ලාංකේය සිනමා ප්‍රේක්ෂකයන් අතර ජාති භේදයකින් තොරව දකුණු ඉන්දියානු ද්‍රවිඩ සිනමාපට නැරඹීමට දක්වන්නේ විශාල ප්‍රියතාවයකි. ඒ හේතුන් නිසාම මෙරට සිනමාශාලා හී ප්‍රදර්ශනය වන ද්‍රවිඩ සිනමාපට ද ඇතැම් විට Box Office තැනීමට සමත්වී තිබෙයි. 2023 වසර මෙරට සිනමාවේ අතිසුවිශේෂී වසරක් ලෙසත් සිංහල සිනමාවට නැවත වසන්තයක් උදාවී තිබෙන බැව් ප්‍රේක්ෂකයන් අපේ නිර්මාණ නැරඹීම උදෙසා සිනමාශාලා වලට ඇදෙන සැටි දකින විට දැනී යන්නකි. මෙම වසරේ අගෝස්තුවත් තවත් සුන්දර කරමින් ලාංකේය සිනමාවට ආදරය කරන සැමට මෙරට නිර්මාණය වූ ද්‍රවිඩ සිනමාපටයක් වන "සොප්පන සුන්දරී" රිදී තිරයට පැමිණීමට නියමිත වෙයි.
ලාංකේය දමිළ තරුණ පිරිසක් එකතු වී ඔවුන්ගේ ස්වකීය නිර්මාණ වෑයමක් ලෙසින් සිනමාවට නැඟුණ "සොප්පන සුන්දරී" අගෝස්තු මස 25වන දින සිට මෙරට සිනමාශාලා හි ප්‍රදර්ශනය වෙනුවෙන් සැරසෙයි. "සොප්පන සුන්දරී" සිනමාපටයේ රංගනයෙන් කජනන් කයිලයිනාදන් , ජොයෙල් ක්‍රිෂ් , නරේෂ් නාගේන්ද්‍රන් , මාතවන් මහේෂ්වරන් , තනුෂාන් චෙලවනාදන් , වරූන් තුෂාන්තන් , ජෙනෝෂන් ජෙයරත්නම් , නිරංජනි ෂන්මුගරාජා සමඟ පර්ලිජා ජෙයරාජා එක්ව තිබෙයි.
කෙටි සිනමාපට අධ්‍යක්ෂකවරයෙක් වන මාතවන් මහෙෂ්වරන් විසින් "සොප්පන සුන්දරී" සිනමාපටය අධ්‍යක්ෂණය කර තිබෙයි. මේවන විට "සොප්පන සුන්දරී" සිනමාපටය අගෝස්තු 01වන දින සිට PVR සිනමාශාලා වේ දී සාර්ථකව ප්‍රදර්ශනය වෙමින් ඇත.එයට අමතරව 2023 අගෝස්තු 25 වන දින සිට සැවෝයි 3D - වැල්ලවත්ත, කොන්කොඩ් - දෙහිවල , රීගල් - දෙමටගොඩ, රීගල් - යාපනය , නෙල්සන් - ත්‍රිකුණාමලය , ජීකේ සිනෙමැක්ස් - කල්මුනේ, අමුත සිනමා - වව්නියාව යන සිනමාශාලා වලදී සිනමාපටය නැරඹීමට හැක. එමෙන්ම "සොප්පන සුන්දරී" සිනමාපටය සිංහල උපසිරැසි සමඟ ප්‍රේක්ෂකයන් වෙතට සමීප වෙයි.
"සොප්පන සුන්දරී" සිනමාපටය හා දායකවුවෝ,
අධ්‍යක්ෂණය - මාතවන් මහෙෂ්වරන්
සහය අධ්‍යක්ෂණය - නරේෂ් නාගේන්ද්‍රන් , ජොයෙල් ක්‍රිෂ්
කතාව සහ තිර රචනය - ජොයෙල් ක්‍රිෂ්
කැමරා අධ්‍යක්ෂණය - චමල් එච්. වික්‍රමසිංහ
සංස්කරණය - මාතවන් මහෙෂ්වරන්
වර්ණ සංයෝජනය - දිනිඳු ජාගොඩ
7.1 ශබ්ද සංකලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි
නිෂ්පාදන කළමනාකරණය - ජෙනෝෂන් ජෙයරත්නම් , අෂ්නාක් මොහොමඩ්
සංගීත අධ්‍යක්ෂණය - ජීවනන්දන් රාම්
නිෂ්පාදනය - ස්ටුඩියෝ M3 වෙනුවෙන් කජනන් කයිලයිනාදන් , මාතවන් මහේෂ්වරන්, ජොයෙල් ක්‍රිෂ්

0 Comments