ලාංකීය YouTube අවකාශයේ ප්‍රථම Horror කතා මාලාව "Last Message"

Last Message YouTube Mini Series

බොහෝම පිරිසක් ආදර කරන සහ කතා කරන
Tokka Cinema නිර්මාණ කණ්ඩායම විසින් නුදුරේදීමය ඔබට සමීප කරන්න සූදානම් වන Last Message YouTube කතා මලාව හා සම්බන්ධ වූ ශිල්පීන් පිරිස ගැන ඔවුන් අද ෆේස්බුක් පිටුව හරහා පළකර සිටියද ප්‍රේක්ශකයන්ට තව තවත් කෘතුහලය ඇති කිරීම උදෙසා මෙහි සිටින සුවිශේෂ චරිත දෙකක් තවමත් සඟවාගෙන තබා ගෙන තිබේ.

Last Message YouTube Mini Series


ඒ අය කවුරුන් විය හැකිද?

Last Message යනූ Horror / Drama ශාණරය සහ කෘතුහලය (thriller) පිරුණු කතා මාලාවක්ම වන අතර ලාංකීය YouTube අවකාශයේ දිග හැරෙන කතා දිගුවක් ලෙසින් නිර්මාණ වන ප්‍රථම Horror mini series , කතා මාලාව බවට Last Message පත්වෙනවා.

තරුණ පිරිසකගේ වෙහෙස මහන්සිය සමඟ නිර්මාණය වන මෙම කතා මාලාව ලාංකිකයින්ට පමණක් නොව භාෂා කිහිපහකින් උපසිරැසි සහිතව වෙනත් රටවල ප්‍රේක්ශකයන් උදෙසාද මුදා හරින බව කතා මාලාවේ අධ්‍යක්ෂවරයා වන ලක්ෂාන් පෙරේරා මහතා කියා සිටියා. ලාංකීය ඇනිමේෂන් කෙටි සිනමාපටයක් ලෙසට එකතු වූ The Tunnel වැනි සුවිශේෂී නිර්මාණයන් බිහි කල Tokka Cinema කණ්ඩායම ඔවුන්ගේ නවතම කෙටි සිනමාපටය වන Last Message කතා මාලාව සඳහා VFX , Green Screen වැනි නවීන තාක්ෂණය උපයෝගී කරගෙන තිබෙනවා. තව නොබෝ දිනකින් කෙටි කතා මාලාවේ Teaser විඩියෝව ඔවුන් ප්‍රේක්ශකයන් වෙත මුදා හැරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

Tokka Cinema විසින් මින් ප්‍රථමව නිර්මාණය කලා වූ Jessy කෙටි සිනමාපටය ද අන්තර්ජාතික online කෙටි සිනමාපට උළෙලකට තරඟ වැදීමට තේරී පත්ව තිබීමද සුවිශේෂී වෙයි. Tokka cinema විසින් නිර්මාණය කරන්නා වූ Last Message කතා මාලාව ප්‍රේක්ශකයන්ට වෙනස්ම වින්දනයක් ලබා ගත හැකි අතරම ඔවුන්ගේ YouTube චැනලය ඔස්සේ ඉදිරියේදී නිකුත් වීමට නියමිතය. Last Massage කතා මාලාව ගැන නුදුරේදී අප ඔබට තවත් තොරතුරු රැගෙන් එන්නම්.



Giza Bee

Post a Comment

10 Comments