ලාංකේය ඉතිහාස පුරාවෘත්තයන්ගෙන් සුපිරි වීර චරිතයක් සිනමාවට බිහි කරයි. "The Dark"

The Dark Snhala Short Film

ලාංකේය සිනමාවේ සුපිරි වීර චරිත කාණ්ඩයට එනම් Super Hero Category එකට අයත්ව චිත්‍රපටයක් නිර්මාණය වෙමින් පවතිනවා කියලා කිව්වොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමානය

        ලාංකේය ඉතිහාසගත පුරාවෘත්තයන් වල ඕනෑ තරම් විවිධ වූ චරිත අපිට දැක බලා ගන්න පුලුවන්. උදාහරණයක් ගත් කල දසමහා යෝධයන් , විවිධ යක්ෂයන් වැන්නන්. ඉතින් මේ සිනමාවට ගොඩනැගෙන්නෙ එවැනි පුරාවෘත්තයන්හි සැරිසැරූ චරිතයකි.

එනම් "කලුකුමාරයා" යන චරිතය ඇසුරෙන් නිර්මාණය වන දැවැන්ත කෙටි චිත්‍රපටයකි, 
" The Dark " නම් වූ කෙටි චිත්‍රපටය.

ලංකාවේ මෑතක සිට කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් බොහෝ සේ වෑයම් දරමින් විවිධ වූ තේමාවන් යටතෙ කෙටි චිත්‍රපට නිර්මාණය කරනවා දැකීම බොහෝ සේ අගය කල යුතු ය. ඒ අතරවාරයේ තමයි The Dark නම් වූ සුපිරි වීරයකුගේ ආගමනයක් ගැන දැන ගන්න ලැබෙන්නෙ. මෙම නිර්මාණය සදහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් ලක්ෂ 10ක් වන අතර මෙහි රූගත කිරීම් සදහා Black Magic කැමරාවක් භාවිතා කිරීම තවත් විශේෂත්වයක් වනවා. ඒ සදහා අනුග්‍රහය තරිදු බොතේජු විසින් ය. The Dark කණ්ඩායම වෙනුවෙන් සම්මානනීය චිත්‍රපට කිහිපයක කැමරා අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කරනු ලැබූ සහ, ප්‍රවීණ රංගන ශිල්පියකු වන විශ්ව බාලසූරිය ද ඔහුගේ අත්දැකීම් සහ දැනුම ලබා දී ඔවුන් දිරිමත් කර තිබීම තවත් විශේෂ කරුණකි.

The Dark Director

රූගත කිරීම් කටයුතු මාතලේ රිවස්ටන් වැනි ප්‍රදේශයන් පුරා සිදු කර ඇති අතර මෙහි ප්‍රධාන චරිත නිරූපණය සනෝජ් පෙරේරා විසින් සිදු කරනු ලබයි. එමෙන්ම The Dark තුල රංගනයෙන් නතාලි රෙබේකා, හර්ෂන අමරසිංහ, දේවින්දි තලහිටියාගල, ශානක බණ්ඩාර, Mick Leon, රනුල්‍යා සෙව්වන්දි, අරෝශ් සචින්ත යන අයත් දායක වේ.



The Dark නිර්මාණ පසුබිම ගැන විපරම් කර බැලූ විට මෙහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නෙ ක්ලිෆර්ඩ් ජයසිංහයන් ය. The Dark යනු ඔහුගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි. කැමරා අධ්‍යක්ෂනයෙන් ජපානයේ ටෝකියෝහි සිනමාව පිළිබද හැදෑරු දීඝායු දිසානායක එකතු වෙයි. මෙහි තිරපිටපත් සැකසීමේදී ශාලිකා ගුරුගේ ද, තිර රචනයෙන් සහන් සහ චාමික යන අයත්, ආලෝකකරනය සහ ශබ්ධ පටිගත කිරීම් මනූෂ ලක්ෂාන් විසින්ද, සහය අධ්‍යක්ෂනය සදහා දේවින්දි තලහිටියාගලත් එකතු වී තිබෙනවා.

සංස්කරණ කටයුතු ඉරේශ් උදයංගත්, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග සහ ත්‍රිමාන සජීවිකරණ සැකසුම් ශිල්පියා ලෙස පිනිදු මෙලන් එකතු වී තිබෙනවා. මෙහි නිෂ්පාදනය ක්ලිෆර්ඩ් ජයසිංහයන් ඇතුලු කණ්ඩායම වේ.



The Dark නම් වූ සුපිරි වීර කෙටි සිනමාපටයේ කතාව ගැන තවම රහසක් වන අතර එහි Title Announcement Trailer එකක් මේ වන විට යූටුයුබ් අවකාශය වෙත මුදා හැර ඇති අතර එමගින් ප්‍රේක්ෂකයන්ගෙ බලාපොරොත්තු තවත් ඉහල නංවනු ලබයි.

The Dark සිනමාපට කණ්ඩායමට සාර්ථක නිර්මාණයක් එලිදැක්වීමට සුභ පැතුම් එකතු කරන අතරම ලාංකේය සිනමාලෝලීන් හට ආරාධනා කරනවා එහි Title Announcement Trailer එක නරඹා ඔබේ අදහස් පළකරන ලෙසට.


Trailer Link

Sanoj perera

Ranulya Sewwandi

Harshana Amarasinghe

Nathali Rebecca

Mick leon

Arosha Sachinthana

Manush Lakshan

Devindi Kanchana
 
Shanaka Bandara












ලිපි සැකසුම ART STREET වෙනුවෙන්
ලක්ෂාන් පෙරේරා



Post a Comment

1 Comments