"සැපක් ගමුත" එයම ඉලන්දාරි වචනයක් කිව්වොත් වැරදි නැහැ...
අලුත්ම හැඩයක හැඟීම් කැටිවුණු පොපියන යෞවනය මනාවට ඉස්මතු කළ ඉලන්දාරි සිංදුවක් කරළියට ඇවිත්. ගැම්මකින් වැඩකරන අලුතෙන් හිතන පරම්පරාවක් නැතිව මේ සයිබර් අවකාශය තුළ අපට ලෝකය දිනන්න බැහැ. තනි තනිව හුදකලාවන අද ජිවත් වන අලුත් පරම්පරාවක් ඇතුලේ ජීවිතය විඳින්න අනෙකා එක්ක මුහුවෙන ජව සම්පන්න යෞවනයන් පිරිසක් Spade Squad. සැපක් ගමුත ගීතය තුළින් තමන්ටම අනන්‍ය බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරන්න ඔවුන් සමත් වෙනවා.
Spade Squad නැවුම් ජවයක් මේ නිර්මාණය තුළ මා දකිනවා. ගීතය ලියන්නේ Mura. සංගීතය Shenal Maddumage. ගීතය හුස්ම ගන්න පටන් ගන්නේ මෙි වචන එක්ක මුහුවෙන සංගීතයෙන්. අපුර්ව නාද මාලාවක් මවනවා.
සමකාලීන නව යෞවනයන්ගේ භාෂා ව්‍යවහාරයට ඉතාමත් කිට්ටු වචන මෙි ගීතයට එකතු කරගන්නවා. මෙහි Rap කොටසේ ජනශ්‍රති ආභාසයෙන් උකහාගත් යෙදුම් පවා මනරම්ව ගැයෙනවා. Rap - Raveen Balasooriya ජවය ගීතයට ගෙන එන්නේ අමුතුම ආලෝකයක්. සංගීතය නිර්මාණය ඉතාමත් නූතන තානයක් එකතුවෙන ගීතය වඩාත් ආකර්ෂණීය වන්නේ යෞවනයන්ගේ ඉදිරිපත් කිරීමෙි ශක්‍යතාව මත.
Director Ravindu Abeyarathna./ Editor Kasun Kavinda ගීතයේ රූප රචනාවට ගෙන එන හැඩතල පවා ජවසම්පන්නයි. දමිල සිනමාවේ අපි දකින්නේ විරයා. නිලියට වඩා ඔවුන් හිරෝව මතු කරනවා. නමුත් අපි නිතර අහන්නේ දකින්නේ අපේ පෙම්වතුන්ගේ අඬන වැලපෙන රූප රචනා. මේ ගීතය ඉන්නේ ක්‍රියාශීලී සැහැල්ලු තරුණයෝ කීපදෙනෙක්. ඔවුන් හොද යහළුවෝ. මෙි තරුණයින්ගේ ගායනය සහ රංගනය හරිම ස්වභාවිකයි. රිද්මය පවත්වා ගැනීම චමත්කාරයි. ඒ තුළ ව්‍යංගාර්ථව මතුකරන සරාගී බව යෞවනියන්ගේ ආකර්ෂණය ඔවුන් නොඅඩුව දිනාගන්න බව ගීතය තුළින් මතුවෙනවා.
සැපක් ගමුත .........
පෙම්වතියන් එපා කියලා ගැහැණු ළමයිව උමතු කරන විසේකාර කොල්ලන්ගේ ගීතයක්.
Sapak Gamutha Official Music Video (සැපක් ගමුත)




2 Comments
කාලෙකින් බලපු music video එකක් වගේම මාරම ගැම්මක්..
ReplyDeleteඒක මාරයි...😍❤
ReplyDelete