බොලිවුඩයේ වාර්ථා අලුත් කරමින් දමිළ සිනමාපට අධ්‍යක්ෂක අට්ලීගේ " ජවාන් " රජගමනේ...

 

අට්ලී සිනමා ක්ෂේත්‍රයට එක් වන්නේ සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසයි. ඒ වන විට වයස 19ක් වූ ඔහු එකල කොලිවුඩයේ ලාබාලතම අධ්‍යක්ෂකවරයෙක් ලෙස හැඳින්විය. ඔහු විසින් සහය අධ්‍යක්ෂණය කරන ලද රජිනි කාන්ත් සහ ආයිශ්වර්යා රායි රංගනයෙන් එක් වූ "එන්තිරන්" (2010) සහ විජේ රංගනයෙන් දායක වූ "නන්බන්"  (2012) ජනප්‍රිය වූ සිනමාපට වේ. නමුත් ඔහු සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙසින් කුළුඳුල් සිනමා නිර්මාණය ඉදිරිපත් කරන්නේ "Raja Rani" (2013) ලෙසිනි. එහි ප්‍රධාන චරිතයෙන් ජනප්‍රිය නිළි නයන්තාරා සමඟ ජනප්‍රිය නළු ආර්යන් එක් විය. එම සිනමාපටය සඳහා හොඳම දෙබස් රචනය සහ කුළුඳුල් සිනමාපට අධ්‍යක්ෂක වෙනුවෙන් අට්ලී සිනමා උළෙලවල් කිහිපයකදීම සම්මානිත වීම ඔහු ලද ජයග්‍රහණයකි. ඉන් ලබාගත් පන්නරය සහ ජනප්‍රියත්වය හේතුවෙන්ම ඔහු  Theri (2016), Mersal (2017), Bigil (2019) අධ්‍යක්ෂණයන් කරමින් කොලිවුඩ් සිනමාවේ දැවැන්ත පෙරළියක් සමඟ Box Officce වාර්තා පිහිටුවන ලදී. කොලිවුඩයේ සිනමා අධ්‍යක්ෂකවරයෙක් සහ නිෂ්පාදකයෙක් වූ අට්ලී, ඔහුගේ නවතම සිනමාපටය නිර්මාණය කරනුයේ බොලිවූඩයේ ජනප්‍රිය සම්මානනීය නළු ශාරුක් ඛාන් සමඟයි. ඒ සමඟම අට්ලී බොලිවුඩය ආක්‍රමණය කිරීම ආරම්භ කර ඇති බව විචාරක මතයයි. 

ජවාන් (Jawan) ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹියේ සැප්තැම්බර් 07 වන දින සිටයි. එය ආරම්භක දිනයේ දී රුපියල් කෝටි 75ක් උපයා ඇති අතර සිනමාපටය  2023 වසරේ බොලිවුඩ් සිනමාවේ Box Office වාර්තා අලුත් කරන්නට සමත් වී ඇත. එමෙන්ම සිනමාපටය වෙනුවෙන් ඉන්දියානු රුපියල් කොටි 300ක් වැනි වියදමක් දරමින් නිෂ්පාදනය වුවත් ජවාන් ප්‍රදර්ශනයටත් ප්‍රථම, ඉන්දියානු රුපියල් කොටි 250ක ආදායමක් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ ප්‍රවේශ පත්‍ර කලින් වෙන්කරවා ගැනීමත් සමඟයි. මෙම වසරේදී ශාරුක් ඛාන් රංගනයෙන් දායකවූ  පතාන් සිනමාපටය අතිශය ප්‍රේක්ෂක ආකර්ෂණය සමඟ Box office වාර්තා තැබුවද ජවාන් හරහා ඊට නොදැවෙනි ප්‍රේක්ෂක ආකර්ෂණය සහිතව Box Office වාර්තා අලුත් කරමින් ප්‍රදර්ශනය වේ. පතාන් හි ලද ආදයම සුළු දිනකින් අභිබවා යාමට "ජවාන්" හට හැකි වේවි යන්න විචාරකයන්ගේ මතයයි. සිනමාපටයේ නයන්තාරා, දීපිකා පදුකෝන්, විජේ සේදුපති හා සංජය දත් සමඟ රංගන ශිල්පීහු රැසක් රංගනයෙන් එක්වෙති. ජවාන් සිනමාපටය ජවාන් සිනමාපටය  Red chillies Entertainment වෙනුවෙන් ශාරුක් ඛාන්ගෙ බිරිඳ ගෞරි ඛාන් නිෂ්පාදනය කර ඇති අතර සිනමාපටයේ තිර රචනය Ramanagirivasanගෙනි. සංගීත අධ්‍යක්ෂණය අනිරුද් රවිචන්දර් විසින් සිදුකර තිබෙයි. එමෙන්ම සිනමාපටය හින්දි, දමිළ, තෙලිඟු, මලයාලම් භාෂාවෙන් ප්‍රදර්ශනය වේ.

ක්‍රියාදාම සපිරි කෘතුහලයෙන් පුරවන්නට වගේම ඉතාමත් හොඳ මසාලා වර්ගයේ සිනමාපටයක් ලෙසින් අට්ලී "ජවාන්" රැගෙනවිත් තිබෙයි. ශාරුක් ඛාන් රංගනයෙන් දායක වූ සිනමාපට බැලු කල ක්‍රියාදාම සිනමාපට දක්නට ලැබුනේ කලා තුරකිනි.  Don, Don 2 සහ Patan ඒ තුළ වෙයි. නමුත් තරුණ අධ්‍යක්ෂක අට්ලී විසින් ශාරුක් ඛාන් නැවත වරක් සුපිරි ක්‍රියාදාම සිනමාපටය හරහා ඔහුගේ එතෙක් මෙතෙක් පැමිණි සිනමා රංගනයන්ගේ වෙනස්ම වූ පැතිකඩක් ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලබා දී තිබෙයි. "ජවාන්" හරහා ශාරුක් ඛාන් දිත්ව චරිත නිරුපනයක යෙදෙන අතර ප්‍රති විරුද්ධ චරිතයෙන් විජේ සේදුපති සුවිශේෂී රංගනයකට දායක වේ.

ජවාන් සිනමාපටයේ ක්‍රියාදාමයන්ට අමතරව කැපී පෙනෙන්නේ සිනමාපටයේ ඇති දෘශ්‍ය ප්‍රයෝගයි. ඉතාමත් ගුණාත්මක අයුරෙන් වගේම ඉතා කුඩා දත්තයන් පවා සැලකිල්ලට ගනිමින් නිර්මාණය කර තිබීම විශේෂ වෙයි. අනිරුද්ගේ සංගීතයෙන් මුසු වූ සිනමාපටයේ තේමා ගීතය සමඟ ගීත  07කින් යුක්ත වේ. එමෙන්ම සිනමාපටයේ තවත් කැපී පෙනෙන සහ වැදගත් ස්ථානයක් ශාරුක් ඛාන් ගේ සහ විජේ සේදුපති ගේ වෙස් ගැන්වීම් වලට ලබා දී තිබෙන බව කිවයුතුම වේ. දිත්ව රංගනයෙන් හමුවන ශාරු ඛාන් සිනමාපටය තුළ විවිධ අවතාර ස්වරුපයන්ගෙන් ප්‍රේක්ෂකයන් වෙතට පැමිණීම සහ ඒ චරිතයන් හට හොඳ සාධාරණයක් ලබා දෙයි.

ජවාන් කතා සාරාංශය 

ඉන්දීය හමුදා සෙබළුන් හතළිස්දෙනෙකු ගෙන් යුත් පිරිසක් මරා දැමීම හේතුවෙන් ඒ සඳහා වගකිව යුතු ත්‍රස්තවාදී කණ්ඩායමක් අල්ලා ගැනීමේ විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට ඉන්දීය හමුදාවේ විශේෂ මෙහෙයුම් ඒකකය කටයුතු ආරම්භ කරනු ලබයි. එහි දී කපිතාන් වික්‍රම් රාතෝර් සහ හමුදා බට කණ්ඩායම මේ සඳහා කටයුතු කරනු ලබයි. මෙහෙයුමේ ප්‍රථිපලයක් ලෙස වික්‍රම් සහ ඔහුගේ කණ්ඩායම ත්‍රස්තවාදීන් පිරිස කොටු කරගැනීමට සමත් වෙන අතර අවි ආයුධ සැපයුම්කරුවෙක් වූ කාලී සඳහා වික්‍රම් පැමිණිලක් ගොනු කිරීමට කටයුතු කරනු ලබයි. නමුත් එම රාත්‍රියේදීම පැමිණිල්ල යට ගැසීමේ අරමුණෙන් කාලී ක්‍රියාත්මක වන අතර එහිදී වික්‍රම්ව ඝාතනය කිරීමට සැරසෙයි.

කාලී සහ ඔහුගේ සහචරයන් පිරිස විසින් වික්‍රම්ව අල්ලා ගනු ලබන අතර ඔහුව ගුවන් යානයක නංවාගෙන ගොස් වෙඩි තබා ඝාතනය කරනු ලබයි. එමෙන්ම වික්‍රමගේ බිරිඳ වූ අයිශ්වර්යා සිර දඬුවම් නියමවන්නේ කාලී වෙනුවෙන් රහසිගතව වැඩකටයුතු කරන ලද පොලිස් නිලදාරීන් තිදෙනෙක් ඝාතනය කිරීමේ වරද හේතුකොට ගෙනයි. පසුව වික්‍රම් ජාතික ද්‍රෝහියෙක් ලෙස ප්‍රකාශයට පත් වන අතරම අයිශ්වර්යා සිරගෙදරදී ඔවුන්ගේ දරුවා බිහි කරනු ලබයි. ඔහුට අසාද් යන නම තබන අතර වයස 5ක් වෙත්දී අයිශ්වර්යා ඔහුගෙන් ඉල්ලා සිටින්නේ තම පියාගේ නිර්දෝෂිභාවය ඔප්පු කිරීමට සහ එල්ලුම් ගහට නියමවූ ඈ එල්ලා මරා දැමීමට ප්‍රථම පීඩිතයින් හට යුක්තිය ඉටු කරන ලෙසයි. 


ජාතික ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගැසූ වික්‍රම් ගේ නිර්දෝෂී බව ඔප්පු කිරීමට අසාද්ට හැකි වෙයි ද?

එල්ලිම් ගහට නියම වූ තම මව බේරා ගැනීමට ඔහුට හැකි වෙයිද?

කාලී ගෙන් පළිගැනීමට අසාද් හට හැකි වෙයිද?

මේ සියල්ලටම පිළිතුරු ලබා ගැනීමට නම් ඉක්මනින්ම ඔබේ ලඟම සිනමාශාලා හී ප්‍රදර්ශනය ඇරඹි "ජවාන්" සිනමාපටය නරඹන්න සිදුවෙයි. "ජවාන්" හි වික්‍රම් සහ කාලී ගේ කතාව සේම සිනමාපටය තුල අපට තවත් බොහෝ කතා හමුවේවි යන්නත් ඔබට කිව යුතුමය. සිනමාශාලාවකම නැරඹිය යුතු සිනමාපටයක් ලෙසින් "ජවාන්" නිර්දේශ කල හැකි අතරම දමිළ සහ හින්දි භාෂා ද්විත්වයෙන් දිවයින පුරා EAP මණ්ඩලය ඇතුළු සිනමාහල් 55ක අතිසාර්ථක ලෙස ආදායම් වාර්තා බිදහෙළමින් ප්‍රදර්ශනය වේ.සිනමාපටය නැරඹීමට සිනමාවට ආදරය කරන ඔබ සැමට Art Street කලා වීදියේ අපේ ආරාධනා.

සටහන - 
ගිහාන් තිලකරත්න (Giza Bee)
Art Street කලා වීදිය වෙනුවෙනි

ජයාරූ අන්තර්ජාලයෙන් බව සලකන්න






Post a Comment

0 Comments