"SAVE" කෙටි සිනමාපටය Noble International Film Festival And Awards සඳහා තෝරාගෙන



මේ දිනවල බොහෝ දෙනෙක් කතා කරන Tokka Cinema කණ්ඩායමේ සාමාජිකයෙකු වන ලක්ෂාන් පෙරේරා සහ TC සහෝදරයෝ විසින් නිර්මාණය කරන ලද ඇනිමේෂන් කෙටි සිනමාපටයක් වන "SAVE" කෙටි සිනමාපටය අද දිනයේ දී අන්තර්ජාතික Online සිනමා උළෙලක් වන "Noble International Film Festival And Awards" සඳහා ප්‍රදර්ශනයට සහ තරඟ වැදීමට තෝරාගෙන තිබෙනවා. 

2021 සැප්තැම්බර් මස පළවන දා සිට පස්වනදා දක්වා පැවැත්වෙන සිනමා උළෙල සහ තරඟය විවිධ වූ ඛාණ්ඩ යටතේ සිනමාපට තරඟ වැදීමට නියමිතයි. මේ අතර "Save" සිනමාපටය හොඳම ඇනිමේෂන් සිනමාපට අතර තරඟ වැදීමට නියමිතවේ. 

SAVE සිනමාපටය නිර්මාණය කර ඇත්තේ 90%ක්ම MOBILE APPS භාවිතා කරම්න් වන අතරම මිනිත්තු 4ක් වැනි කාලයකින් යුතු සජීවීකරණය කරන ලද කෙටි සිනමාපටයකි. වර්තමාන ලෝකයේ දකිනට ලැබෙන අමිහිරී සිදුවීමක් කතාවට වස්තූබීජය ලෙස තෝරා ගෙන ඒ පිළිබඳව නිර්මාණය වූ "SAVE" කෙටි සිනමාපටය හරහා සමාජයට විශාල පණිවිඩයක්‍ රැගෙන එන අතරම මෙහි ප්‍රධාන නළු චරිතය ලෙස ඔබට රොබෝ කෙනෙකු දකිනට ලබෙයි.

නවක කෙටි සිනමා නිර්මාණ ශිල්පීන් බොහෝමයක් දෙනෙක් බිහීවූ ද කෙටි සිනමාපට බොහොමයක් නිර්මාණයවූ ද මෙම වසර කෙටි සිනමාපට සඳහා සුභ වසරක් ලෙසත් අපේ දක්ෂතා ලොවට ගෙනයන්න පුළුවන් වූ වසරක් ලෙසත් 2021 හැඳින්විය හැක.

SAVE සිනමාපටය හා සම්බන්ධවූ සැමට සුභපැතුම්.

කෙටි සිනමාපටය නැරඹීමට මෙතනින් එකතු වන්න 






Giza Bee

Post a Comment

1 Comments