Disney මෙන්ම Pixar ඇනිමේශන් සේ හොලිවුඩ් බොලිවුඩ් ඇනිමේශන් සිනමාවකට සමාන..., තවත් අලුත් ලාංකේය ඇනිමේශන් සිනමාපටයකි "INVASION" ලාංකේය ප්‍රථම Horror Mini Series එක වූ Last Message Series එක නිර්මාණය කලා වූ,
Tokka Cinema කණ්ඩායමත්, සහ Tixstudio Animation නාමයත් එකතු වී නිර්මාණය වන්නා වූ සම්පූර්ණ පරිඝණක මෘදුකාංග ඇසුරෙන් නිමවන සජීවීකරණ චිත්‍රපටයක් ලෙස " Invasion " සිනමාපට හදුන්වා දීමට පුලුවන.
සිනමාපටයේ තොරතුරු පිළිබද ගවේශනයේදී මෙම කතාපුවත විද්‍යා ප්‍රබන්ධයක් වන අතර, එහි රචනය සහ අධ්‍යක්ෂණය ලක්ෂාන් පෙරේරා විසින් සිදු කරනු ලබයි. එමෙන්ම සජීවීකරණ සිනමාපටයක් නිසාම මෙහි මෘදුකාංග තාක්ෂණික ශිල්පී ලෙස කටයුතු කරනු ලබන්නෙ ලුක්ෂාන් කවිඳු යන අයයි. සිනමා නිර්මාණයෙ කණ්ඩායම් සාමාජිකයින් ලෙස මනුරංග කරුණාරත්න අයත්, අභී සේනාධීර යන අයද කටයුතු කරනු ලබයි.
පහුගිය මාර්තු මාසයේ දී වැඩකටයුතු ආරම්භ කල මෙම සිනමාපටයේ මේ වන විට පළමු පූර්ව ප්රචාරක පටය අන්තර්ජාලයට එකතු කර ඇති අතරම එහි තව දෙවන ප්රචාරක පටයක් නිකුත් වීමක් සිදුවන බවත් අධ්‍යක්ෂකවරයා විසින් පවසා තිබෙනවා.
මෙම පූර්වප්රචාරක පටය නැරඹීමේදී, ලාංකේය සිනමාව ඇද වැටෙමින් තිබෙන මොහොතක එහි උන්නතිය උදෙසා මෙවැනි වූ නව තාක්ෂණික ලෝකයේ ඇනිමේශන් සිනමා නිර්මාණ බිහි වීම, බිහි කිරීමට උත්සහ දැරීම ඇත්තෙන්ම අප සතුටු විය යුතු කාරනාවකි.
සිනමා නිර්මාණයේ කතා වස්තුව පිළිබද පූර්වප්රචාරක පටය ඔස්සෙ දැක ගත හැකි වන්නෙ හමුදා සෙබලකුගේ කතාපුවතක් ලෙසටයි. මෙහි දැක්වෙන අයුරින් ලංකාවේ ඇතැම් ස්ථානයන් අනාගතයේ තිබෙන අයුරින් පරිකල්පනයකින් නිර්මාණය කර ඇති බවක් පෙනෙන්නට තිබේ. උදාහරනයක් ලෙස කොළඹ Port City නගරය බවට සදහන් වූ නගරයක ස්වරූපයක් ප්රචාරක පටයෙන් අපට දැකබලාගත හැකිවේ. එමෙන්ම මෙය ක්‍රියාදාම සපිරුණු සිනමා නිර්මාණයක් බවට ද අපට දැකබලා ගත හැකිය. ඒ මෙහි ඇති ඇතැම් දර්ශන තල නිසාවෙන්.
එමෙන්ම ප්රචාරක පටයේ අවසානයේ වෙනයම් ග්‍රහලෝක වස්තූන් එහා මෙහා යාමක දර්ශනයක් සහ හමුදා සෙබලකුගේ සහ සිතාගත නොහැකි වීදුරු කැබැලි මෙන් දිස්වන්නාවූ යම් දෙයක් සමග සිදුවන සටනක දර්ශන හේතුවෙන් මේ සිනමා පටය විශේෂ විද්‍යා ප්‍රබන්ධයක් යැයි අපට නිගමනය කල හැකිය.
යම් පිංතූරයක් දෙස බලා සිටින්නාක් සේ ආරම්භ වන්නා වූ ප්රචාරක පටය අවසන් වන්නෙ අමුතු කෑ ගැසීමක් වැනි ශබ්දයක් අප සවන් තුල රදවමින්ය.
ලාංකේය සිනමාවට අලුත් බවක් එකතු කරන මේ Invasion සිනමාපටය 2022 දී එළි දක්වන බවට දැනට වාර්තා වේ.
නමුත් මේ සිනමාපටය ලාංකේය සිනමා ශාලාතුල අපට නැරඹීමට අවස්ථාවක් ලැබේද ?
නැතිනම් වෙනයම් නැරඹුම් ප්‍රේක්ෂකාගාරයක් තුළ මෙය ප්‍රදර්ශනය වේවිද යන්න මෙන්ම මින් පෙර Tokka Cinema කණ්ඩායමේ කෙටි චිත්‍රපට යූටුයුබ් ඔස්සෙ විකාශනය වූ නිසාත් මෙම ඇනිමේශන් සිනමා නිර්මාණය යූටුයුබ් ඔස්සෙ අපට නැරඹීමට අවස්ථාවක් ලැබේද යන්න තවමත් රහසකි. 😐 කෙසේ වෙතත් මෙවැනි නව නිර්මාණයන් තව තවත් ලාංකේය සිනමාවේ උන්නතිය වෙනුවෙන් නිර්මාණය වනු දැකීම අපගෙ ආශාවයි.
කෙසෙ හෝ ගජමෑන් සිනමාපටයත්... Invasion නම් වූ මේ සිනමාපටයත් නුදුරේදීම ප්‍රේක්ෂක අපට නැරඹීමට අවස්ථාව උදාවේවා කියා අප ප්‍රාර්ථනා කරමු.
Invasion ඇනිමේශන් සිනමා පටයේ පූර්වප්රචාරක පටය නරඹන්න.
නව නිර්මාණකරුවන් වූ ඔවුන්ට සහය වීම පිණිස මෙය Share කොට ඔවුන් දිරිමත් කරමු.
Art Street
giza bee
1 Comments
❤️❤️
ReplyDelete