දේශීය සිනමාවේ ප්‍රථම නිහඬ සිනමාපටය "පළිගැනීම" 1936


_Giza Bee_

දේශීය සිනමාවේ ප්‍රථම නිහඬ සිනමාපටය "පළිගැනීම" කින් ආරම්භ වේ.

"නිහඬ සිනමාව" දේශීය සිනමාවේ තවත් සංදිස්ථානයක් ලෙස හැඳින්විය හැක. මුල් කාලීනව ලංකාව තුළ ස්තාපිත කෙරුණු සිනමාශාලාවන් හීදී ඉංග්‍රීසී, හිංදී, ද්‍රවිඩ නිහඬ සිනමාපට සහ වාර්ථා සිනමාපට බොහෝ දේශීය ප්‍රේක්ශකයන්ගේ අවදානය දිනා ගත්තද දේශීය සිනමාපටයක් ඔවුන්ට දැකගන්නට තරම් වරම් නොවීය. 1925 දී නිර්මාණය වූ "රාජකීය වික්‍රමය" ද දේශීය සිනමාවට අහිමිවීම අභාග්‍යකී.

මුල් වකවානූවේදී නිහඬ කෙටි සිනමාපට හෝ සංචාරක වාර්තා චිත්‍රපට දේශීය සිනමාහල් වලදී ප්‍රේක්ශකයන් වෙත පෙන්වනු ලැබීය.ඒ අතර 1907 වසරේ ලංකාවේ ජන ජීවිතය සහ ස්වභාව සෞන්දර්ය නිරූපණය කරන නිහඬ සිනමාපට දිත්වයක් විදේශීය සිනමාකරුවන් විසින් නිර්මාණය සිදුවිය. තවද වැදගත් සිදූවීමක් ලෙස කල්කටාවේ ධර්මරාජික විහාරයට සර්වඥ ධාතූ පූජා කිරීමේ උත්සවයට "අනගාරික ධර්මපාලතුමා" සහභාගී වීම අළලා තැනූ විනාඩී 10ක පමණ කෙටි සිනමාපටය "පැලස් සිනමාශාලාවේ" ප්‍රදර්ශනයෙන් අනතුරුව විශාල මහජන සහභාගිත්වයක් සේම ඒ ගැන උද්‍යෝගයක් ඇති විය. ඒ හේතුවත් මෙරට එවකට සිටි වෙළද ව්‍යාපාරිකයින් ගේ අවධානයද ඒ ගැන යොමූ වීම හේතුවෙන් දේශීය සිනමාව වර්ධනය උදෙසා පිටුවහලක් ගෙනදෙන්නක් විය.

1933 වසරේ මෙරට වැවිලි කර්මාන්තය සහ ජන ජීවිතය අළලා තැනූ "ලංකා ගීතය (Song of Ceylon) වාර්තා සිනමාපටය නිර්මාණය වීමත් බොහෝ විදේශීය සිනමාපට ලංකාවේ දී රූ ගත කිරීමත් වැනි දේවල් සමඟ ප්‍රථම දේශීය නිහඬ සිනමාපටයක් නිර්මාණය කිරිමෙහිලා අවශ්‍යතාවයක් පැණ නැගින.

"බැංකු කළමණාකරු" සේම "ඉන්ද්‍රානී" ,"සිරි සඟ බෝ" වැනි නිහඬ කෙටි සිනමාපට තැනීමට එවකට දැරූ ප්‍රයත්න කිහිපයම අසාර්ථක විය. නමුත් 1936 වසරේදී ලාංකීය සිනමා වංශකතාවේ ප්‍රථම නිහඬ සිනමාපටය නිර්මාණය කිරීමට හැකියාව ලැබෙන්නේ "ඩබ්ලිව්. දොන් එඩ්වඩ්" හටය. ඔහු එවකට ටවර් හෝල් සංගීතඥයෙකී. ඔහු මෙරට ප්‍රථම සිනමාපට අධ්‍යක්ෂවරයා ලෙස නම් වේ.

🎬 ඩබ්ලිව්. දොන් එඩ්වඩ් ගේ "පළිගැනීම".

1936 මැයි මස 19 වන දින කොටහේන "ගෙයිට් සිනමාශාලාවේ" අතිරේක සිනමාපටයක් ලෙස "පළිගැනීම" කෙටි නිහඬ සිනමාපටය ප්‍රදර්ශනය කිරීම මෙරට සිනමා වංශයේ සමාරම්භයයි.

ඩබ්ලිව්. දොන් එඩ්වඩ් විසින් පිහිටුවා ගත් "කලම්බු මූවී ක්ලබ්" සංවිධානයේ ඉදිරිපත් කිරීමක් වූ පළිගැනීම විනාඩී 30කින් සමන්විත වූ කෙටි සිනමාපටයකී. එම සිනමාපටය රීල් තුනකින් යුක්ත වූවක් ලෙස සඳහන්ය.

"පළිගැනීම" කෙටි සිනමාපටයේ කතා පුවත බටහිර සිනමාපටයක් ඇසුරෙන් සැකසූවකී.

පළාතේ බලවතා වන්නේ කෝරළේ මහත්තයාය.ඔහු විසින් ගමේ ජීවත් වූ දුගී පවුලකට නිතරම අඩත්තේටම් කරනු ලබයි. දිනක් එම පවුලේ පියා මරා දමා නිවසේ සිටි ළාබාල දියණිය දූශණය කරනු ලබයි. මේ තිරිසන් ක්‍රියාව බලා සිටින ලාබාල සහෝදරයා වැඩිවියට පත් ව කොරළේ මහත්තයා මරා දමන පළිගැනීමේ සිද්දිය සම්බන්ධව "පළිගැනීම" සිනමාපටයේ ප්‍රස්තුතය විය.

මෙම සිනමාපටයේ රංගනයෙන් ඩී. ආර්. සංගපාල, ශ්‍රියා කාන්තා (ඩබ්ලිව්.මිලී ආරියවතී), එන්. ආර්. ඩයස්, එච්. ඩබ්ලිව් සුගතපාල, ජෝශප් සංගපාල, ඩී. ඒ. සංගපාල යන පිරිස එක්වූවෝය.

ටවර්හෝල් නළුවෙකු වන "එන්.ආර්.ඩයස්" මෙරට ප්‍රථම සිනමාපට නළුවාය.පසු කාලීනව ඔහු අම්මා,රේඛාව,සංදේශය,චණ්ඩියා වැනි සිනමාපට වලටද දායකත්වය සපයා තිබේ

"ඩබ්ලිව්.මිලී ආරියවති" හෙවත් "ශ්‍රියා කාන්තා" මෙරට ප්‍රථම සිනමාපට නිළියද වන්නීය.

"පළිගැනීම" නිහඬ කෙටි සිනමාපටය අලලා දේශීය පුවත් පතකට ඒ ගැන පල වීමත් සමඟ දේශීය සිනමාපටක් අරභයා පුවත් පතක පළවූ ප්‍රථම ලිපිය ලෙස සැළකේ. එය ලියන ලද්දේ ඩී. වී. සෙනෙවිරත්න යන් විසිනී.

දේශීය සිනමාවේ රන් අකුරෙන් ලියැවුණූ ප්‍රථම නිහඬ සිනමාපටයේ වගතුග ඔබේ දැනුමටත් සිනමාව ගැන ඉගෙනුම ලබන දුවාදරුවන් වෙනුවෙන් බෙදා ගන්නත් (shear) අමතක කරන්න එපා.

ලිපියට අදාල සියළුම කරුණු සිනමාව හා සම්බන්ධ පොත පතින්ද අන්තර්ජාලයෙන් ද සොයා ගත් කරුණු බව සළකන්න.


Post a Comment

0 Comments