"මම ගජමෑන් මම හැමදේම කරන්නෙ බොහොම පිළිවෙලට"
මුලින්ම මතක් කරන්නම්... මගෝඩිස්, ලපයා, දොං සේතං, දැක්කොත් පද්මාවතී, සුවිටි, ඇම්ඩා, සිරිබිරිස් ඒ ඔක්කොම එක්ක ගජමෑන් ජනවාරී 20 වන දා, එනම් අද සිට... සියළුම ප්‍රේක්ශකයන් වෙනුවෙන් අපේ සිනමාහල් වල දී නරඹන්න පුලුවන්. ලංකේය ඉතිහාසයේ පළමූ වන මෝශන් කැප්ච, 3D ඇනිමේශන් සිනමාපටය ලෙසට එක් වන ගජමෑන් සිනමාපටය පවුලේ සැවම එක්ක අනිවාර්යයෙන් නරඹන්න කියලත් මම ඉල්ලනවා.
Special Screening Day එනම් ප්‍රථම එළි දැක්වීමේ දීම චිත්‍රපටය නරඹපූ කෙනෙක් විදියට මගෙ අදහස මේක ඔයලා සිනමා ශාලාවකම නැරඹිය යුතු චිත්‍රපටයක්. ලාකේය අපේ දේශීයත්වය, අපේ ගැමි සරලබව එක්ක, අපේ භාශාවෙන් සහ ඇනිමේශන්කරනයේන් මෙන්ම හාස්‍ය මුසුව ගමේ ගොඩේ තරුණයෙක් පිටරටින් එන පොෂ් කෙල්ලක් ටෝක් කරන විදියයි... ටෝක් කරන කෙල්ලගෙ පවුල් පසුබිමත් එක්ක ගැටෙන දේශපාලනික සමාජයයි, ඒත් එක්ක ගොන් වැඩ වලට සප් එක දෙන අපි කවුරුත් දන්න ඇම්ඩා කියන යාලුවාගේ ආතල් ටිකයි තව රස වෑහේන තැන් සමග පවුලේ සැමට එකට සිට නරඹන්න පුලුවන් හොදම චිත්‍රපටයක් කියලා මට කියන්න පුලුවන්.
කවුද මේ ගජමෑන් ?
කැමිලස්ගෙ ගජමෑන් චිත්‍රකතා ලෙස එලි දකින්නේ මීට අවුරුදු ගණනාවකට ඉහත දීය. චිත්‍රකතා... අපි හැමෝම දන්නවා කොමික් බුක් කිව්වාමත්. ලෝකෙ පුරා ඕනෑ තරම් චිත්‍රකතා නිර්මාණකරුවන් ඉන්නවා වගේම එම චිත්‍ර කතා පාදක කරගනිමින් සිනමාවට චිත්‍රපට නිර්මාණය වන බවත් ඔබ දන්නවා ඇති.
ඉතින් මේ කතා කරන්නෙ ලංකාවේ අපේ චිත්‍රකතාවක් ඇසුරෙන් නිර්මාණය වූ සහ ලංකාවේ ප්‍රථම මෝශන් කැප්ච තාක්ෂණය ඔස්සෙ නිර්මාණය කරපු, ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටය ගැනයි. 70 දශකයේදී මෙරට පුවත්පත් කලාව හරහා අතිශය ජනප්‍රිය වූ කැමිලස් පෙරේරා ගේ ගජමෑන් කියන චිත්‍රකතාව ඔස්සෙ පණ ලබන ගජමෑන් 3D ඇනිමේශන් චිත්‍රපටය වසර 12ක කාලයක් පුරාවට නිර්මාණ කටයුතු සිදුකරමින් මේ වන විට ප්‍රේක්ෂක ඔබ හමුවට ඇවිත් තිබෙනවා.
මෙහි තාක්ෂණය ගැන කෙටි හැදින්වීමක් කරතොත්. වර්තමානයේ අපි දන්න Avatar , TinTin වැනි ඇනිමේශන් සිනමාපට නිර්මාණය කරනු ලැබූ මෝශන් කැප්ච කියන තාක්ෂණය උපයෝගි කරගනිමින් තමයි ලාකේය ගජමෑන් සිනමාපටයත් නිර්මාණය කරනු ලබන්නෙ. එහිදි අපේ නලුනිලියන් හරහා රංගනයෙන් දායකත්වය ලබාගනිමින් සැබෑ ලෙසට අංගචලන ලබා ගනිමින් ඒවා පරිඝණක මෘදුකාංග ඔස්සෙ නිර්මාණය කරමින් දැවැන්ත ක්‍රියාදාමයක් සිදු කොට විශාල මහන්සියක් සහ විශාල පිරිවැයක් යොදා තමයි මේ 3D ඇනිමේශන් සිනමාපටය නිර්මාණය කරන්නෙ. සිනමාපටය අධ්‍යක්ෂණ කරනු ලබන්නෙ තරුණ අධ්‍යක්ෂකවරයෙක් වූ Chanaka Perera චානක පෙරේරා විසිනි. චානක පෙරේරා ප්‍රමුඛ Studio 101 දායකත්වයෙන් තමයි ගජමෑන් අදවන විට එළිදකින්නේ. එමෙන්ම මෙම සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස ඔබ අප කවුරුත් දන්නා අනුෂ්ක උදාන කටයුතු කරනවා. "වස්ති Production" කියලා කිව්වාම ආයේ අමුතුවෙන් හදුන්වනවා දෙන්න අවශ්‍ය නෑ. සිනමාපටයේ පසුබිම් ගීත මෙන්ම සිනමාපටයේ ප්‍රධාන ගීත කණ්ඩ වලින්ද ඉතාම අපූරත්වයක් එකතු කිරීමට අනුෂ්ක මහන්සි වී තිබෙනවා..
ගජමෑන් චිත්‍රපටය සමස්ත ආදායම ලක්ශ 1500 සීමාව පසු කරයි. ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ වාර්තා අළුත් කරමින් සිංහල චිත්‍රපටයක් ලක්ශ 1500 සීමාව පසු කල අඩුම කාලය වාර්තා කරමින් ගජමෑන් චිත්‍රපටය නිකුත් කර දින 12කින් වාර්තාගත රු: ලක්ශ 1100ක ආදායමක් ලබාගනී. ඒ අනුව ඕස්ට්‍රේලියාවෙන් ලක්ශ 421ක මුදලක්ද ශ්‍රී ලංකාවෙන් ලක්ශ 679ක මුදලක්ද ලබාගනිමින් ඕස්ට්‍රේලියාවේ නිකුත් කල සිංහල චිත්‍රපටයක් ලබගත් වැඩිම ආදායමද වාර්තා කරයි. මේ ආරම්භය ලාංකේය ඇනිමේශන් සිනමා යුගයක් වගේම අපේ සිනමාවේ වෙනස්ම කාල සීමාවක ආරම්භයක් කියලා මට හිතෙනවා. මොකද ගජමෑන් දෙවන කොටසක් ගැනත් එහෙන් මෙහෙන් ආරංචි ඇසෙනවා.. ප්‍රේක්ෂක ඔබට... අනිවාර්යයෙන් ඔබ සිනමා ශාලාවකම ගජමෑන් නරඹන්න... එයත් 3D සිනමා ශාලාවකම නරඹා නැවුම් වෙනසක් අත් විදින්න...
හෝල් එකකම බලන්න.
මොකද බලන්න උනේ නෑනේ කියලා දිනෙක පසු නොතැවෙන්න. ගජමෑන් යනූ ලාංකේය සිනමා ඉතිහාසය වෙනස් කරන ප්‍රථම 3D සිනමා සළරුව නිසාවෙන්මයි.
_________________
ගජමෑන් සිංහල 3D සිනමාපටයේ ගීතය
ගුරුකම් කරාලා
ලියුමක් ලියාලා
ගිරවට කියාලා
පද්මාවතී....
කොණ්ඩෙත් කපාලා
ලිප්ස්ටික් උලාලා
කඩ්ඩෙන් කොටාලා
පද්මාවතී.....
පද්මාවතී පද්මාවතී....
පද්මා....වතී...
ගෙවුනා සති සති
දැන් මට ඇති
පද්මාවතී....
බොම්බේ මොටායි...
බොම්බායි මොටායි....// //
බලන්න නයනී.......
හොරැහින් මං බැන්දා ආදරේ
තනියම නිදියන්නෙ කාබරේ
බොම්.. බොම්..
හොරැහින් මං බැන්දා ආදරේ
තනියම නිදියන්නෙ කාබරේ
ආලේ මෝරා...
මේ හිත පාරා...
ඇමතියා රට කනවා හූරා...
ඒ වල් ඌරා
බඩ ලොකු මෝරා
එක්කන් යනවාමයි යනවාමයි..
කැන්දා පද්මා........
ගජමෑන් ......
බොම්බේ මොටායි...
බොම්බායි මොටායි....// //
ගුරුකම් කරාලා
ලියුමක් ලියාලා
ගිරවට කියාලා
පද්මාවතී....
කොණ්ඩෙත් කපාලා
ලිප්ස්ටික් උලාලා
කඩ්ඩෙන් කොටාලා
පද්මාවතී.....
පද්මාවතී පද්මාවතී....
පද්මා....වතී...
ගෙවුනා සති සති
දැන් මට ඇති
පද්මාවතී....
හනේ..... හයියෝ....
බොම්බේ මොටායි...
බොම්බායි මොටායි....
බොම් බොම්
බොම්බේ මොටායි...
බොමර මොටායි.
බොම්බේ මොටායි...
බොම්බායි මොටායි....// //

0 Comments