Insidious: The Red Door - ජනප්‍රිය නළු පැට්‍රික් විල්සන් ගේ අධ්‍යක්ෂණයෙන්

 

අත්භූත, හොල්මන් සිනමාපට නරඹන්න ප්‍රිය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් 2023 ජුලි මස 07 වන දින  Horror, Thriller ඛාණ්ඩයට යටත්ව ප්‍රදර්ශනය  ඇරඹි Insidious: The Red Door යනු 2010 වසරේ තිරගත වූ Insidious සිනමාපටය හා බැඳුනු සිනමාපට මාලාවේ අවසන් වශයෙන් නිර්මාණය වූ සිනමාපටය වෙයි. මෙහි විශේෂත්වය නම් හොලිවුඩ් සිනමාපට වලට ආදරය කරන සැමගේ අවධානයට පාත්‍ර වූ සම්මානනීය සහ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන  පැට්‍රික් විල්සන් විසින් සිනමාපටය අධ්‍යක්ෂණය කිරීමයි. මෙය ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වෙයි. 2001 වසරේ ඔහු සිනමාවට එක් වන අතර ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳුනු සිනමාපට බොහොමයක ඔහු රංගනයෙන් දායක වී ඇත. ඒ අතර මෑත කාලයේ ජනප්‍රිය වූ Insidious සිනමාපට වලට  අමතරව The Conjuring, The Conjuring 2, Aquaman, Annabelle Comes Home, Midway, The Conjuring: The Devil Made Me Do It, Moonfall වැනි කතා බහට ලක් වූ සිනමාපට හි රංගනයෙන් පැට්‍රික් දායක වී ඇත.

Insidious සිනමා පෙළෙහි පළමු සහ දෙවැනි සිනමාපට දෙකෙහි අධ්‍යක්ෂණය James Wan විසින් සිදුකර තිබෙයි. මෙම සිනමාපට දෙකෙහිම පැට්‍රික් රංගනයෙන් දායක වූ  අතර Insidious දෙවැනි සිනමාපටයේ දිගුවක් ලෙසින් Insidious: The Red Door සිනමාපටය නිර්මාණය කිරීමට පැට්‍රික් සමත්ව තිබෙයි. සිනමාපටයේ කතාව ගොඩනැංවීම සඳහා Insidious ප්‍රථම සිනමාපට දිත්වයේ රචනය සිදු කල Leigh Whannell මේ සඳහා එකතු කරගෙන තිබෙයි. එමෙන්ම සිනමාපටයේ තිර රචනය Scott Teems විසිනි. James Wan ට අමතකව ගිය මඟ හැරුණු අපුරු කතාවකට සහ අවසානයකට  පැට්‍රික් අතතබා ඇත.

Insidious: The Red Door සිනමාපටයේ කතාව පාදක වන්නේ Josh Lambert සහ ඔහුගේ පවුල වටායි. ඔහුට විශේෂ හැකියාවක් වූ Astral project නැතිනම් ලෝකෝත්තර හා උපවිඥානයේ අද්භූත ලෝකයන්ට ගමන් කිරීමේ හැකියාව උපතින්ම ලැබුණු අයෙකි. Renai නම් යුවතිය සමඟ විවාහපත් ව සිටින ඔහුට Dalton නමින් පුතෙක් සිටියි. ඔහුටද Astral project  නම් වූ මේ අසාමාන්‍ය හැකියාව පියාගෙන් ලැබුන එකකි. Insidious: The Red Door සිනමාපටය ආරම්භ වන්නේ දෙවන සිනමාපටයේ අවසානය නැවතත් මතක් කරමිනුයි. ඒ Josh සහ ඔහුගේ කුඩා පුත් Daltonගේ අඳුරු මතකයන් යටපත් කරන්නට මෝහන උපදේශකයෙක් හමුවට යයි. අඳුරු මතකයන් එයින් අනතුරුව සිතෙන් පහව යන අතර Dalton ට ඔහු අත්භූත ලොවකට ගමන් ගත් මතකය සහමුලින්ම නැතිව යයි. Insidious දෙවන සිනමාපටයේ Dalton ගේ මිත්තනිය මියයන යන අතර සිනමාපටයේ කතාව එලෙස රුප රාමුවෙන් රාමුවට ප්‍රේක්ෂකයන් වෙත දිග හැරෙයි.

Josh සහ Renai දික්කසාද වී සිටි අතර Dalton ට වයස අවරුදු 19ක් ගතව ඇත. Renai ගේ බලකිරීම මත Dalton නේවාසිකව ඉගැන්වීම කටයුතු කිරීම සඳහා විදුහලකට යවනු ලබයි. ඔහුගේ පාසල් මිතුරිය සහ කාමර සහකාරිය වුයේ Chrisය. කුඩා කල සිට චිත්‍ර ඇඳීමේ තිබු කැමැත්ත සහ හැකියාව නිසාම Daltonගේ ඒ හැකියාවන් තව තවත් දියුණුවී ඇත. ඔහු චිත්‍ර පන්තියේදී පළමු දිනයේදී චිත්‍රයක් අඳිනු ලබයි. ඒ රතු දොරකි. එය ඔහුගේ මනසේ ඇඳි රුවක්ම නොවෙයි. එය ඔහු සිතා මතාම ඇඳි දෙයක් ද නොවෙයි. ඔහු එය අඳින විටදී අසාමාන්‍ය දෙයක් සිතුවම් කෝලයෙන් මතුවනවා සේම යම්තාක් තිගස්සිමකට ඔහු ලක් වෙනු ලබයි. නමුත් ඔහුගේ පියා වූ Josh හට තවමත් අත්භූත දේවල් සිදුවෙමින් පවතී. ඔහු රෝග නිරීක්ෂණය සඳහා මුහුණ දෙමින් සිටින අවස්තාවක අත්භූත මිනිසෙකු ඔහුට කරදර කිරීමට පැමිණෙයි. ඒ Joshගේ Astral එක හරහා සිදුවූ දෙයකි. 

දිනක් රාත්‍රියේ Dalton විසින් අඳින ලද සිතුවම රැගෙන බිත්තියේ සවිකරන අතර ඉන් පසුව ඔහු අත්භූත සිදුවීම් කිහිපයකට මුහුණ පෑමට ලක්වෙයි. ඔහු බියට පත්වන අතර එය ඔහු දුටු නපුරු සිහිනය ගැන Chris හට පවසනු ලබයි. මේ සිදුවීම සමඟ Chris විසින් Dalton හට Specs and Tucker නම් youtube නාලිකාවේ තිබෙන Astral project සම්බන්ධව ඇති වීඩියෝවක් පෙන්වනු ලබයි. එම වීඩියෝවට පෙනී සිටින්නේ Elise Rainier (Insidious කතා පෙළේ අපට මුණගැසෙයි.) ඇයයි.

රතු පැහැති දොරේ සිතුවම සමඟ කුමක්හෝ නොපෙනෙන දෙයක් තමා වටා කැරකෙන බව Dalton ට දැනෙයි. ඔහුට මුහුණ දීමට සිදුවන අත්භූත දේවල් නිසා සැමවිටම බියෙන් සිටින්නට සිදුව තිබෙයි. ඔය අතරේ Josh ද තමාට Astral project නිසා සිදුව ඇති දෙයින් මිදීමට උත්සහ දරයි. දිනක් Dalton විසින් Astral project  හරහා අද්භූත ලෝකයට සම්බන්ධ වීමට උත්සහ දරන්නේ Chris ගේ ද සහය ඇතිවයි. නමුත් Dalton කරනුයේ වැසීගිය  භයානක දොරටුවක් නැවත විවෘත කරමින් තමා විශාල ප්‍රශ්නයකට මුලක් පුරන බව නොදැනමයි.

ඉන් අනතුරුව සිදුවන දේවල් නැරඹීම ඔබටම භාරවෙයි. 

වැසි ගිය දොරටුවෙන් නැවත වරක් Dalton රැගෙන එන්නේ මොනවාද? 

ඇතිවූ ප්‍රශ්නයෙන් Dalton ට සහ පවුලට කුමක් සිදුවෙයිද? 

මේ Astral project එක මායාවක් නොව තමාට එය ලැබුනේ කෙසේද යන්න Josh සොයාගනිවිද? 

Insidious සිනමාපට පෙළෙහි අවසානය Red Door ද?

Scope සිනමා ඇතුළු සිනමා ශාලා කිහිපයක Insidious: The Red Door  සිනමාපටය ඔබට දැන් නැරඹීමට හැකියාව ඇත. නමුත් සිනමාපටය නැරඹීමට පෙර  James Wan විසින් නිර්මාණය කරන ලද Insidious සිනමාපට දිත්වයම නරඹා තිබීම වඩාත් සුදුසු වෙයි. තවද නව අධ්‍යක්ෂකවරයෙක් ලෙස සිනමාවට එක්වන Patrick Wilson, විසින් The Red Door නිර්මාණයෙහි දි ඔහු සිනමාව හරහා උගත් දෑ යොදාගනිමින් ගත් උත්සාහය සහ James Wan වැනි සුවිශේෂී චරිත ඇසුර නිසා ලබා ගත් දැනුම ද සිනමාපටය නිර්මාණයෙහි යොදාගෙන ඇති බව පෙනෙයි. Patrick Wilson සිනමා ප්‍රේක්ෂකයන්ට Horror සිනමාපටයකින් අවශ්‍ය මොනවාද යන්න තේරුම් ගෙන තිබීම වාසනාවකි. එමෙන්ම රංගන ශිල්පියෙක් ලෙසින් The Red Door  හරහා එම චරිතයට උපරිම සාධාරණය කිරීමට ඔහු කැපවී තිබෙයි. තවද සිනමාපටයේ තිර රචනය ගැන විශාල පැහැදීමක් නොලැබුවත් එක හුස්මට නැරඹිය හැකි අහක නොදැමිය හැකි Horror සිනමාපටයක් ලෙසට Insidious: The Red Door හඳුන්වා දිය හැක.

සිනමාපටය සඳහා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක් වන අතර ලොව පුරා ප්‍රදර්ශනයෙන් සතියක් තුල ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ඉක්මවා යන්නට Insidious: The Red Door සිනමාපටයට හැකිව තිබෙයි.

Directed byPatrick Wilson
Screenplay byScott Teems
Story by
Based onCharacters
by Leigh Whannell
Produced by
Starring
CinematographyAutumn Eakin
Edited byDerek Ambrosi
Music byJoseph Bishara
Production
companies
Distributed bySony Pictures Releasing
Release date
  • July 7, 2023
Running time
107 minutes
CountryUnited States
LanguageEnglish

සටහන - ගිහාන් තිලකරත්න (Giza Bee)
Art Street - කලා වීදිය වෙනුවෙන්. 

14/07/2023




Post a Comment

0 Comments