බිරිඳක, ලේලියක ලෙසින් ඇය පණ මෙන් සුරැකි ගෞරවය Vasuki

Vasuki Art Street

ස්ත්‍රීත්වය, ලාමක, සෞන්දර්යාත්මක, සුන්දරත්වයෙන් පිරි ගැහැනිය අර්ථයෙන් පරිපුර්ණ කරනා අගයක්. ජීවන චක්‍රය තම පවුල වටා ගොඩනගනා ස්ත්‍රීය, සැමියා දරුවන් ලෝකයම කරගෙන හුස්මකින් පවා ද්‍රෝහී නොවෙමින්, සතුටු වීමට මහා ලොකු දේවල් නොසොයමින්, පුංචි පැතුමයි පතන්නේ, කිසිදු ආන්තරාවක් නොවෙන්නටයි පවුලටම

ඇයත් එවැන්නියක්. " කතකලි " නර්ථන රටාවේ හපන්කම් දක්වමින්, තම සැමියා දියණිය සමගින් සරල ජීවිතයක් ගත කරනා ඇයගේ ලොකුම සිහිනය තමයි, තම විවාහය නිසා තරහ වී සිටිනා තම නැන්දම්මා තමන්ව ලේලිය ලෙසින් පිලිගෙන, ආශිර්වාදය එක්කරනා දිනය එනතෙක් බලා සිටීමයි
ඒ දිනය ආවා, නැන්දම්මා තම සැමියා සමගින් ඇය බැලීමට පැමිණියා, නමුත් ඒ දවසේ සියල්ල වෙනස් වී තිබුනා

බිරිඳක, ලේලියක ලෙසින් ඇය පණ මෙන් සුරැකි ගෞරවය සීසීකඩ විසිරී තිබුනා

" උන් තුන්දෙනා මාව පාගලා, මාව හපයක් වගේ විසිකරල දැම්ම "

" මං දිවිනසා ගන්න ගියා, ඒත් එහෙම කලොත් උන්ට දඬුවම් දෙන්නෙ කවුද ? "

" පොලීසි ගිහින්, ලෝකයට පේන්න, මාධ්‍ය වලින් එනකොට ඔලුව පාත්කරගෙන ඉන්න මට බැහැ "

" මේක මම කරන්න ඕන දෙයක්, තවත් ගැහැනියකට මේ වගේ දෙයක් නොකරන්න, උන්ව මරණය කරා ගෙනියන වැඩේ කරන්නෙ මමයි "

හදවතත්, ශරීරයත් එක් පිරිමියෙක් වෙනුවෙන් පුදකරනා ඇයගේ ගෞරවය කෙලෙසූ ඔවුන්ට සමාව දී මුකුත් නොවුනා සේ පිලිගෙන ජීවත් වීමට ඇය සූදානම් නැහැ

පලිගැනීම වියරුවෙන් නොව, බුද්ධියෙන්, නිසි තැන බලමින් ඇය ප්‍රහාරය එල්ල කරන්නේ, නැවත ආපසු හැරීමක් ගැන දෙවරක් නොසිතාමයි

Vasuki Art Street Viduni Hettiarachchi

Vasuki Art Street Viduni Hettiarachchi




Post a Comment

1 Comments