙසෙන බව සදිශාට හැඟෙයි.
එනමුදූ සියල්ලටම අවසානයක් තිබිය යුතුයි. එය සතුටු දනවන අවසානයක් ද නැතහොත් දුක්ඛිත අවසානයක් ද යන්න අපට නිගමනය කළ නොහැක. ජීවිතය යනූ එයයි. සදිශා, නිලන්ත , අදීෂ යන මේ චරිත අපට හමුවන්නේ " පියාඹන්න ආයෙත් " සිනමා කෘතිය හරහායි. නැවුම් තේමාවක් තුළ කලාත්මක ඇසෙන් නිමාණය කරන ලද ප්‍රවීන මාධ්‍යවේදියෙකූ වන ෂර්ලී සමරසිංහයන් විසින් රිදී තිරයට රැගෙන එන " පියාඹන්න ආයෙත් " ආදරය , ජීවිතය ගැන නැවත වරක් සිතන්නට අවකාශය ලැබෙන ප්‍රේක්ශක ඇසට සිසිලසක් ගෙන දෙන රූප කාව්‍යකී.
නවක සිනමාකරුවන්ට ශක්තියක් දෙමින් ඔවුන්ගේ නිර්මාණ එළිදැක්වීමට අත හිත දෙන උදාර පල්ලියගුරූ විසින් " පියාඹන්න ආයෙත් " නිෂ්පාදනය කර ඇති අතර සිනමාපටයේ තිර රචනයද එතුමා විසින් සිදුකර තිබීම විශේෂත්වයකී. සිනමාපටයේ තිබෙන ප්‍රධානතම අංගවලින් කොටසක් වන තිර රචනය සහ දෙබස්, සිනමාපටය නරඹා අවසන් වුවද සවන් පත් අතරින් නැවත නැවතත් ඇසෙන තරමට හිතට කාවැදෙන එකක් බව කිවයුතුම වේ.
ෂර්ලී සමරසිංහයන් ගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වුවද ඔහු සිනමාපටය හා එක් වූ නළු නිළියන් හසුරුවා ඇති අන්දම සහ චරිත සඳහා කළණ, චමත්කා වැන්නවුන් තෝරා ගැනීමම ඔහුගේ සිනමාපටයේ කතාව ශක්තිමත් වූ බව නම් සිනමාපටය නරඹන විට ප්‍රත්‍යක්ෂ වන එකකී. "කුඹියෝ" ටෙලි නාට්‍ය හරහා ජනප්‍රියත්වයට පාත්‍ර වූ දක්ෂ රංඟන ශිල්පී කළණ ගුණසේකර දායක වූ සිනමාපට කිහිපයෙහිම ඔහුගේ ප්‍රශස්ථ රංඟනයන් සැමවිටම ප්‍රේක්ශක සහ විචාර පැසසුමට ලක් වූ අතර නිලන්ත ලෙසින් "පියාඹන්න ආයෙත්" සිනමාපටයේ එම චරිතයට ආරූඪ වෙමින් ලංකාවේ තව තවත් බලාපොරොත්තූ තැබිය හැකී චරිතාංග නළුවෙකුගේ බිහි වීම ගැන නරඹන්නන්ගේ සිතට දැන්නෙනට ඔහු නිරායාසයෙන්ම රංඟනයේ යෙදෙයි. ඔහුගේ දෙබස් උච්චාරණයේ සිට මුහුණෙන් ශරීරයෙන් දනවන සෑම ඉරියව්වක්ම අභිනයක්ම සිනමාපටයේ ගැබ් ව ඇති කතාව ප්‍රේක්ශකයන් වෙතට තදින් දැන්නෙනට ඉඩ සළසවයි. මෙතෙක් කළණ ගුණසේකරගේ නැරඹූ සිනමාපට වල දුටු හොඳම රංඟනය මෙය යයි කිවයුතුම වේ.
චමත්කා ලක්මිණී "හුස්ම" සිනමාපටය හරහා ප්‍රේක්ෂක අවදානය දිනා ගත් අතර "සරුංගල්" සිනමාපටයේ දී දුටු චරිතය හා සමානව යන චරිතයක් ලෙසින් මුලින් දුටුවද "පියාඹන්න ආයෙත්" සිනමාපටය තුළ සදිශා ලෙසින් හැසිරීම කලින් දුටු ඇගේ රංඟනයන්ට වඩා පරිණත වූ බව කියාපායී. සදිශා යන චරිතය තුළ තමාට ආදරය නිසා සිදුවූ සිදුවීම් හමුවේ සතුට දුක සහ ඒ හරහා ඇති වන හැගීම් එක්වූ භාවප්‍රකාෂණය පැසසුමට ලක්විය යුතුය. එමෙන්ම සිනමාපටය තුළ කෙටි කාල සීමාවකට ඇසට හමුවන කල්ප මුණසිංහද සදිශාගේ කඩවසම් ප්‍රේමවන්තයා ලෙසින් ද චපල පෙම්වතෙකු ලෙස රිදී තිරය මත ඔහුගේ රංඟන කුසලතාව පෙන්නුම් කරන අතර ඉදිරි අනාගතයේ තවත් කඩවසම් නළුවෙකුගේ බිහිවීම ගැන ඉඟිපල කරයි. ඊට අමතරව පොකුරුමලී ප්‍රනාන්දූ, මාක්ස් ප්‍රනාන්දූ සහ ළමා චරිත හරහා පහන්දි නෙතාරා සමඟ සහංසා දීහංසි " පියාඹන්න ආයෙත් " හා එක් වන අනෙකුත් රංඟන ශිල්පීන් වෙයි.
නිසල් ගමගේ විසින් ගයානා කරන "අසීන්මාතික බැඳීම්" සිනමාපටය තුළට ගෙනෙන්නේ තවත් චමත්කාරයකී. තවද සචිනි කටුවාවල ගායානා කරන "මේ ජීවිතේ" සහ රිද්ම වීරවර්ධන ගායනා කරන "මාරුතේ" මෑතක ඇසුණූ විචිත්‍රවත් සිනමා ගීත බවට පත් වෙයි. එමෙන්ම සිනමාපටය පුරාවටම දැනුනා වූ පසුබිම් සංගීතය ද සිනමාපටයේ කතාවට කිසිඳූ හානියක් නොවී සිනමාපටයටම බද්ධව ගලාගෙන යාම තුළින් තව තවත් සිනමාපටය තුළ ප්‍රේක්ශකයන් අල්වා තබා ගැනීමට අධ්‍යක්ෂකවරයා දරන උත්සහය සාර්ථකව ඇත.
"පියාඹන්න ආයෙත්" සිනමාපටයේ ප්‍රේක්ශකයන්ගේ අවධානය යොමු වන තවත් අංගයක් නම් සිනමාපටය සඳහා යොදාගෙන ඇති පරිසරයන්ය. ප්‍රේමණීය හෝරා එකහමාරක් තුළ ප්‍රේක්ශකයන් ආදරණීය චාරිකාවක් හරහා නිතර ඇස නොගැටෙන ස්වභාව සෞන්දර්‍ය විඳිමට ෂර්ලී සමරසිංහයන් ඉඩක් ලබා දෙයි. ගම්පහ, ගාල්ල, මාතර, තංගල්ල, හම්බන්තොට, මොණරාගල, අම්පාර, පොළොන්නරුව, අනුරාධපුරය, බදුල්ල, කිලිනොච්චිය, යාපනය ආදී ප්‍රදේශ රැසකම සිනමාපටය රූගත කර ඇති අතර සිනමාපටයේ කැමරාකරණය ගයාන් ගීතප්‍රිය විසින් සිදුකර ඇත. එමෙන්ම සංස්කරණය සඳහා නිරෝධ විරංග එක්ව ඇති අතර කලා අධ්‍යක්ෂණය සංජීව කරුණාරත්න විසිනි. අංග රචනය වෙනුවෙන් තිළිණ දිසානායක සමඟ නිමල්කා මධුමාලී එක් ව තිබෙයි. "පියාඹන්න ආයෙත්" හී සහය අධ්‍යක්ෂණය ජානක සිසිර කුමාරගෙන් වන අතර නිෂ්පාදන කළමනාකරණය නිමේෂ් උදයන්ත මුහන්දිරම් විසින් සිදුකර තිබෙයි.
බොලිවුඩ්, කොලිවුඩ් සිනමාව පරයා මලයාලම් සිනමාව ලොව පුරා වර්ධනය වෙමින් පවතින කලක ලාංකේය ප්‍රේක්ශකයන් ද මලයාලම් සිනමාවට පෙම් බඳින කාලයක ලාංකේය සිනමාව තුළ නිර්මාණය වූ මලයාලම් හුරුවකින් ඇසට සනීපයට සමීප වන සිනමාපටයක් ලෙස "පියාඹන්න ආයෙත්" හඳුන්වාදිය හැක. එයට හේතුව නම් සිනමාපටය පුරාවටම ඇසට ප්‍රිය උපදවන දසුන් සහ සිනමාත්මක කතාවම සහ රංඟනයන්ම වෙයි. මෙවැනි සිනමාපටයක් නිර්මාණය කිරිමෙහිලා ගෞරවය ෂර්ලී සමරසිංහයන් ඇතුළු කණ්ඩායමටම ලැබිය යුතු අතර D Cinema සහ නිෂ්පාදක උදාර පල්ළියගුරු හටද නව නිර්මාණකරුවන් වෙනුවෙන් ලබා දෙන දිරිය සහ අනාගත සිනමාව උදෙසා කරනු ලබන කැප කිරීම උදෙසා විශේෂ තුති පුද කළ යුතුය.
මාර්තු මස 08 වන දින සිට ප්‍රදර්ශනය ආරම්භ කලා වූ "පියාඹන්න ආයෙත්" මැජෙස්ටික් සිටි සිනමා - බම්බලපිටිය , රිකී සිනමා - කොටුව , රිට්ස් - බොරැල්ල , රීගල් - දෙමටගොඩ, ලිබර්ටී - කොල්ලුපිටිය , කලම්බූ සිටි සිනමා - නවම් මාවත, PVR සිනමා - ගෝල්ෆේස්, හිමාලී - කිරිබත්ගොඩ, රීගල් - ගම්පහ , මිනර්වා - කළුතර ඇතුළු දිවයින පුරා පිහිටි සිනමාශාලාවන් වල ඔබටත් නැරඹිය හැකි අතර විදේශීය ප්‍රේක්ශකයන් වෙනුවෙන් Dcinema.lk හරහා " පියාඹන්න ආයෙත් " නැරඹිමට හැකියාව ඇත.
" පියාඹන්න ආයෙත් " සිනමාපටයේ ගීත නුදුරේදීම ඔබට ඔබේ කෝලර් ටියුනය (Caller tune) ලෙසින් යොදා ගැනීමට හැකියාව ලැබෙන අතරම ප්‍රේමයෙන් බැඳෙනා සහ ප්‍රේමයට සමුදුන් සියල්ලෝම නැරඹිය යුතු සිනමාපටයක් ලෙසින් " පියාඹන්න ආයෙත් " නැරඹීමට ආරාධනා කරන්නෙමී.









0 Comments