මොහොමඩ් මිෂාල් පෙරේරා සමඟ
Art Street
අපි
ඔබ ගැන කෙටියෙන් හැඳින්වීමක් කලොත් ?
Answer
Answer
මම මොහොමඩ් මිෂාල් පෙරේරා. මම මේ ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න කලින් සංචාරක සහ හෝටල් ක්ෂේත්රයේ වෘත්තිකයෙක්. දැන් නම් ඉතින් නළුවෙක්, සහය අධ්‍යක්ෂකවරයක්, නිෂ්පාදන සැලසුම් සහ චිත්‍රපට සම්බන්ධිකරණ නිළධාරියෙක් කියලා කියන්න පුළුවන් කියලා හිතෙනවා.
Question
මේ දවස්වල මොකද කරන්නේ ?
Answer
නැවත මේ කොවිඩ් වසංගත තත්ත්වය සහ සංචරණය සීමා නිසා ගෙදරටම වෙලා ඉන්න වෙලා. ඒ වුණාට මායි චන්ද්‍රාහසන් අයියා එකතු වෙලා "Suspense, Thriller" ශානරයේ චිත්‍රපටයක් සඳහා තිර පිටපතක් ලියමින් ඉන්නේ. ඒ වගේම තමයි අපි දෙන්නා තව තිර පිටපත් දෙකක් විතර ඉවර කරගත්තා. අර කලින් මං කියපු "Suspense Thriller" ශානරයේ චිත්‍රපටයේ Title look poster එක හෙට අනිද්දට නිකුත් කරනවා. අපි සංචරණ සීමා ඉවත් කළ පසු ඒ චිත්‍රපටයේ වැඩ කටයුතු ඉක්මනට පටන් ගන්නයි ඉන්නේ.
Question
නුදුරේදී රූගත කිරීම් ඇරඹෙන "Case No 447" සමඟ ඔබ සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ගැනත් සඳහන් කළොත්?
Answer
ඇත්තටම දැන් මේ project එක පටන් අරගෙන අවුරුද්දකට කිට්ටු වෙන්න යනවා. "කේස් නම්බර් 447" නොහොත් "නඩු අංක 447" ට මුලින්ම අත ගහන්නෙ කැලුම්, චන්ද්‍රහසන් සහ මම. ඒකෙ Title poster, First look poster, Onboard poster, Teaser eka, එක හැම දෙයක්ම ලස්සනටම අපි ප්ලෑන් කරා. නමුත් රූගත කිරීම් පටන් ගන්න හදද්දිම යම් හෝ බාධාවක් පැමිණෙනවා. සංචාරන සීමා ඉවත් කළ පසු බලමු මොනාද වෙන්නේ කියලා.
Question
බොහෝ සිනමා ප්‍රේක්ෂකයින් හට වත්මන් ලාංකීය සිනමාව ගැන පැහැදීමක් නැහැ. ඔබ ප්‍රේක්ෂකයෙක් ලෙස ඔබට ලාංකීය සිනමාවේ වත්මන් තත්වය ගැන හිතට දැනෙන අවංක හැඟීම මොන වගේද?
Answer
මට හිතෙන විදියට, South Indian films වල impact මෙහෙට බලපාල තියෙන්නේ. අනෙක් කාරණාව තමයි නිර්මාණකරුවන් රැල්ලට නිර්මාණ කරපු එක, සමහරු දාර කොපි කරා remake කියලා, ඒ දේවල් ප්‍රේක්ෂකයන් පිළිගත්තු නැති එක. කොපි කරාට කමක් නෑ ඒක කරන විදිහක් තියෙනවා . ප්‍රවේගය, ධර්ම යුද්ධය, යූ-ටර්න් , මායා වැනි නිර්මාණ නියම උදාහරණ ඒවට. අනික මං හිතන්නේ සම්මානවලට ෆිල්ම් හදන්න නැතුව ප්‍රේක්ෂකයන්ට චිත්‍රපට හදනවා නම්, ප්‍රේක්ෂකයන් අනිවාර්යෙන් සිනමා ශාලා වලට ඒවි, චිත්‍රපට Hit වේවි. නියම බයිස්කොප් Entertainment ෆිල්ම් නැති අඩුව තමයි මම නම් දකින්නේ. අනිත් ලොකුම කාරණාව තමයි සමාජ මාධ්‍ය. මේ මගේ මතය පමණයි.
Question
ලාංකීය සිනමාවේ ඔබ එතෙක් මෙතෙක් නැරඹු කැමතිම සිනමාපට 5 ක් සදහන් කලොත්?
Answer
ධර්ම යුද්ධය, මචං , මිල්ල සොයා , යකඩ පිහාටු , හෝ ගාන පොකුන
Question
ලාංකීය සිනමාවේ දැන් නියෝජනය කරන තරුණ රංගන ශිල්පින් ශිල්පිණියන් ගේ දක්ෂතා ගැන ඔබ සැහීමකට පත් වෙනවාද?
Answer
දක්ෂයො ඉන්නවා, නැතුවමත් නොවෙයි. ගොඩක් හැංගිච්ච දක්ෂතා තියෙන ළමයි ඉන්නවා ලංකාවේ. ඒගොල්ලො හරි අධ්‍යක්ෂවරයෙකු ට හම්බුනා නම් එගොල්ලන්ගේ Talents හොඳට එළියට ගනී. දැන් බලන්න දර්ශන් ධර්මරාජ් ඕන චරිතයක් කරන්න පුළුවන් නේ. කමල් අද්දරාරච්චි, මහේන්ද්‍ර පෙරේරා, ඒ වගේ නළුවෝ තමයි අපිට ඕන.
Question
සිනමාවට සම්බන්ධ වෙන්න සිනමාව හෝ රංගනය ගැන හැදෑරීමක් තිබීමම අත්‍යාවශ්‍යද?
Answer
මට නම් ලොකු හැදෑරීමක් නැහැ. මම මේ ක්ෂේත්රයට එන්නේ ප්‍රවීණ නළු ලාල් වීරසිංහ මහතා නිසයි. ලාල් වීරසිංහයන්ගේ " අන්ද නිමිඩම් " දකුණු ඉන්දියානු සිනමාපටයේ පොඩි චරිතයකින් තමයි එන්නේ. ඉන්පසු " අමායා " යන දමිළ Mini series එකක රංගනයෙන් දායක වුනා. ඒ හා සමග කෙටි චිත්‍රපට දෙකකින් හා Seeds යන චිත්‍රපටවල රඟපෑමෙන් එක්වී සිටිනවා. මං මේ කියන්න හදන්නේ මම කිසිම රංගන හැදෑරීමකින් තොරව තමයි මං කට්ට කාගෙන ආවේ. හොඳ අධ්යක්ෂවරුන් එක්ක වැඩකරන්න ලැබෙන එක තමයි ලොකුම හැදෑරීම. මට හිතෙනවා හැදෑරීමක් කරල එන එකත් හොඳයි කියලා, මොකද කැමරාව ඉස්සරහා තියෙන බය නැති වේවි.
Question
රංගනයේදී චරිත තෝරා ගැනීමේදී ඔබ වැඩිපුරම කැමති කුමන වර්ගයේ චරිතයක් ඔබ හට ලැබෙනවාටද?
Answer
අනිවාර්යයෙන්ම Villain තමයි. ඒත් එක්කම එකිනෙකට වෙනස් චරිත කරන්න ආසයි. විශේෂයෙන් මං හොයන්නේ කතාවේ ඉන්න නරකම පුද්ගලයාගේ චරිතය කරන්න . ඒ චරිත පොඩි වුණත් කමක් නෑ . Main Hero කරන්න නම් එච්චර ලොකු කැමැත්තක් නැහැ , අවස්ථාවක් හම්බුනොත් හිතලා බලලා කරනවා. හැබැයි මං ගොඩක් ආසයි ඇන්ටි විල්ලන් සහ ඇන්ටි හිරෝ චරිත කරන්න.
Question
ලංකීය වත්මන් සිනමාවේ කැමතිම සිනමාපට අධ්‍යක්ෂකවරයා කව්රුන්ද?
Answer
Boodi Keerthisena මහතා සහ අපි කවුරුත් බලාපොරොත්තු තියාගෙන සිටින Jeganathan Chandrahasan මහතා තමයි.
Question
covid 19 සමඟ ආදරණියන් සමඟ ගෙවන ජීවිතය සහ වෘතීමය ජීවිතය කෙබඳුද?
Answer
හැමෝටම වගේ අමාරු කාලයක ඒත් කොහොමහරි හොඳින් මගේ ආදරණීය පවුලත් එක්ක, සතුටින් ජීවත් වෙනවා මේ බාධා එක්ක.
Question
ඔබේ ආදරණීයන් වෙනුවෙන් අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන්නේ මොකක්ද?
Answer
අපේ වැඩ ගොඩක් ඉස්සරහට එන්න තියෙනවා . "Case No 447" චිත්‍රපටය මගේ , ඔයාගේ, අපේ, ප්‍රේක්ෂකයන්ගේ චිත්‍රපටයක්, ලංකාවේ අපේ චිත්‍රපටයක්.
අනෙක "Case Number 447" එකේ බලාපොරොත්තු කවුරුත් අතහරින්න එපා. අපි ඉක්මනටම ප්‍රේක්ෂකයන්ට මේක භාර දෙනවා . මොකද "Case Number 447" එක නිර්මාණය කරන්නේ ප්‍රේක්ෂකයන්ට නිසා. මේ ෆිල්ම් එක ඉන්දියන් වයිබ් එකට කෙරෙන, Commercial , Entertaining, බයිස්කොප් චිත්‍රපටයක්. ඒ නිසා ඉක්මනට අපි Case eka අරං එනවා. සමහරවිට ඊට කලින් අපේ , "DIARY" කෙටි සිනමාපටය සහ මං මුලින් කියපු "Suspense, Thriller" චිත්‍රපටය එන්න ඉඩ තියෙයි. ඒ ගැන විස්තර ඉක්මණට කියන්නම්. මට මේ ගමන යන්න ඕගොල්ලන් හැමෝගෙම ආදරය සහ සහයෝගය අනිවාර්යෙන් අවශ්‍යයි.
Q & A සමඟ අපිත් එක්ක එකතු වූ මොහොමඩ් මිෂාල් පෙරේරා, ඔබට ස්තුතිය පුදකරන ගමන්ම ලාංකීය සිනමාවේ දිගු ගමනක් යන්න ඔබට Art Street - කලා වීදිය අපි සුභ පැතුම් ගෙන එනවා.
_Giza Bee_
0 Comments