DUNE විද්‍යා ප්‍රභන්ධ නවකතාවකින් මැවුණු සිනමා සිත්තම

Dune



DUNE නවකතාව සහ එහි මැවුම්කරු



Dune writer
writer and book


විද්‍යා ප්‍රභන්ධ සඳහා පිරිනැමෙන හොඳම නවකතාව ලෙසින් Nebula (1965), සහ Hugo (1966) සම්මානයට පාත්‍ර වූ Frank Herbert විසින් රචිත Dune නවකතාව 1965 වසරේ ප්‍රකාශනයට පත් වුවකි. නමුත් නවකතාවක් ලෙසින් Dune ප්‍රකාශයට පත් කොට පල කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවීය. මේ සඳහා 1959 වසරේ සිට පර්යේෂණාත්මක ක්‍රමවේදයන් ඔස්සේ ගමන් කරමින් Frank විසින් ලියන ලද මෙම කතාව එකළ තිබු නවකතාවන් වලට වඩා බොහෝ සේ දිගු එකක් විය.නමුත් මෙම කතාව ප්‍රකාශන සමාගම් විස්සකට වැඩි ප්‍රමාණයකින් ප්‍රතික්ෂේප වෙන අතරම මෙය ප්‍රකාශයට පත් කිරීමට අවසානයේදී එකතු වන්නේ විද්‍යා ප්‍රබන්ධ ප්‍රකාශන නිකුත් කරන ආයතනයක් වන Analog නම් ප්‍රකාශන සමාගමයි. Dune නවකතාවේ ඇති දිගු බව නිසාම ප්‍රකාශන ආයතනය මෙය පොත් දෙකක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීමට සැරසෙන අතර එක කතා පොතක කතාංග කොටස් අටක් ලෙස එළි දැකිවීම කර ඇත.එලෙස 1963 වසරේ දී Dune World යනුවෙනුත් 1965 වසරේදී Prophet of Dune යනුවෙනුත් පොත් දෙකක් Analog සමාගම විසින් ප්‍රකාශයට පත් කර ඇත.

Chilton පොත් සමාගමේ එවකට සිටි සංස්කාරකවරයෙක් ලෙස සේවය කල Sterling E. Lanier විසින් Dune කතා පෙළ කියවීමෙන් අනතුරුව නැවත වරක් එය නවකතාවක් ලෙසින් මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කිරීමට සැරසෙන අතරම ඇමරිකානු ඩොලර් 7,500ක අත්තිකාරම් මුදලක් Herbert හට ලබා දෙන්නේ අනාගත කතෘත්වය ඔහුට පිරිනමමින් සහ ඔවුන් විසින් මෙය මිලදී ගෙන ප්‍රකාශයට පත් කිරීමට අයිතිය ලබා ගැනීම වෙනුවෙනි. එලෙස ප්‍රකාශනයට පත් වන Dune නවකතාව බොහෝ පාඨක සහ විචාරයන් ගේ කතාබහට පැසසුමට ලක් වන අතරම හොඳම නවකතාව ලෙසින් සම්මානනීය වීමට හැකියාව ලැබෙනවා. එයින් අනතුරුව Herbert විසින් Dune නවකතාවේ ජනප්‍රියත්වය සමඟ එම කතාව පාදක කරගනිමින් තවත් නවකතා කිහිපයක්ම රචනා කොට ඇති අතර එම නවකතා පෙළ මෙලෙස මුද්‍රිතව ප්‍රකාශනය වී තිබේ.

Dune (1965)

Dune Messiah (1969)

Children of Dune (1976)

God Emperor of Dune (1981)

Heretics of Dune (1984)

Chapterhouse: Dune (1985)


Herbert විසින් රචිත ජනප්‍රියත්වයට පත් වූ Dune නවකතාව හා සමගාමිව තවත් නවකතා පෙළක් ප්‍රකාශයට පත් කිරීමට ඔහුගේ සිහිනයක් වුවද 1986 වසරේදී Frank Herbert මෙළොවින් සමුගෙන ගියාය.පසුව ඔහුගේ පුත්‍රයා වූ Brian Herbert සහ Kevin J. Anderson එකතුව පළමු Dune නවකතාව හා සබැඳිව තවත් නවකතා බොහොමයක් ප්‍රකාශයට පත් කිරීම සිදුව තිබෙනවා.

Dune Book set
Dune Book set

House Atreides (1999)

House Harkonnen (2000)

House Corrino (2001)

Legends of Dune series:

The Butlerian Jihad (2002)

The Machine Crusade (2003)

The Battle of Corrin (2004)

Hunters of Dune (2006)

Sandworms of Dune (2007)

Heroes of Dune series:

Paul of Dune (2008)

The Winds of Dune (2009)

Great Schools of Dune series:

Sisterhood of Dune (2012)

Mentats of Dune (2014)

Navigators of Dune (2016)

The Caladan Trilogy series:

Dune: The Duke of Caladan (2020)

Dune: The Lady of Caladan (2021)

2022 වසරේදී ඔවුන් විසින් Dune: The Heir of Caladan නමින් තවත් නවකතා පොතක් ප්‍රකාශයට පත් කිරීමට සුදානම් වී තිබෙනවා.



Dune ප්‍රබන්ධය සහ Games

Dune game


Dune ප්‍රබන්ධය ඇසුරෙන් නිර්මාණය වූ වීඩියෝ ක්‍රීඩා බොහොමයක් තිබෙයි. Adventure game Dune (1992), Dune II (1992),Dune 2000, Emperor: Battle for Dune 2001.Frank Herbert's Dune 2001 මේ ඒවායින් කිහිපයකි. තවත් ඉදිරියේදී Dune ඇසුරෙන් නවතම ඔන්ලයින් ගේම් කිහිපයක්ම එකතු වීමට ද නියමිතව තිබේ.


Dune ප්‍රබන්ධය සහ සිනමා ආගමනය


Alejandro Jodorowsky
Alejandro Jodorowsky


1970 වසරේ දී Alejandro Jodorowsky යන අධ්‍යක්ෂකවරයා Dune නවකතාව සිනමාපටයක් ලෙසින් නිර්මාණය කිරීමට ගන්නා වූ ප්‍රයත්නය යතාර්ථයක් නොවන්නේ එය පැය 14ක පමණ සිනමාපටයක් වීමයි. පසුව 2013 වසරේදී Jodorowsky's Dune ලෙසින් ඔහුගේ වියාර්තවූ කතාව වාර්ථා චිත්‍රපටයක් ලෙසින් නිකුත් කරනු ලබනවා.


David Lynch dune poster
David Lynch dune poster


1984 වසරේදී David Lynch විසින් Dune නමින් සිනමාපටයක් නිර්මාණය කලත් එය පැය තුනකට ආසන්න කාලයකට සිනමාපටය තිබීම හේතුවෙන් පැය දෙකහාමාරක් දක්වා සිනමාපටය සංස්කරණය කරමින් ප්‍රදර්ශනය වෙනවා. නමුත් ප්‍රේක්ෂකයන්ගෙන් සහ විචාරකයන්ගෙන් මෙම සිනමාපටය පැසසුමට ලක් නොවෙන අතර එය පාඩු ලබනවා. එමෙන්ම එවකට පැවතී Stinkers Bad Movie Award හි වසරේ වැඩකට නැතිම සිනමාපටය ලෙසට පාත්‍ර වී තිබෙනවා. එමෙන්ම මෙය Universal Pictures සමාගම විසින් නිකුත් කරන ලද්දක් වීමද එවකට කතා බහට ලක් වුවකි.



Frank Herbert's Dune mini poster
Frank Herbert's Dune mini poster



John Harrison විසින් Dune නවකතාව ඇසුරෙන් කෙටි කතා මාලාවක් නිර්මාණය කරනු ලබනවා. මෙහි අධ්‍යක්ෂණය වගේම කතාවද John Harrison විසින්ම ලියන ලද්දක්. මෙය 2000 වසරේ දී Frank Herbert's Dune ලෙසින් Sci-Fi Channel නාළිකාව කරහා රූපවාහිනී කතා මාලාවක් ලෙසින් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියතාවයට පත් විය.


Director of Dune 2021
Director of Dune 2021



2008 වසරේදී Paramount Pictures සමාගම විසින් Dune සිනමාපටය නිර්මාණයට ගත් වෑයම අසාර්ථක වුවද 2021 වසරේදී Dune විද්‍යා ප්‍රභන්ධයේ සාර්ථකම සිනමා නිර්මාණය බිහි වෙන්නේ කැනේඩියානු ජාතික Denis Villeneuve නම් අධ්‍යක්ෂකවරයා අතිනි.

Denis Villeneuve ගේ Dune 2021 සිනමාපටය ගැන මේ වන විට බොහෝ දෙනෙක් කතා කරන නිසාම අප ඒ ගැනත් Art Street කලා විදිය හරහා කතා කරමු.

Dune Shooting
Dune Shooting


1967 වසරේ දී උපත ලබන Denis Villeneuve, ඔහුගේ කුළුඳුල් සිනමාපටය නිර්මාණය කරනුයේ August 32nd on Earth (1998) නමිනි. පසුව සිනමාපට කිහිපයක්ම නිර්මාණය කරන ඔහු විසින් නිර්මාණය කරන ලද Prisoners, Sicario, Arrival, Blade Runner 2049 වැනි සිනමාපට ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රියතාවයට පත් වූ අතර සම්මානයට ද පාත්‍ර වූ ඒවායි.

වෙනස් විදියට සැමවිටම සිතන සහ නිර්මාණයේ යෙදෙන අධ්‍යක්ෂකවරයෙක් ලෙසින් ඔහු Dune සිනමාපටය සඳහා අඩිතාලම යොදාගන්නේ Frank Herbert විසින් රචිත Dune නවකතාවයි. 2018 දී මෙහි තිරකතාව ලියන ලද අතර ඒ සඳහා Denis Villeneuve, Jon Spaihts සමඟ Eric Roth එක්වන ලදී. 2019 වසරේ මාර්තු මස රූගත කිරීම් සිදුකරන ලද සිනමාපටය ප්‍රථම වරට ප්‍රදර්ශනය කරන ලද්දේ 2021 සැප්තැම්බර් මස 03 වෙනිදා පැවතී 78වැනි වැනිස් ජාත්‍යන්තර සිනමාපට උළෙල සමගාමීවයි. පසුව සැප්තැම්බර් මස 15 වන දින සිනමාශාලා වලත් HBO Max නාළිකාව හරහා ඔක්තෝම්බර් 22 වන දින සිට ලොව පුරා සිටින ප්‍රේක්ෂකයන් වෙනුවෙනුත් ප්‍රදර්ශනය ආරම්භ විය. සිනමාපටය බෙදාහැරිම Warner Bros සමාගම විසිනි.

Dune
Dune Shooting


සිනමාපටයේ රංගනයෙන් ජනප්‍රිය සහ විශිෂ්ඨ රංගන ශිල්පීන් ශිල්පිණියන් රැසක් දායක වන මෙහි Timothée Chalamet, Rebecca Ferguson, Oscar Isaac, Josh Brolin, Stellan Skarsgård, Dave Bautista, Stephen McKinley Henderson, Zendaya, David Dastmalchian, Chang Chen, Sharon Duncan-Brewster, Charlotte Rampling, Jason Momoa, සමඟ Javier Bardem එකතු වෙයි. Dune නවකතාවේ චරිත වලට පණ පොවන ඔවුන් සැබවින්ම එම චරිතවලට කිසිඳු හානියක් නොකර රංගනයේ යෙදී තිබීම සහ සිනමාපටයේ අධ්‍යක්ෂණය ද විශිෂ්ට එකක් යයි කිවහැකියි.

Dune Shooting
Dune Shooting

සිනමාපටයේ කැමරාකරණය ගැනද කතා නොකරම බැරි එකකි. Greig Fraser විසින් මෙහි කැමරාකරණය කර ඇති අතර ඔහු ඉන් ප්‍රථම කැමරාකරණය කරන ලද සිනමාපට නැරඹු අයෙක් නම් ඔහු ගැන තවත් වර්ණනා අවශ්‍ය නොවෙයි. Snow White and the Huntsman, Zero Dark Thirty, Lion, Rogue One, Vice ඔහු කැමරාකරණයෙන් දායක වූ කිහිපයක් පමණයි.

12 Years a Slave, Arrival, Sicario , Blade Runner 2049 සිනමාපට හි සංස්කරණය සඳහා දායක වූ Joe Walker විසින් Dune සිනමාපටයේ සංස්කරණය කිරීම් සිදුකර ඇති අතර සිනමාපටයේ කතාවට හානියක් බාධාවක් නොවී සියුම්ව කර තිබීම නම් මෙහි තවත් විශේෂයකි.

පසුබිම් සංගීත සහ සිනමාපටයට අවශ්‍ය ශබ්ධ මැනවින් මුසුකොට තිබීම ද රුප රාමුවෙන් රාමුවට රැගෙන එන කතාවට බෙහෙවින් රුකුලක් ව තිබෙන අතර ඒ සඳහා ද එකතුව ඇත්තේ සම්මානනීය විශිෂ්ඨයෙක් කිවහොත් නිවැරදියි. නමින් Hans Zimmer වන ඔහු The Lion King (1994), Crimson Tide, Gladiator, the Pirates of the Caribbean series, The Dark Knight Trilogy, Inception, Interstellar, Dunkirk, Blade Runner 2049 සහ තවත් බොහෝ සිනමාපට වල පසුබිම් සංගීතයෙන් දායක වූ අයෙකි.

Dune සිනමාපටය Budapest හි ඇති Origo Film Studio හි දී රූගත කිරීම් සිදුකර ඇති අතර ජෝර්දානයේ Wadi Rum නම් කාන්තාරය ආශ්‍රිතව ද නොර්වේ සහ අරාබියේ ද රූගත කිරීම් සිදුකර තිබෙයි. සිනමාපටය රූපගත කිරීම සඳහා Arri Alexa LF සහ IMAX-certified Alexa Mini LF කැමරා භාවිතා කර තිබෙයි. සිනමාපටය සඳහා දෘශ්‍ය ප්‍රයෝග 2000කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර තිබෙන අතර Green Screen භාවිතා කර ඇත. එමෙන්ම වැලි සහිත රූගත කිරීම් වලදී දෘශ්‍ය ප්‍රයෝග යොදාගැනීමට ඔවුන් වැලි පැහැති දුඹුරු තිර (Brown Screen ) යොදාගෙන ද තිබීම තවත් විශේෂයකි. එමෙන්ම වැලි පණුවන් සහ සිනමාපටයේ දකින උරගයන් පරිගණක ආශ්‍රිතව නිර්මාණය කර තිබෙයි. තවද Houdini මෘදුකාංගය මොවුන් විසින් වැලි චලනය කිසිම සඳහා යොදාගෙන තිබෙයි.

Dune Movie Stills
Dune Movie Stills



සිනමාපටයේ කතාව රිද්මයට අනුකුලව යමින් ඇසට සුව දනවන වර්ණයන්ගෙන් පොහොසත් වෙමින් දිගහැරෙන තවත් ග්‍රහලොවක සිදුවූ වෙනස්ම කතාවක් සහිතව Dune - Chapter One සිනමාපටය නිර්මාණය වෙද්දී මේ සිනමාපටය හා තවත් සිනමාපට කිහිපයක්ම නුදුරේදීම නිර්මාණය වේවී. එමෙන්ම Star Wars, Alien, Contact සහ Blade Runner වැනි සිනමාපට Dune නවකතාවේ අභාෂය ඇතිව එමෙන්ම නවකතාවෙන් උකහාගත් යම් කොටස් සහ චරිත මෙම සිනමාපට වල දැකගන්න ලැබීම ද තවත් කරුණකි.


Dune 2021 poster
Dune 2021 poster


සෑම ගුණාංගයකින්ම සමන්විත Dune - Chapter One 2021 සිනමාපටයේ සාරාංශය


සිනමාපටය ගැන කතා කරන්න ප්‍රථමව දැනගත යුතු කරුණු කිහිපයක් තිබේ. මේ කතාව ගමන් කරන්නේ ග්‍රහලෝක කිහිපයක් වටා. අපි දැන් ජිවත් වනුයේ 2021 වසරේ අවසාන මාස කිහිපයේ. එහෙත් මෙම සිනමාපටය පාදක කරගෙන තිබෙන්නේ 10191 කාලයයි. ඉතින් මෙම කාලය වන විට පෘථිවියේ ජීවය නැති වීමත් සමඟ පෘතුවියෙන් එපිට විශ්වයේ ඇති අනෙකුත් ග්‍රහලෝක මිනිසුන් ජිවත් වීමට තෝරා ගනු ලබනවා. මෙලෙස මිනිසුන් ජිවත් වන ග්‍රහලෝක කිහිපයක් ගැනම Dune සිනමාපටයේ ඇතුළත් වනවා.


1 planet Arrakis (source of the spice)

2 planet Caladan (home of house atredies)

3 planet giedi prime (home of house harkonnens)

4 planet kaitan ( home of emperor)


මේ තිබෙන ග්‍රහලෝක වලින් සිනමාපටය නරඹන ප්‍රේක්ෂකයන්ට වැදගත්ම ග්‍රහලෝකය වන්නේ Arrakis ග්‍රහලෝකයයි.කාන්තාර භූමියක් ලෙසින් දිස් වන මෙම ග්‍රහලෝකය මිනිස් වාසය ඇති මෙම ග්‍රහලෝකය වටා Dune - Chapter One 2021 සිනමාපටය නිර්මාණය වී තිබෙනවා.

Dune
Dune 


Arrakis නම් කාන්තාර සහිත ග්‍රහ ලෝකයක් වුවත් මුළු විශ්වයේම තිබෙන වටිනාම දෙය වන මෙලාන්ජ් කුළු බඩු එහෙමත් නැතිනම් Spice Melange නිපදවෙන්නේ එහිය. එය මුළු විශ්වයේම ක්‍රියාවලියට අත්‍යවශ්‍යම දෙයකි. හරියට සෞදි අරාබියේ තෙල් අපට නැතුවම බැරි දෙයක් වගේ එකකි. Spice වලින් මිනිසුන්ට බලය වැඩි වන අතරම අනාගතය දැකීමේ ශක්තියද ලැබෙන්නකි. ඉතින් මෙම අස්වැන්නෙන් විශාල ප්‍රතිලාභ තිබුනද එම ග්‍රහලෝකයට ආවේනික ජනකොට්ටසයක් වන Fremen වරුන්ගේ සහ කාන්තාරය පුරා සිටින වැලි පණුවන්ගෙන් අස්වැන්න නෙළීමට බාධාවන් පැමිණෙනු ලබයි. එමෙන්ම Arrakis යනු හොරබඩු ජාවරාම් කරුවන්ගේ පාරාදීසයකි. එමෙන්ම Fremen වරුන්ගේ දෑස් නිල් පැහැයක් ගන්නා අතර එයට හේතුව වන්නේද ඔවුන් නිතරම කාන්තාරයේ ඇති Spice සමඟ දෑස් නිරාවරණය වී තිබීමයි.

Arrakis හි පාලනය අත්පත් කරගෙන සිටි Harkonnen ආධිපධවරයා ඉතා සැඩ පරුෂ පාලනයකින් එම ග්‍රහලෝකයේ මුල් ජනයන් වන Fremen වරු පෙලමින්, තමාගේ මඩිය තරකරගත් අයෙකි. Harkonnen ගේ කුරිරු පාලනය හමුවේ Arrakis ග්‍රහලොවේ අධිපති තනතුරෙන් ඔහුව පහ කරනු ලබනනේ එවනකට විශ්ව පාලකයා වූ හතරවන ශදාම් (Shadhaam) විසිනි.

Dune
Dune


Duke Leto Atreides අධිපාදවරයා සාගර වලින් බහුල ග්‍රහලෝකයක් වූ Caladan හි පාලකයා වූ අතර ඔහු අවිවාහකය. නමුත් මෙහි Jessica නම් උපපතිනියක් ද සිටියි. ඇය කාන්තාවන්ටම පමණක් වූ ආගමක් ඇදහු අයෙකි. එම ආගම අදහන අයට මිනිස් සිත කියවීමට තරම් මනස දියුණු වූ පිරිසක් විය. ජෙසිකා අයත් එම නිකායේ පාලිකාව ශදාම් අධිරාජ්‍යයාගේ ප්‍රධාන උපදේශකවරියද විය.

ජෙසිකා හට Paul නමින් පිරිමි දරුවෙකු උපත ලද අතර ඔහුගේ පියා වුයේ Leto ආධිපාදවරයායි. ඔහුගේ සියලුම උරුමය සහ අයිතිය ලැබෙන්නේ Paul හටයි. මේ සිදුවීමත් සමඟ ජෙසිකා ගේ ආගමික නිකාය තුල පැවතියේ අනිසි වියාකුලතත්වයකි. Paul නම් වූ එම පිරිමි දරුවා පසු කලෙක ඔවුන්ගේ නිකායේ සාමාජිකාවන්ටත් වඩා බලසම්පන්න ගැලවුම්කරුවෙකු වේ යන්න ඔවුන් සැක සිතන්නට විය.



Paul හට නිතර විවිධ සිහින පෙනෙන්නට ද පටන් ගන්නා අතරම ඔහු වයස අවරුදු පහළවට පත් වීමත් සමඟ විශ්ව පාලක Shadhaam විසින් Arrakis ග්‍රහලෝකයේ පාලනය තමාට ලබා ගන්නා ලෙස Leto ආධිපාදවරයාහට නියෝගය කරනු ලබයි.ඒ Harkonnen ආධිපධවරයාගේ නෙරපීමත් සමඟයි. පසුව මෙම නියෝගයත් සමඟ ආධිපදවරයා ඇතුළු පවුල සමඟ Arrakis වෙත පිටව යනු ලබයි.නමුත් එය ඔහුට විරුද්ධව සිදුවෙන කුමන්ත්‍රණයක් බව ඔහුට වැටහෙන්නේ ඉන් පසුවයි.

එයින් පසු සිදුවන්නේ කුමක්ද යන්න නවකතාව කියවූ අයෙක් නම් දැනගනීවි. නමුත් ඔබ නවකතාව ගැන කියවා හෝ නොමැතිනම් සිනමාපටය නරඹා සිදුවන්නේ කුමක්ද යන්න දැනගන්න ලැබේවි. මෙම සිනමාපටයේ සාර්ථකත්වය සමඟ මෙහි දෙවැන්නක් නිර්මාණය කිරීමට අධ්‍යක්ෂකවරයා තීරණය කර ඇති අතර එය එලෙසම වේවා කියා සිතනුයේ මෙවැනි සිනමාපටයක් නැවත දැකීමේ ඇති පිපාසයම හේතුවෙනුයි. එමෙන්ම මෙම සිනමාපටය සිනමා ශාලාවක බැලීමට තරම් ම විශිෂ්ඨ එකක් යන්න කිවයුතුමයි.

Herbert විසින් රචිත DUNE විද්‍යා ප්‍රබන්ධයේ සිනමා ආගමනය මෙලෙස සමාප්ත කරන්නේ තවත් මෙවැනිම සිනමාපටයක් ගැන වග තුග Art Street කලා වීදිය හරහා රැගෙන ඒමේ බලාපොරොත්තුවෙනුයි.අපට ශක්තියක් වෙන ඔබ සැමට ස්තුතී.


©
 Giza Bee








Post a Comment

1 Comments

  1. පුදුම කුතුහලයක් එන විදියට article එකත් ලියලනෙ 👣

    ReplyDelete