දෙමව්පියන්ට තම දරුවන් තරම් වටිනා වස්තුවක් මේ මිහිපිට නැත. නිතර මාපිය දරු සෙනෙහස ගැන ප්‍රේක්ෂකයන්ගේ මනසට ආමන්ත්‍රණය කරමින් වැලි පවුරු, ටවුමේ ඉස්කෝලේ වැනි සිනමාපට අධ්‍යක්ෂණය කරන ලද සුනිල් ප්‍රේමරත්නයන්ගේ නවතම සිනමාපටය "ලොක්ඩවුන්" ලබන මස සිට ප්‍රදර්ශනයට සැරසෙයි. මෙවරත් "ලොක්ඩවුන්" හරහා ආදරණීය පවුලක් සහ දරුවෙක් වටා ගෙතුණු සෙනෙහෙබර, සංවේදී සහ කෘතුහලය දනවන කතා පුවතක් සිනමාවට නැඟීමට අධ්‍යක්ෂකවරයා සමත්ව තිබෙයි. "ලොක්ඩවුන්" සිනමාපටය සුනිල් ප්‍රේමරත්නයන්ගේ සිව්වන සිනමාපටය ලෙසින් එළිදකී.
ජනප්‍රිය නළු නිළි කැලක් මේ සඳහා දායක වී තිබෙන අතර මෙහි ප්‍රධාන චරිතය වන "සමන්ත" ලෙසින් රොෂාන් රණවනත්, ජනප්‍රිය නිළි චුලක්ෂි රණතුංග "ලෝචනා" ලෙසින් "ලොක්ඩවුන්" හා එක් වෙද්දී ඔවුන්ගේ ආදරණිය දියණිය වන "සහනි" ගේ චරිතය වෙනුවෙන් අස්ලී ලියානා එක් වෙති. අස්ලී ලියානා ගේ මව ජනප්‍රිය මෝස්‌තර නිරුපිකාවක් සහ රංගන ශිල්පිනියක වන රාධිකා තිලිණිය. සිනමාපටයේ සෙසු චරිත සඳහා කුමාර තිරමාදුර, මීනා කුමාරි, ගයනා සුදර්ශනි, ධනංජී තාරුකා, කුසල් මධුසංක, සහන් විජේසිංහ, කුමාර වදුරැස්ස, රජිත රොද්‍රිගු, උදේ කුමාරි, මනීෂා නාමල්ගම, කීර්ති රංජීත්, රාධිකා ගුණවර්ධන, ජයරත්න ගලගෙදර සමඟ උපුල් නිශාන්ත දායකත්වය ලබා දෙති.
"ලොක්ඩවුන්" සිනමාපටයේ කතා සාරාංශය,
කොවිඩ් උවදුර ශ්‍රී ලංකාව පුරා පැතිර යන අවදියකි. "සමන්ත" රාජ්‍ය ආයතනයක රැකියාව කළ අතර ඔහුට නිවසේ සිට වැඩ කිරීමට අනුමැතිය ලැබී තිබුණි. නමුත් ඔහුගේ බිරිඳ වූ "ලෝචනා" වෛද්‍යවරියක් නිසාවෙන්ම වසංගත කාලයේදී ඈ සෑම විටකම රෝහලේ හිඳිමින් රෝගීන් පරික්ෂාවත් සමඟ කාර්යබහුල විය. සමන්තගේ සහ ලොචනාගේ තුන් අවුරුදු වයසැති දියණිය වූ "සහනි" සහ සමන්තගේ මව වන බද්‍රාවතිත්, ඔවුන් සමඟ පන්නිපිටියට කිට්ටු නිවසක ජිවත් වෙයි. ඔවුන් ජිවත් වූ නිවසේ මෙහෙකාරිය ලෙසින් කටයුතු කරන තැනැත්තිය කාන්තිය.
හදිසියේම කාන්තිගේ පියා රෝගී වූ බව කියමින් ඈ තම ගමට පිටව ගිය විටදී සහනි ගේ කටයතු බලා කිරීම බද්‍රාවතිහට පැවරුණි. එක වනම මෙරට සති දෙකක කාලයක් "ලොක්ඩවුන්" කිරීමත් සමඟ නිවෙස් තුළටම කොටුවී සිටීමට ජනයාට සිදුවිය. ඒ අතර ලෝචනා ද රෝහලටම කොටුවිය. ඇඳිරිනීතිය වැටුණු දින රාජකාරි ස්ථානයේ සිට නිවස බලා ඒමට සමන්ත ඔහුගේ රියදුරු වන ජයන්ත සමඟ පිට විය. ඒ එන අතර ජයන්තගේ ඇස ගැටුණේ පාරේ මුමුණමින් සිටින යුවලක් වෙතයි. ඒ සමන්තගේ නිවසට යාබද නිවසේ මෙහෙකාර තරුණිය වන උදුලා බැව් ඔහුට හඳුනාගත හැකි වෙයි. ඈ සමඟ සිටින්නේ නිතර නිතර ඇය හමුවට එන තරුණයා බැව් ඔහුට පෙනුනි. ඔවුන් අතර කුමන හෝ රහස් සම්බන්ධයක් ඇති බව ඔහුට දැනෙයි.
කුඩා සහනි හට නිතර නිතර අසනීප වන නිසාම බද්‍රාවතී හට ඇයට බෙහෙත් දීමේ කටයුතු පවා හරි ආකාර වෙලාවට ලබා දීම පැවරුණු රාජකාරියකි. තම මිණිබිරියට කෑම කැවීම සිතන තරම් ලෙහෙසි නොවෙයි. වයස් ගතව සිටින බද්‍රාවතී හරි හරියට ඈ සමඟ ඔට්ටු වෙන්නට වෙයි. මේ හේතුව නිසාම හැංගි මුත්තං සෙල්ලම් කරමින් කෑම ටික කවා ගැනීමට බද්‍රාවතී කටයුතු කරයි. එමෙන්ම සහනිද එයින් සතුටට පත් විය. එදින සුපුරුදු පරිදි සහනි සහ ආත්තම්මා සෙල්ලම් කරමින් සිටියදී සහනි කාමරය තුලට ගොස් සැඟවෙයි. තම පුතා වූ වසන්තගේ නිවසට පැමිණීමත් සමඟ සහනි ගැන තිබු අවදානය තරමකට මිදෙයි. පසුව සහනි සෙවීමට කාමරයට ඇතුළු වන බද්‍රාවතී හට පෙනෙන්නේ ඇඳ මත පොරෝනා වලින් පොරොවා ගෙන නිදා සිටින සහනිය.බෙහෙත් සැරට නින්ද ගොස් ඇතැයි සිතන ඈ නැවත සහනිව අවදි නොකරමින් සිටීමට ඈ කටයුතු කරයි.
ටික වෙලාවකට පසුව පිරිසිඳු වී පැමිණෙන සමන්ත තම දියණිය ගැන අම්මා ගෙන් විමසන විට ඈ පවසන්නේ සහනි නිදාගෙන සිටින බවයි. නිවසේ සිට රාජකාරිය කිරීමට නියමිත නිසාවෙන් සමන්ත තම නිවසේ කාර්යාලිය වැඩ සඳහා යොදාගන්නා කාමරය යන්නේ අධික වැඩ රාජකාරි ඉක්මණින් නිමා කිරීමට සිතායි. කාලය ගෙවීගෙන යමින් තිබෙයි. පැය තුනකටත් වඩා තමන් කන්තෝරු කාමරයේ හිරවී සිටි බව දැනුන සමන්ත, තම මවට ඔහුගේ දියණියව නැඟිට්ටවන ලෙස කියා සිටියි. සමන්තගේ මව වූ බද්‍රාවතී කාමරය තුළට පිවිස සහනි පොරවගෙන සිටි රෙදි ඉවත් කරද්දී ඇඳ මත සහනි නොවිය. ඒ වෙනුවට සිටියේ සහනිගේ ටෙඩි බෙයාර්ය. නිවස පුරා සොයා බැලුවත් සහනිව සොයාගන්නට නොහැකි තැන පොලිසියයේ උපකාර පැතීමට ඔවුන්ට සිදුවෙයි. ඒ අතර ලෝචනා ද නිවසට පැමිණෙන්නේ "හදිස්සියක්" යැයි කියමින් සමන්ත ලබා දුන් ඇමතුම සමඟයි. ඒ අතර පොලිසියෙන් ද නිවසට පැමිණෙනු ලබයි.
කාමරයේ නිදා සිටි සහනි හට සිදුවුයේ කුමක්ද?
සහනිව කවුරුන් හෝ පැහැරගෙන ගියාද? ඒ කවුද?
තදින්ම "ලොක්ඩවුන්" නීතිය ක්‍රියාවට නංවා තිබෙන කාලයකදී සහනිව සොයාගැනීමට හැකි වෙයිද?
දෙමාපියන් ලෙසින් මේ ප්‍රශ්නයට සමන්ත සහ ලෝචනා කෙසේ මුහුණ දෙයිද?
යන්න ඔබට "ලොක්ඩවුන්" සිනමාපටය හරහා නුදුරේදීම දැනගන්නට ලැබේවි.
"ලොක්ඩවුන්" සිනමාපටය S3 Movie Creation වෙනුවෙන් සංගීත අල්ගම හා නීල් සංජීව එක්ව නිෂ්පාදනය කරන ලද්දකි. සිනමාපටයේ අධ්‍යක්ෂණය සහ තිර රචනය සුනිල් ප්‍රේමරත්නගෙනි. සිනමාපටයේ මියුරු ගීත දෙකක් අඩංගු වන අතර ඉන් එක් ගීතයක් වන "මේ කඳුළු බිඳු" ගායනය ශෂිකා නිසංසලාගෙනි. තවත් ගීතයක් වන "මධු චන්ද්‍ර දියේ" ගායනය සුනිල් එදිරිසිංහයන් ගේ හඬින් රසාලිප්තවී ඇත.
"ලොක්ඩවුන්" සිනමාපට කණ්ඩායම,
රංගනය - රොෂාන් රණවන, චුලක්ෂි රණතුංග, අස්ලී ලියානා (ළමා නිළි), කුමාර තිරිමාදුර, මීනා කුමාරි, ගයනා සුදර්ශනි, ධනංජී තාරුකා, කුසල් මධුසංක, සහන් විජේසිංහ, කුමාර වඳුරැස්ස, රජිත රොඩ්රිගෝ, උදය කුමාරි, මනීෂා නාමල්ගම, හිරුණි රණසිංහ, කීර්ති රංජිත්, රාධිකා ගුණවර්ධන, ජයරත්න ගලගෙදර සමඟ උපුල් නිශාන්ත.
තිර රචනය සහ අධ්‍යක්ෂණය සුනිල් ප්‍රේමරත්න
කැමරා අධ්‍යක්ෂණය හා ආලෝකකරණය සිසිකිරණ පරණවිතාන
සංගීත අධ්‍යක්ෂණය දර්ශන වික්‍රමතුංග
ගායනය ශෂිකා නිසංසලා සහ සුනිල් එදිරිසිංහ
කලා අධ්‍යක්ෂණය උපාලි දයාසිරි, කීර්ති ඩී රාහුබද්ධ
වේශ නිරූපණය ප්‍රියන්ත ඊශ්වර
සහාය අධ්‍යක්ෂණය සම්පත් රත්නායක
නිෂ්පාදනය සංගීත අල්ගම හා නීල් සංජීව
විධායක නිෂ්පාදනය ලංකා ධර්මවික්‍රම
මාධ්‍ය සම්බන්ධිකරණය උපුල් නිශාන්ත
"ලොක්ඩවුන්" සිනමාපටය සැප්තැම්බර් මස පළමු වනදා සිට රිද්මා මණ්ඩලයේ සිනමාශාලා හි ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතව තිබෙයි. වෙනස්ම ආරේ කතාවක් රැගත් පවුලේ සිනමාපටයක් ලෙසින් නිර්මාණය වූ "ලොක්ඩවුන්", ලාංකේය සිනමාවට ආදරය කරන ඔබට වෙනස්ම වූ අත්දැකීමක් ලබා ගත හැකි නිර්මාණයක් ලෙසට පත් වේවී.
සටහන - ගිහාන් තිලකරත්න (Giza Bee)
Art Street කලා වීදිය වෙනුවෙන්
.jpg)
0 Comments