සිනමා ලෝකය තුළ ප්‍රකට සහ සම්මානනීය සිනමා නිර්මාණකරුවෙකු හා නව පරපුරේ නැඟී එන නිළියක වටා ගෙතුනු සිනමා රියැලටියක් මේ දිනවල දී නිශ්පාදනය වෙමින් පවති.
ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂක එරංග සේනාරත්නයන් ගේ පහළොස් වන සිනමාපටය ලෙසින් "ඔස්කාර්" නිර්මාණය එළිදැකීමට සූදානම් වෙයි. ජාත්‍යන්තර සම්මානයක් දිනා ගැනීමේ අදිටනක් ඇති නව පරපුරේ නිළියක් සහ සිනමාකරුවෙකු අතර ගොඩනැඟෙන අපූරූ වෘත්තීය සබඳතාවයක් තුළ ඇය විසින් චරිතයක් වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් පරිත්‍යාගයක් කිරීමට සූදානම් වන බව ප්‍රකාශ කරයි.
මේ වටා ගෙතුන "ඔස්කාර්" ඩිනලි රොශාන්තී සේනාරත්නයන් ගේ තිර රචනයකි. කැමරාකරණය චානක සේනාධීර විසිනි. ඩිලාන් ජගත් නිෂ්පාදන විධායක ලෙසින් ද කේ.පී. තුෂාර ද සිල්වාගේ නිෂ්පාදනයෙන්, සිනමාලෝකයේ ආන්දෝලනාත්මක සිදුවීමක් මුල්කර ගනිමින් විකල්ප සිනමා ධාරව නියෝජනය වන අපූරූ චිත්‍රපටයක් වන "ඔස්කාර්" නුදුරේදීම ප්‍රේක්ශකයන් වෙතට තිළින වීමට නියමිත වෙයි. මෙම සිනමා නිර්මාණය FILM GATE MOVIE MAKERS ඉදිරිපත් කිරීමකි.













0 Comments